Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මැලේසියාවේ කුවාලාලාම්පූර් නුවරදී රටවල් 6 ක සහභාගීත්වයෙන් පැවැති ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ සිවුවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
තරගාවලියේ මූලික වටයේ පළමු තරග දෙකේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 6 ක ජයක්ද, මැලේසියාවට එරෙහිව ලකුණු 90 ක ජයක්ද වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, තෙවැනි සහ සිවුවැනි තරගවලදී පාකිස්තානය හමුවේ ලකුණු 23 කින්ද, ඉන්දියාව හමුවේ කඩුලු 7 කින්ද, පරාජයට පත් වූහ.
මූලික වටයේදී මුහුණදුන් අවසන් තරගයේදීද අත්දැකීම් අඩු තායිලන්ත කණ්ඩායම හමුවේ කඩුලු 4 ක බලාපොරොත්තු නොවූ පරජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය. එම තරගයේ අවසන් පන්දුවේදී ශ්‍රී ලංකාව පරාජය කළ තායිලන්ත ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්වීමට තිබූ අවසන්ථාවද අහිමි කළහ.
තරගාවලියේ වැඩිම ලකුණු ලාභිණියන් අතර සිවුවැනි ස්ථානය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණි යශෝධා මෙන්ඩිස් සමත් වූ අතර තරග 5 කදී ඇය රැස්කළ ලකුණු සංඛ්‍යාව 130 කි. හසිනි පෙරේරා එම ලැයිස්තුවේ 7 වැනි ස්ථානයට පත්වූයේ තරග 5 කදී ලකුණු 96 ක් රැස්කරමිනි.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ නිලක්ෂි ද සිල්වා කඩුලු 7 ක්ද, සුගන්දිකා කුමාරි කඩුලු 6 ක්ද බැගින් දවාගනිමින් පිළිවෙලින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභිණියන් අතර සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත් වූහ.
තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියාව සහ බංග්ලාදේශය සමත් වූ අතර එම තරගය අද (10 වැනිදා) කුවාලාලාම්පූර් නුවර කින්රාරා විද්‍යායතන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.