Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා ක්‍රිකට් කෝටි 206 ඉල්ලාගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කෝටි 206 ඉල්ලාගනී

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උසස් නිලධාරීන් සමග සාර්ථකව සාකච්ඡා කිරීමෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය විසින් රඳවාගනු ලැබ තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 11.5 ක (රුපියල් බිලියන 2.068 ක් හෙවත් රුපියල් කෝටි 206.8 ක්) ලබාගැනීමට සමත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ නිලධාරී කණ්ඩායම සෙනසුරාදා සහ ඉරිදා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිලධාරීන් සමග සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදයක් හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙම මුදල් රඳවාගනු ලැබ තිබිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාව දිගින් දිගටම දැනුම් දුන් නමුත් පසුගිය වසර මැදදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නිසි බලධාරියකු පත්කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙසින් ශ්‍රී ලංකාවට ගෙවිය යුතු මුදල් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් රඳවා ගන්නා ලදි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෑතකදී කියා සිටියේ ලෝකයේ වඩාත්ම දූෂිත ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බවයි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව සමග පැවැති සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, උප සභාපති රවීන් වික්‍රමරත්න මෙන්ම හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාද ඩුබායි බලා ගියහ.

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් කෝටි 206 ඉල්ලාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.