Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (17 වැනිදා) පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම හමුවේ ලකුණු 83 ක පරාජයක් ලැබීම නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවසන් අවස්ථාවත් අහිමි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 17.4 අවසානයේ ලකුණු 104 කට සීමා කිරීමට හේලි මැතිව්ස් ප්‍රමුඛ කොදෙව් ක්‍රීඩිකාවෝ සමත් වූහ. එහිදී ශ්‍රී ලංකා පිතිකාරිණියන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් පෙර පිටියෙන් ඉවත්ව ගිය අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ නායිකා චමරි අතපත්තු පන්දු 35 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 44 ක් රැස්කළාය.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ හේලි මැතිව්ස් ඕවර 3 යවමින් ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගත්තාය. ශ්‍රී ලංකා ඉනිමේ 13 වැනි ඕවරයේදී පිට පිටම යැවූ පන්දු 2 කදී නිලක්ෂි ද සිල්වා (11) සහ අමා කාංචනා (0) පිටියෙන් ඉවත් කළ මැතිව්ස්, 15 වැනි ඕවරයේදී ඕෂදී රණසිංහ (1) දවාගත්තේද පෙර අවස්ථා දෙකේදී මෙන්ම කඩුලු රකින ක්‍රීඩිකා කසියා නයිට්ගේ සහාය ඇතිවය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කාන්තා කණ්ඩායම ඕවර 20 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 187 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ නායිකා ස්ටෙෆ්නි ටේලර් පන්දු 25 කදී ලකුණු 41 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.
ආරම්භක පිතිකාරිණියන් වන හේලි මැතිව්ස් (62) සහ ඩීන්ඩ්‍රා ඩොටීන් (49) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 58 කදී ලකුණු 94 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන්හ. පන්දු 36 කදී වාර්තා වූ මැතිව්ස්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර පන්දු 35 කදී වාර්තා වූ ඩොටීන්ගේ ඉනිම හතරේ පහර 8 කින් සමන්විත විය.
මේ වනවිට තරගාවලියේ මූලික වටයේ තරග නිමාවට පත්වී ඇති අතර ‘ඒ’ කාණ්ඩයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තයද, ‘බී’ කාණ්ඩයෙන් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිති.
කොදෙව් කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 187
(හේලි මැතිව්ස් 62, ඩීන්ඩ්‍රා ඩොටීන් 49, ස්ටෙෆ්නි ටේලර් 41, නටාෂා මැක්ලීන් 17)
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 17.4 කදී සියලු දෙනා දැවී 104
(චමරි අතපත්තු 44, නිලක්ෂි ද සිල්වා 11, හේලි මැතිව්ස් 16/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.