Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා කාන්තා පිල තෙවැනි තරගයත් පරාජය වෙයි

ශ්‍රී ලංකා කාන්තා පිල තෙවැනි තරගයත් පරාජය වෙයි

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෙහෙයවන 11 වැනි ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සහ එංගලන්ත කාන්තා පිල අතර ටවුන්ටන්හිදී අද (02) පැවැති තරගයෙන් එංගලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 7 ක පහසු ජයක් ලැබූහ.

ශ්‍රී ලංකා පිල මෙම පරාජයත් සමඟ සහභාගි වූ තරග තුනම පරාජය පත්විය.  

එංගලන්ත පිල ලකුණු 205 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 30.2. කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
නායිකා හීතර් නයිට් (82) සහ සාරා ටේලර් (නොදැවී 74) තෙවැනි කඩුල්ලට ලකුණු 148 ක වේගවත් සම්බන්ධතාවක් පවත්මින් ජයග්‍රහණය පහසු කළහ.

ශ්‍රී ලංකා අංක 9 පිතිකාරී අමා කාංචනා ශ්‍රී ලංකා පිල ලකුණු 204 ක් දක්වා රැගෙන එමින් පන්දු 39 කදී නොදැවී ලකුණු 34 ක් රැස් කළාය. එයට හතරේ පහර 2 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

කාංචනා, ශ්‍රී ලංකා පිලේ එකම සාර්ථක පන්දු යවන්නිය බවට පත්වෙමින් ලකුණු 38 කට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වූවාය.

ශෂිකලා සිරිවර්ධන (33) සහ ඩිලානි මනෝදර (28) සිව්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 38 ක සම්බන්ධතාවයෙන් මැඳ පෙළ කඩා වැටීම වැලකුණි.  
 
යොවුන් පිතිකාරී හසිනි පෙරේරා ශ්‍රී ලංකා ඉනිම වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වෙමින් පන්දු 63 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 46 ක් රැස්කිරීමට සමත් වූවාය.

ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තාගත ලකුණු 178 ක් රැස්කළ චමරි අතපත්තු මෙම තරගයේදී පන්දු තුනකදී ලකුණක් පමණක් ලබා දැවී ගියාය.

ආරම්භක පිතිකාරියන් වූ හසිනි පෙරේරා (46) සහ නිපුනි හංසිකා (17) ලකුණු 44 ක සම්බන්ධතාවක් පවත්වමින් තරමක සාර්ථක ආරම්භයක් ගෙන දුන්හ.  

 ශ්‍රී ලංකා පිලේ නායිකා ඉනෝකා රණවීර කාසියේ වාසිය ලබා පළමුව ලකුණු රැස්කිරීම තෝරා ගත්තාය. ශ්‍රී ලංකා පිල සහභාගි වන සිවුවැනි තරගය ඉන්දියාවට එරෙහිව 05 වැනිදා ඩාබිහිදී පැවැත්වේ.

 

ලකුණු පුවරුව

ශ්‍රී ලංකා කාන්තා පිල
නිපුනි හංසිකා - ඇ. විල්සන් ප. ස්සිවර්     17
හසිනි පෙරේරා - ඇ. ටේලර් ප. මාෂ්    46
චමරි අතපත්තු - ඇ. ටේලර් ප. ස්සිවර්    1
ශෂිකලා සිරිවර්ධන - ප. මාෂ්    33
ඩිලානි මනෝදර - ඇ. විල්සන් ප. නයිට්     28
හර්ෂිතා මාධවී - ඇ. ටේලර් ප. මාෂ්    1
ඕෂදී රණසිංහ ඇ. විල්සන් ප. හසල්     26
ඒෂානි ලොකුසූරිය - ඇ. විල්ෆීල්ඞ් ප. මාෂ්     3
අමා කාංචනා - නොදැවී     34
ශ්‍රීපාලි වීරක්කොඩි - නොදැවී     5
අතිරේක    10
එකතුව ඕවර 50 යේදී කඩුලු 9 ක් දැවී     204

පන්දුවට පහර නොදුන් පිතිකාරිය:
ඉනෝකා රණවීර

කඩුලු වැටීම:
1-44(හංසිකා), 2-51(අතපත්තු), 3-84(හසිනි), 4-118(ශෂිකලා), 5-130(මාධවී), 6-130(මනෝදර), 7-145(ලොකුසූරිය), 8-190(ඕෂදී)

පන්දු යැවීම:
කැතරින් බ්‍රන්ට් : 10-3-25-0, අන්යා ෂ්රුබ්සෝල: 8-1-50-0, නතාලි ස්සිවර්: 8-0-32-2, ඩැනිලි හසල්: 8-0-31-1, ලෝරා මාෂ්: 10-0-45-4, හීතර් නයිට්: 6-0-19-1


එංගලන්ත කාන්තා පිල

ලයුරින් වින්ෆීල්ඞ් - ඇ. ඕෂදී ප. කාංචනා    26
තම්මි බියුමන්ට් - ක. මූ. කළා ප. කාංචනා     12
සාරා ටේලර් - නොදැවී    74
හීතර් නයිට් - ඇ. මාධවී ප. අතපත්තු    82
නතාලි ස්සිවර් - නොදැවී     0
අතිරේක    12
එකතුව ඕවර 30.2 කදී කඩුලු 3 ක් දැවී     206

පන්දුවට පහර නොදුන් පිතිකාරියෝ:  
ඩනිලි වේට්, කැතරින් බ්‍රන්ට්, ෆාන් විල්සන්, අන්යා ෂ්රුබ්සෝලි, ඩැනිලි හසල්, ලෝරා මාෂ්

කඩුලු වැටීම:
1-33(බියුමන්ට්), 2-50(වින්ෆීල්ඞ්), 3-198(නයිට්)

පන්දු යැවීම:
ශ්‍රීපාලි විරක්කොඩි: 3-0-20-0, අමා කාංචනා: 6-0-38-2, ඕෂදී රණසිංහ: 5-0-24-0, ඉනෝකා රණවීර: 4-0-23-0, ඒෂානි ලොකුසූරිය: 4-0-28-0, ශෂිකලා සිරිවර්ධන: 2.2-0-21-0, චමරි අතපත්තු: 4-0-36-1, හර්ෂිතා මාධවී: 2-0-14-0


- 048


අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තා පිල තෙවැනි තරගයත් පරාජය වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.