Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට එරෙහිව කටුනායන මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු නිළ නොවන ටෙස්ට් තරගය කඩුලු 4 කින් ජයගැනිමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම අද (29 වැනිදා) සමත්විය. මේ අනුව නිල නොවන ටෙස්ට් තරග 2 කින් සමත්විත තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 310 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම කඩුලු 6 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
තෙවැනි දිනට ඊයේ (28 වැනිදා) තරගය අවසන් කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 157 ක් රැස්කර සිටි ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම කඩුලු 7 ක් අතැතිව තවත් ලකුණු 153 ක් පසුපසින් සිටියේය.
කෞෂාල් සිල්වා ලකුණු 86 ක් සහ සම්පු අශාන් ලකුණු 24 ක් රැස්කරමින් ඊයේ තරගය අවසන් කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 17 ක් එක්වන විටදී අද දින පළමු කඩුල්ල ලෙස කෞෂාල් සිල්වා ලකුණු 91 කට දැවී ගියේය. පන්දු 166 කට මුහුණදුන් කෞෂාල් සිල්වාගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත් විය. කෞෂාල් සිල්වා සමගින් අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් සම්මු අශාන් අර්ධ ශතකයට ලකුණක් මෙපිටින් දැවී යනවිට කඩුලු 5 කට ලකුණු 200 ක් ලෙස ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්විය. පන්දු 94 කට මුහුණදුන් සම්මු අශාන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.
හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 67 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගූ කමිඳු මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ. අර්ධ ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ කමිඳු මෙන්ඩිස් පන්දු 94 කදී හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 67 ක් රැස්කළ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් චාමික කරුණාරත්න පන්දු 43 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 32 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.