Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම එක්දින තරගාවලිය ජයගනී

ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම එක්දින තරගාවලිය ජයගනී

රොෂාන් ගුණරත්න - 2018 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල සහ සංචාරක දකුණු අප්‍රිකානු නැඟීඑන ක්‍රිකට් පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (14) පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 2 ක ජයක් ලැබූහ. 
 
මෙම ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකා නැඟීඑන පිල 3-0 ලෙසින් තරගාවලියේ ජය ලැබීය.  
 
ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 224 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 48.5 කදී කඩුලු 8 ක් දැවී සම්පූර්ණ කළහ. සධීර සමරවික්‍රම ඉහළතම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 106 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 68 ක් රැස්කළේය. 
 
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දහනව හැවිරිදි ජෙහාන් ඩැනියල් පන්දු 61 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 50 ක් රැස්කිරීමට සමත් විය. සදීර සහ ජෙහාන් පස්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 74 ක සම්බන්ධතාව ජයග්‍රහණයට පදනම බවට පත්විය.
 
 දඹුල්ලේදී පැවැති දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා නැඟීඑන පිල නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන දිමුත් කරුණාරත්න සහ අසේල ගුණරත්න මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර චරිත් අසලංක මෙම තරගයේදී නායකයා ලෙස කටයුතු කළේය.
 
පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු නැඟීඑන පිල වෙනුවෙන් ඊතාන් බොස්ච් පන්දු 54 කින් ලකුණු 48 ක් රැස් කළේය.
 
වමතින් දඟ පන්දු යවන අමිල අපෝන්සු හොඳ පාලනයකින් යුතුව පන්දු යවමින් ඕවර 10 යේදී ලකුණු 33 කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය.  
 
දකුණතින් පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 54 කට කඩුලු තුනක් දවාගත්තේය.  
 
ලකුණු පුවරුව
දකුණු අප්‍රිකනු නැඟීඑන පිල 
රයන් රිකල්ටන් -- ඇ. අපෝන්සු ප. මධුසංඛ 12 
මැතිව් බි්‍රටිෂ්කි - ක. මූ. කළා ප. වැන්ඩසේ 42
කාගිසෝ රපුලානා - ඇ. අසිත ප. කරුණාරත්න 13
ෂෙපෑන්ග් දිතෝලි - ඇ. අසලංක ප. අපෝන්සු
ටෝනි ඩී සෝසි - දුවද්දී දැවී ගියා 48
ජෙවෙෂාන් පිල්ලෙයි - ස්ටම්ප් සදීර ප. වැන්ඩසේ 0
ඊතාන් බොස්ච් - ඇ. ඩැනියල් ප. අපෝන්සු 48 
මන්ගාලිසෝ න්ලිබිලා - ඇ. ඩැනියල් ප. වැන්ඩසේ 11
ග්‍රෙගරි මලොක්වානා - ඇ. සදීර ප. මෙන්ඩිස් 15
කෙර්වින් මුන්රෝ - නොදැවී 12
නන්ද්‍රි බර්ගර් - ප. අසිත 2
අතිරේක 16
එකතුව ඕවර 42.3 කදී සියලු දෙනා දැවී 223
කඩුලු වැටීම:
1--24(රිකල්ටන්), 2--60(රපුලානා), 3--66(දිතෝලි), 4--85(බි්‍රටිෂ්කි), 5-85(පිල්ලෙයි), 6--177(බොස්ච්), 7--179(සෝසි), 8--194(න්ලිබිලා), 9-204(මලොක්වානා), 10--223(බර්ගර්)
පන්දු යැවීම:
ෂෙහාන් මධුසංඛ: 6-0-26-1, අසිත ප්‍රනාන්දු: 5.3-1-27-1, අමිල අපෝන්සු: 10-0-33-2, චාමික කරුණාරත්න: 5-0-23-1, කමිඳු මෙන්ඩිස්: 7-0-49-1, ජෙෆ්රි වැන්ඩසේ: 9-1-54-3    
ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල 
සදීර සමරවික්‍රම - ක. මූ. කළා ප. මලොක්වානා 68
ඔෂද ප්‍රනාන්දු - ඇ. බි්‍රටිෂ්කි ප. මුන්රෝ 8
චරිත් අසලංක - ඇ. සහ ප. බර්ගර් 33
කමිඳු මෙන්ඩිස් - ඇ. න්ලිබිලා ප. බර්ගර් 4
සම්මු අෂාන් - දුවද්දී දැවී ගියා 3
ජෙහාන් ඩැනියල් - ඇ. බොස්ච් ප. මලොක්වානා 50
ෂෙහාන් මධුසංඛ - දුවද්දී දැවී ගියා 0
චාමික කරුණාරත්න - නොදැවී 11
ජෙෆ්රි වැන්ඩසේ - ප. බර්ගර් 3
අමිල අපෝන්සු - නොදැවී 19
අතිරේක 28
එකතුව ඕවර 48.5 කදී කඩුලු 8 ක් දැවී 227
පන්දුවට පහර නොදුන් පිතිකරු:
අසිත ප්‍රනාන්දු
කඩුලු වැටීම:
1-32(ඕෂද), 2-93(අසංලක), 3-103(මෙන්ඩිස්), 4-109(සම්මු), 5-183(සදීර), 6-183(මධුසංඛ), 7-193(ඩැනියල්), 8-198(වැන්ඩසේ)
පන්දු යැවීම: 
ග්‍රෙගරි මලොක්වානා: 10-0-49-2, මන්ගාලිසෝ න්ලිබිලා: 10-0-35-0, කෙර්වින් මුන්රෝ: 8.5-0-46-1, නන්ද්‍රි බර්ගර්: 10-0-33-3, ඊතාන් බොස්ච්: 5-0-32-0, කාගිසෝ රපුලානා: 5-0-23-0

අදහස් (0)

ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම එක්දින තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.