Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති දෙවැනි නිළනොවන එක්දින තරගය කඩුලු 5 කින් ජයගැනීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සමත්විය. තවත් එක් තරගයක් තිබියදීම තරග 3 කින් සමන්විත නිළනොවන එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 268 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම ඕවර 49.1 කදී කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.
පළමු තරගයේදී ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ සධීර සමරවික්‍රම (25) සහ දිමුත් කරුණාරත්න (12) ලකුණු ලබාගනිමින් පිටියේ ස්ථාවර වීමට ප්‍රථම පිටියෙන් ඉවත් කිරීමට දකුණු අප්‍රිකානූ වේගපන්දු යවන්නෝ සමත්වූහ.
ලකුණු 40 කට කඩුලු 2 ක් අහිමිවූ ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම් ඉනිම නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකා වසය 19 පහළ කණ්ඩායමේ හිටපු නායකයින් දෙපලක් වන චරිත් අසලංක සහ කමිඳු මෙන්ඩිස් සමත්වූහ. තෙවැනි කඩුල්ල සඳහා පන්දු 105 කදී ලකුණු 94 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට අසලංක සහ කමිඳු මෙන්ඩිස් සමත්වූ අතර තෙවැනි කඩුල්ල ලෙස කමිඳු මෙන්ඩිස් දැවීයාමත් සමගින් එම සම්බන්ධතාවයට තිත තැබුණි.
පන්දු 61 කට මුහුණදී සිටියදී කගිසෝ රපුලානාගේ පන්දුවක් හමුවේ ඊතන් බොස්ච් අතට ලබාදුන් උඩපන්දුව රැකගැනීමත් සමගින් කමිඳු මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 54 කට සීමාවිය. කලබලයකින් තොරව ලකුණු රැස්කිරීමක නිරතවූ මෙන්ඩිස් දැවීයනවිට හතරේ පහර 7 ක් සිය ඉනිමට එක්කරගෙන සිටියේය.
සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් අසේල ගුණරත්න සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 88 කදී ලකුණු 81 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට චරිත් අසංලක සමත්විය. නැන්ඩි්‍ර බර්ගර්ගේ පන්දුවක් හමුවේ ලුතෝ සිපම්ලා අතට උඩපන්දුවක් දෙමින් ජයග්‍රහණය දෙසට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම රැගෙන ගිය චරිත් අසලංක ලකුණු 69 කට දැවී ගියේය. පන්දු 87 කට මුහුණදුන් අසලංකගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් විය.
ජයග්‍රහණය ඉක්මන් කිරීමට යෑමේදී ලුතෝ සිපම්ලාගේ පන්දුවක් හමුවේ ඊතන් බොස්ච් අතට දුන් උඩපන්දු රැකගැනීම හේතුවෙන් අසේල ගුණරත්නගේ ඉනිම ලකුණු 57 කට සීමාකිරීමට සිදුවිය. පන්දු 64 කදී හතරේ පහර 8 ක් සිය ඉනිමට එක්කර ගැනීමට අසේල සමත්විය.
පන්දු යවන්නන් හයදෙනෙකු යොදාගනිමින් ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායමේ පිතිකරුවන් මෙල්ල කිරීමට දකුණු අප්‍රිකානු නැඟීඑන කණ්ඩායමේ නායකයා උත්සහ කළද ඉන් නිසි ප්‍රයෝජන ගැනීමට නොහැකිවිය.
මැතිව් බි්‍රට්ස්කේගේ (97) පිතිහරඹය හමුවේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම ඕවර 47.5 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 267 ක් රැස්කිරීමට සමත්විය.
සධීර සමරවික්‍රමගේ දුර්වල කඩුලු රැකීම හමුවේ අවස්ථා කිහිපයකදීම කඩුල්ල රැකගත් මැතිව් බි්‍රට්ස්කේගේ ලකුණු 97 ක් රැස්කිරීමට සමත්විය. ජෙෆ්රී වැන්ඩසේගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ මැතිව් බි්‍රට්ස්කේ දැවී යනවිට පන්දු 103 කට මුහුණදෙමින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සිය ඉනිමට එක්කර ගෙන සිටියේය.
රයන් රිකෙල්ටන් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 87 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ මැතිව් බි්‍රට්ස්කේගේ හත්වැනි කඩුල්ල සඳහා ග්‍රෙගරි මලෝක්වානා සමගින්ද එක්ව තවත් ලකුණු 81 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.
ආරම්භක පිතිකරුවන්වූ ජිවේශාන් පිල්ලේ සහ නායක ටෝනී ඩි සෝසී වේගවත් ආරම්භයක් ලබාගනිමන් දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට අවශ්‍ය අඩිතාලම දමාදුන් අතර මුල් පෙළ පිතිකරුවෝ එය ඉදිරියටම රැගෙන ගියහ. ඕවර 24 ක් අවසන් වනතෙක් ඕවරයකදී ලකුණු ලබාගැනීමේ වේගය ලකුණු 6 සීමාවෙන් එහා තබාගැනීමට දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමේ පිතිකරුවෝ සමත්වූහ.
පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලැබූ කඩුලු රකින ක්‍රීඩක රයන් රිකෙල්ටන් අර්ධ ශතකයක් ලබාගනිමින් දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමේ ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට සමත්විය. පන්දු 72 කට මුහුණදුන් රයන් රිකෙල්ටන්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් විය.
කඩුලු 2 කට ලකුණු 151 ක් රැස්කරමින් ප්‍රබල ස්ථානයක සිටි දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 175 කට කඩුලු 6 ක් ලෙස වෙනස් කිරීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ දඟ පන්දු යවන්නෝ සමත්වූහ.
මුල් පෙළ පිතිකරුවන් ලකුණු ලබාගැනීමේ වේගය ලකුණු 6 න් එපිට රඳවා ගත්තද මැදි පෙළ සහ පසුපෙළ පිතිකරුවන්ට එය දිගින් දිගට රඳවා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ලකුණු 300 සීමාව කරා යෑමට තිබූ අවස්ථාව ඔවුන්ට අහිමිව ගියහ.
පළමු තරගයේදී පන්දුව අතේ වැඳීම හේතුවෙන් පන්දු යැවීමට නොහැකිවූ අසේල ගුණරත්න අද තරගයේදී ඕවර 7.5 කදී ලකුණු 30 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය අඩාල කරමින් පන්දුයැවූ නිශාන් පිරීස් සිය ඕවර 10 ලකුණු 41 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.