සංචාරක දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම එරෙහිව කටුනායන මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු නිළ නොවන ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 310 ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තෙවැනි දිනයට ඊයේ (28 වැනිදා) තරගය නතර කරනවිට සිය දෙවැනි ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 157 ක් රැස්කිරීමට සමත්විය.
කඩුලු 7 ක් ඇතැති ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම අද දිනයේදී ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 153 ක් අවශ්‍යව ඇති අතර කෞෂාල් සිල්වා ලකුණු 86 ක් සහ සම්මු අශාන් ලකුණු 24 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
දෙවැනි දිනට තරගය නිමා කරන විට ලකුණු 210 ක් ඉදිරියෙන් සිටි දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට සිය දෙවැනි ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 109 ක් පමණි. පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද පන්දුවෙන් දස්කම් දැක්වූ මාලින්ද පුෂ්පකුමාර ලකුණු 45 කට කඩුලු 6 ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම් දෙවැනි ඉනිම සුණුවිසුනු කර දැමීය. අනෙක් අන්තයෙන් මාලින්ද පුෂ්පකුමාරට මනා සහයෝගයක් දැක්වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 46 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ලකුණු 34 ක් රැස්කළ ශෙපාන්ග් ඩිතෝලේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.
අද තරගයේ සිවුවැනි සහ අවසන් දිනයයි.
දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම - පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 394
(රයන් රිකෙල්ටන් 63, ටෝනී ඩි’සෝසි 77, කගිසෝ රපුලානා 38, මැතිව් බි්‍රට්ස්කේ 73, ශෙපාන්ග් ඩිතෝලේ 43, ඒතන් බොස්ච් 55, ජුනේඩ් fඬ්වුඩ් 31, මාලින්ද පුෂ්පකුමාර 126/6)
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම - පළමු ඉනිම - සියලු දෙනා දැවී 194
(ප්‍රභාත් නිස්සංක 16, චරිත් අසලංක 18, සම්මු අෂාන් 51, චාමික කරුණාරත්න 61, මාලින්ද පුෂ්පකුමාර 17, ජුනේඩ් fඬ්වුඩ් 23/2, ඒතන් බොස්ච් 28/2, ලුතෝ සිපම්ලා, 32/2, ඔන්කේ න්‍යාකු 41/2, නැන්ඩි්‍ර බර්ගර් 42/2)
දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම - දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 109
(ශෙපාන්ග් ඩිතෝලේ 34, මාලින්ද පුෂ්පකුමාර 45/6, කමිඳු මෙන්ඩිස් 46/3)
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම - දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 157
(කෞෂාල් සිල්වා නොදැවී 86, චරිත් අසලංක 20, සම්මු අශාන් නොදැවී 24)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.