Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක්

ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක්

Nisanka Sandeepani - 2018 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 109 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සමත් විය.  


ජයග්‍රහණය සඳහා ලකුණු 325 ක ඉලක්කයක් හඹාගිය ඕමාන් කණ්ඩායම ඕවර 50 අවසානයේ ලකුණු 215 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී උප නායක සම්මු අෂාන් සහ ෂෙහාන් මධුෂංක කඩුලු 2 බැගින් දවාගනිමින් ඕමාන් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ. 


පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 109 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඕමාන් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට ට්වින්කල් බන්ඩාරි (32) සහ ජතින්දර් සිං (36) සමත් වූහ. එහෙත් කමිඳු මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ අතිරේක ක්‍රීඩක ජෙහාන් ඩැනියෙල් අතට උඩ පන්දුවක් දෙමින් ජතින්දර් සිං දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. 


ඉන් අනතුරුව කඩුලු අතර සාර්ථක සම්බන්ධතා පැවැත්වීමට ඕමාන් පිතිකරුවෝ අසමත් වූ අතර තවත් ලකුණු 69 ක් තුළ එනම් මුලු ලකුණු සංඛ්‍යාව 143 ක් වන විට ඕමාන් කණ්ඩයමේ තවත් මුල් පෙළ පිතිකරවන් 5 දෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී කමිඳු මෙන්ඩිස්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ අකීබ් සුලේරි ලකුණු 28 කට දුවද්දී දැවී ගියේය. 


අජේ ලාල්චෙටා (34) සහ අහමඞ් බට් (26) එක්ව ඕමාන් ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගීමේ උත්සාහයක නිතර වුවද, ලාල්චෙටාගේ කඩුල්ල බිඳදැමූ අසිත ප්‍රනාන්දු එම සම්බන්ධතාව ලකුණු 48 කට සීමා කළේය. ඉනිමේ අවසන් ඕවරය යැවී සඳහා පැමිණි හසිත බෝයගොඩ එහි පළමු පන්දුවේදීම අහමඞ් බට් දවාගැනීමට සමත් විය. 


කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 324 ක් රැස්කළේ අතර එහිදී ශ්‍රී ලංකා ඉනිමේ කොඳුනාරටිය බවට පත් වූ කමිඳු මෙන්ඩිස් පන්දු 62 කදී ලකුණු 75 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගිනි. 


හසිත බෝයගොඩ (80) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 90 කදී ලකුණු 102 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මෙන්ඩිස්, ඉන් නොනැවතී සම්මු අෂාන් (නොදැවී 57) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. 


තෙවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි හසිත බෝයගොඩ ඉතා දක්ෂ ලෙස පන්දු තෝරා බේරාගෙන පන්දුවට පහරදුන් අතර බිලාල් ඛාන්ගේ පන්දුවක් හමුවේ ජතින්දර් සිං අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 94 කට මුහුණදී සිටි ඔහු හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය අලංකාර කර තිබිණ. 


ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹකය නිරත වූ සම්මු අෂාන් පන්දු 34 දී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් සිය අර්ධ ශතකය ලබාගත් අතර ඊට අවසන් ඕවරයේදී රැස්කළ ලකුණු 21 ක්ද ඇතුළත් විය. 


ශ්‍රී ලංකා කාණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් සඳුන් වීරක්කොඩි (29) සහ අවිෂ්ක ප්‍රනාන්දු (56) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 54 කදි වාර්තා වූ අවිෂ්කගේ අර්ධ ශතකය හතරේ පහර 9 කින් සමන්විත වූ අතර පන්දු 31 කදී වාර්තා වූ වීරක්කොඩිගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් විය. 


සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි නායක චරිත් අසලංක, කඩුලු අතර දිවීමේදී දණහිසේ ඇති වු ආබාධ තත්වයක් හේතුවෙන් ලකුණු 10 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව ගියේය. ඕමාන් කණ්ඩයමේ කඩුලු රකින ක්‍රීඩක ට්වින්කල් බන්ඩාරිගේ දක්ෂ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් දැවීයන විට පන්දු 10 කට මුහුණදී සිටි අසේල ගුණරත්න ලබා සිටියේ ලකුණු 3 ක් පමණි. 

 

Avishka-Fernando-(2)

අවිශ්ක ප්‍රනාන්දු

Hasitha-(L)-and-Kamidu-(R)

හසිත බෝයගොඩ සහ කමිදු මෙන්ඩිස්

Hasitha-B-(1)

හසිත බෝයගොඩ

ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙනි  

 

අදහස් (0)

ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.