Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව නේපියර්හිදී පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (9 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 160 ක් ලබා සිටියේය. මුල් ඉනිමේදී ලකුණු 210 න් නතර වූ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු 8 ක් අතැතිව නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට වඩා ලකුණු 100 ඉදිරියෙන් සිටියි.
දෙවැනි දිනය නිමාවන විට ධනංජය ද සිල්වා ලකුණු 19 ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 11 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 116 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක (83) සහ ළහිරු තිරිමාන්න (45) සමත් වූහ. එහිදී පන්දු 77 කට පමණක් මුහුණදුන් ගුණතිලක සිය වේගවත් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 12 කින් අලංකාර කළේය. තිරිමාන්නගේ ඉනිමට හතරේ පහර 6 ක් අන්තර්ගත විය.
පළමු දිනය වූ ඊයේ (8 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 67 ක් ලබා සිටි නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 203 ක් එක්කර ගත්හ. කඩුලු 8 ක් දැවී ලකුණු 270 ක් රැස්කිරීමෙන් අනතුරුව සිය ඉනිම අත්හිටවූ නවසීලන්ත ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට ආරාධනා කර සිටියහ.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ සන්දීප් පතෙල් හතරේ පහර 7 ක් සමග ලකුණු 69 ක් රැස්කරමින් නවසීලන්ත ඉනිමට නව ජවයක් එක් කළේය. මයිකල් ස්නෙඩන් (24) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක සම්බන්ධතාවක් පැවැත්වූ පතෙල්, ඉන් නොනැවතී කැටේන් ක්ලාක් (46) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවක්ද පවත්වමින් කෙමෙන් කෙමෙන් නවසීලන්ත ඉනිම ගොඩනැගීය.
නමවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි නායක පීටර් යංග්ස්බන්ඞ් (නොදැවී 31) සහ කඩුලු රකින ක්‍රීඩක මැක්ස් වූ (නොදැවී 33) එක්ව නවසීලන්ත ඉනිමේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවූහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.