Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකානු ආරාධිත කණ්ඩායමට එරෙහිව බෙනෝනිහි විලෝමෝරේ උද්‍යාන ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති පුහුණු එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 305 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 41 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය පසුකර ගියහ. පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ කමිඳු මෙන්ඩිස් (නොදැවී 26) සහ ප්‍රියමාල් පෙරේරා (නොදැවී 31) ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.
ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අවිෂ්ක ප්‍රනාන්දු (72) සහ උපුල් තරංග (45) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 127 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූහ. එහිදී පන්දු 46 කට මුහුණදුන් අවිෂ්ක හයේ පහර 3 කින් සහ හතරේ පහර 9 කින් සිය අර්ධ ශතකය අලංකාර කළේය. පන්දු 34 කදී වාර්තා වූ තරංගගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.
මුලු ලකුණු සංඛ්‍යාව 130 ක් වන විට අවිෂ්ක සහ තරංග දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට ඔකූල් චේල් සමත් විය. ඉන් අනතුරුව පිටියේ එක්වූ කුසල් මෙන්ඩිස් (47) සහ ඕෂධ ප්‍රනාන්දු (63) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 83 කදී ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.
සෙසු පිතිකරුවන්ට පන්දුවට පහරදීමේ අවස්ථාව සලසා දෙමින් පිටියෙන් ඉවත්ව යන විට පන්දු 48 කදී වාර්තා වූ ඕෂධගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් වී තිබිණ. පන්දු 45 කට මුහුණදුන් කුසල් මෙන්ඩිස්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් වර්ණවත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ආරාධිත කණ්ඩායම ඕවර 48 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 304 ක් ලබා ගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ආරම්භ පිතිකරු රේනාඞ් වැන් ටොන්ඩර් පන්දු 156 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 13 ක් සමග ලකුණු 164 ක් රැස්කළේය.
නායක මාර්කස් ආකමන් (42) සමග එක්ව පලමු කඩුල්ල වෙනුවෙන් පන්දු 99 කදී ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ටොන්ඩර්, ඉන් නොනැවතී ලීස් ඩු’පෝලි (36) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 72 කදී ලකුණු 77 ක්ද, කයිල් සයිමන්ඞ්ස් (28) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 72 ක්ද එක්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ නායක ලසිත් මාලිංග ලකුණු 35 කට කඩුලු 5 ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අසරණ කළ අතර එහිදී ඔහුට අනගි සහායක් දුන් කසුන් රාජිත ලකුණු 36 කට කඩුලු 2 ක් බිඳහෙළීය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.