Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා පිල පිටත්ව යයි

ශ්‍රී ලංකා පිල පිටත්ව යයි

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (12 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක බංග්ලාදේශට සහ සිම්බාබ්වේට එරෙහිව තරග වැදීමට නියමිතය. ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කරයි.

 

ශ්‍රී ලංකා එක්දින සංචිතය  
ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ෂෙහාන් මධුෂංක, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන් සහ වනිඳු හසරංග

 

ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහයෙනි


- 036

 


අදහස් (1)

ශ්‍රී ලංකා පිල පිටත්ව යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.