Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 370 ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 370 ක් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රොෂේන් සිල්වා (නොදැවී 85) සහ දසුන් ශානක (60) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 106 ක සම්බන්ධතාව හමුවේ ජැමෙයිකාවේ ටෙලව්නි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායමට වඩා ලකුණු 370 ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ සමත් වූහ.

දෙවැනි දිනය සඳහා ඊයේ (20 වැනිදා) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 6 ක් දැවි ලකුණු 213 ක් ලබා සිටි අතර ඒ වන විට රොෂේන් සිල්වා නොදැවී ලකුණු 85 ක්ද, වනිඳු හසරංග නොදැවී ලකුණු 7 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

මුලු ලකුණු සංඛ්‍යාව 38 ක් වන විට කඩුලු 4 ක් බිඳවැටී තිබූ ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමට නව ජවයක් එක් කළ රෙෂේන් සිල්වා, 5 වැනි කඩුල්ල සඳහා ෂෙහාන් ජයසූරිය සමග එක්ව ලකුණු 48 ක්ද, 6 වැනි කඩුල්ල සඳහා දසුන් ශානක සමග එක්ව ලකුණු 106 ක්ද එක් කරමින් කණ්ඩායමේ ලකුණු සංඛයාව ඉහළ දැමීය.

පන්දු 145 කදී වාර්තා වූ රෙෂේන් සිල්වාගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර ෂෙහාන් ජයසූරිය හතරේ පහර 3 ක් සමගින්ද, දසුන් ශානක හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින්ද ලකුණු රැස්කළහ.

පළමු දිනය වූ පෙරේදා (19 වැනිදා) තරගය නිමා වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 14 ක් ලබා සිටි කොදෙව් ‘ඒ’ කණ්ඩායමට ඊයේ දිනයේදී මාලින්ද පුෂ්පකුමාර ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ සිය පළමු ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 123 ක් පමණි.

එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ මාලින්ද පුෂ්පකුමාර ලකුණු 52 කට කඩුලු 6 ක් බිඳ හෙළමින් කොදෙව් ඉනිම සුනුවිසුණු කර දැමීය. ඒ සඳහා ඔහුට අනගි සහායක්දු ෂෙහාන් ජයසූරිය ලකුණු 8 කට කඩුලු 2 ක් දවාගත්තේය.


- 036

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 370 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.