Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉනිම ආරම්භ කරමින් අගනා අර්ධ ශතකයක් ලබාගත් කුසල් ජනිත් පෙරේරා විසින් එංගලන්ත පිලේ අවසන් කඩුල්ල දවාගැනීමේ උඩපන්දුව රැුකගැනීමත් සමගම කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 25 ක ජයක් අත්කරගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමගින් තරග 7 කින් සමන්විත එක්දින තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිල 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේය.
ලකුණු 318 ක ඉලක්කයක් කරා ගිය එංගලන්ත පිල ඕවර 47.1 ක් අවසානයේදී ලකුණු 292 කට දැවී ගියේය. එංගලන්තය වෙනුවෙන් අභීත සටනක නිරත වූ රවී බොපාරාගේ පිත්තේ වැදී අඳුරු අහස් කුස ඈතට ඇදී ගිය ශ‍්‍රී ලංකාවේ ජයග‍්‍රහණය යළි මිහිකත බලා එන ගමනේදී ඒ වෙත පැන්න කුසල් ජනිත් උඩපන්දුව සුරැකිව රැකගත්තේය.
අසීරු ඉලක්කයක් කරා ගිය එංගලන්ත පිලට අවසන් ඕවර 10 න් ලකුණු 75 ක් අවශ්‍ය විය. එහෙත් ඒ සඳහා ඔවුන් සතුව තිබූ කඩුලු ප‍්‍රමාණවත් නොවීය.
ආරම්භක පිතිකරු මොයින් අලී සිය ලකුණු 119 වෙනුවෙන් පන්දු 87 කට මුහුණ දෙමින් හතරේ පහර 11 කින් සහ දැවැන්ත හයේ පහර 5 කින් ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට සංග‍්‍රහ කළ අතර මොයින් අලීගේ පිටියෙන් ඉවත් කළ ජීවන් මෙන්ඩිස් එංගලන්ත පිලේ ජයග‍්‍රාහී ගමනට හරස් විය.
එක්දින තරග 42 කට පසුව ශ‍්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් ශතක සම්බන්ධතාවක් සම්පූර්ණ කළ කුසල් ජනිත් (59) සහ තිලකරත්න ඩිල්ෂාන් (88) දෙදෙනා එක්ව දැමූ සවිමත් අඩිතාලම මත ඉනිම ගොඩනැංවූ මැද පෙළ පිතිකරුවෝ ඕවර 50 අවසන් වන විට කඩුලූ 6 ක් දැවී ලකුණු 317 ක් ලබාගත්හ. කණ්ඩායමේ ජයග‍්‍රහණයේ පදනම දමමින් කඩුල්ලක් ද දවාගත් ඩිල්ෂාන්ගේ අති විශිෂ්ට පන්දු රැුකීමත් නිසා ඔහු තරගයේ වීරයා ලෙසින්ද නම් කෙරිණ.
ජීවන් මෙන්ඩිස් (නොදැවී 30) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 27) එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවමින් ඉනිමේ අවසන් ඕවර 10 න් ලකුණු 94 ක් උදුරා ගත්හ. පන්දු 14 කින් ලකුණු 30 ක් රැුස්කළ ජීවන් මෙන්ඩිස් ඇදහිය නොහැකි හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සිය ඉනිමට ඇතුළත් කළ අතර තිරිමාන්නගේ ලකුණු 27 ට අවශ්‍ය වූයේ පන්දු 22 ක් පමණි.
මෙම තරගයේදී පිතිකරු අධිවේගී ඕවර 5 මැනවින් හසුරුවාගත් ශ‍්‍රී ලංකා පිතිකරුවෝ 36 වැනි ඕවරයේ සිට 40 වැනි ඕවරයේ අවසානය දක්වා ලකුණු 37 ක් උදුරා ගත්තේ එකම කඩුල්ලක් පමණක් දවාගැනීමේ අවස්ථාව එංගලන්ත පන්දු යවන්නන්ට දෙමිනි.
ඉන්දියාවට එරෙහිව පැවැති තරගාවලියේදී දිගින් දිගටම අසාර්ථක වූ කුසල් අද තරගයේදී ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් කලබල නොවී සිය මුල් ලකුණු 25 ලබාගත්තේය. ඉන් අනතුරුව අලංකාර පහර කිහිපයකින් එංගලන්ත පන්දු යවන්නන්ට සංග‍්‍රහ කළ කුසල් ජනිත් ලකුණු 59 ක් ලබා සිටියදී ඉතාමත් අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවී ගියේය.
ලකුණු 2 ක් සොයා ගිය ඩිල්ෂාන් දෙවැනි ලකුණ කරා දිව ඇවිත් ආපසු හැරුණද ඒ වන විටත් නැවත පන්දු යවන්නාගේ අන්තයට දිව යමින් සිටි කුසල්ට සිය ගමන වෙනස් කිරීමට අවස්ථාවක් නොලැබිණ. පන්දු යවන්නාගේ අන්තයේ නැවතුණු කුසල් දුටුවේ තම ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරුවාත් තමන් අසළින්ම සිටියදී පිතිකරුවාගේ අන්තයේ කඩුල්ල බිඳී බේල්ස් බිම වැටෙන ආකාරයයි.
කෙසේ වෙතත් ලකුණු රැුස්කිරීමේ බර කරට ගත් ඩිල්ෂාන් හිටපු නායක මහේල ජයවර්ධන සමග එක්ව ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන ගියේය. ඩිල්ෂාන් සහ මහේල එක්ව ගොඩනැංවූ ලකුණු 76 සම්බන්ධතාව වෙනුවෙන් ඔවුන් දෙදෙනා මුහුණ දුන්නේ පන්දු 81 කට පමණි.
සිය ලකුණු 88 සඳහා පන්දු 98 කට මුහුණ දුන් ඩිල්ෂාන් අලංකාර හතරේ පහර 10 කින් එය සැරසූවේ ඇතැම් අවස්ථාවන්හිදී එංගලන්ත පන්දු රකින්නන්ගේ නළලත රැළි නංවමිනි. පිටියට පැමිණි විගසින්ම අවදානම් සහගත පහර කිහිපයක් ගැසීමට උනන්දු වූ මහේල ජයවර්ධන ලකුණු 8 ක් ඇතුළතදී කුසල් ජනිත් සහ කුමාර් සංගක්කාර දවාගැනීමෙන් පන්දු යවන්නන් අත්කරගත් ආත්ම විශ්වාසය වැඩිවේලා රඳවා ගැනීමට ඔවුන්ට අවස්ථාව නොදුන්නේය.
ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනකු පළමු කඩුල්ල වෙනුවෙන් ශතක සම්බන්ධතාවක් ගොඩනංවන ලද්දේ තරග 42 කට පසුවය. අවසන් වරට පළමු කඩුල්ල වෙනුවෙන් ශතක සම්බන්ධතාවක් ගොඩනැංවූයේ 2013 ජූලි මාසයේදී ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සබීනා පිටියේදීය. එම තරගයේදී මහේල ජයවර්ධන (107) සහ උපුල් තරංග (නොදැවී 174) ශතක ලබාගත්හ.
අද තරගයේදී කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය. තරගය ආරම්භ කිරීම අද පස්වරු 3.30 දක්වා ප්‍රමාද කෙරුණු නමුත් තරගයේ ඕවර සංඛ්‍යාව අඩු කිරීමකින් තොරවම ඕවර 50 තරගයක් ලෙස පැවැත්විණ.
(ඡායාරූප -ශාන්ත රත්නායක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.