Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශී‍්‍ර ලංකා පිලට ලකුණු 128 ක ජයක්

ශී‍්‍ර ලංකා පිලට ලකුණු 128 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

 

ශී‍්‍ර ලංකාව සහ කෙන්ට් පිල අතර කැන්ටබරිහිදී ඊයේ (16 වැනිදා) පැවැති පුහුණු එක්දින තරගයේදී ලකුණු 128 ක පහසු ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. 
පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත  ඕවර 50 නිමාවෙදී කඩුලූ 7 ක් දැවී ලකුණු 301 ක්  ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් කෙන්ට් පිලට ලබාගත හැකිවූයේ ලකුණු 173 ක් පමණි.  ඕවර 36.3 කදී කෙන්ට් පිල සම්පූර්ණයෙන්ම දවාගැනීමට සුරංග ලක්මාල් (16/3), තිසර පෙරේරා (33/3) සහ අජන්ත මෙන්ඩිස් (55/3) සමත් වූහ. 


කෙන්ට් පිලේ ඇලෙක්ස් බ්ලේක් පමණක් ලකුණු 60 ක් ලබාගත් නමුත් අන් කිසිදු පිතිකරුවකුට ලකුණු 30 ඉක්මවා යා නොහැකි විය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් අවසන්  ඕවර කීපයේදී වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 32 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 52 ක් රැස්කරමින් ලකුණු 301ක් දක්වා රැුගෙන ආවේය.

නායක ඇන්ජලෝ මැතිව් (51) සහ උප නායක ළහිරු තිරිමාන්න (49) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා පිල ශක්තිමත් තත්ත්වයක රැගෙන ඒමට සමත් වූහ.

ඇන්ජලෝ මැතිව්ස් පන්දු 59 කදී ලකුණු 51 ක් රැස්කළ අතර එයට හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් අන්තර්ගත විය. ළහිරු තිරිමාන්න පන්දු 73 කදී ලකුණු 49 ක් ලබා හයවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

කුමාර් සංගක්කාර ලකුණු 33 ක් රැස්කර සිටියදී  පිටියෙන් ඉවත් විය. මහේල ජයවර්ධන ලකුණු 30 ක් ලබා ගත්තේය. තිලකරත්න ඩිල්ෂාන් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 28 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 35 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරා (01) දැවී ගියේය.
කාසියේ වාසිය ලැබූ කෙන්ට් පිලේ නායක සෑම් නෝර්ත්ඊස්ට් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

එංගලන්ත ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගාවලියේ ඩර්හැම් පිල නියෝජනය කරමින් සිටි කුමාර් සංගක්කාර මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලට එකතු විය. සසෙක්ස් පිලට එරෙහිව පසුගිය 14 වැනිදා අවසන් වූ සිවුදින තරගයේදී සංගක්කාර ලකුණු 159 ක් රැස්කරමින් ඩර්හැම් පිලේ ගැලවුම්කරු බවට පත්විය.

ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලූ 7 ට 301

(තිලකරත්න ඩිල්ෂාන් 35, කුමාර් සංගක්කාර 33, මහේල ජයවර්ධන 30, ළහිරු තිරිමාන්න 49, ඇන්ජලෝ මැතිව්ස් 51, දිනේෂ් චන්දිමාල් නොදැවී 52, තිසර පෙරේරා 29, රොබි ජෝශප් 49/4)

කෙන්ට් පිල  ඕවර 36.3 කදී සියලූ දෙනා දැවී 173 
(සෑම් නෝත්ඊස්ට් 26, ඇලෙක්ස් බ්ලේක් 60, සෑම් බිලින්ස් 29, ඇඩම් බෙල් 26, ලක්මාල් 16/3, තිසර පෙරේරා 33/3, අජන්ත මෙන්ඩිස් 55/3)

- 048


අදහස් (3)

ශී‍්‍ර ලංකා පිලට ලකුණු 128 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.