Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ අද (29) පැවැති දෙවැනි තරගයෙන් (දිවා) කඩුලූ 8 ක ජයක් ලැබූ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණීමට සමත් වූහ.
ශ‍්‍රී ලංකා පිල ලකුණු 186 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 34.2 කදී කඩුලූ 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
මහේල ජයවර්ධන (නොදැවී 77) කුමාර් සංගක්කාර (නොදැවී 67) තෙවැනි කඩුල්ලට ලකුණු 149 ක නොබිදුණු සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය පහසු කළහ.
මහේල ජයවර්ධන පන්දු 80 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 77 ක් රැස්කරමින් සිය එක්දින ක‍්‍රිකට් දිවියේ 76 වැනි අර්ධ ශතක වාර්තා කළේය.
කුමාර් සංගක්කාර රැස්කළ මෙම ලකුණු 67 ත් සමගින් එක්දින තරග 385 කදී ලකුණු 12,987 ක් රැස්කර කරමින් ලකුණු 13,000 ට ලකුණු 13 ක් පසු පසින් සිටියේය.
සංගක්කාර ලකුණු 13,000 සම්පූර්ණ කළ හොත් ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ලකුණු 13,000 ක් සම්පූර්ණ කළ සිවුවැනි ක‍්‍රීඩකයා මෙන්ම ශ‍්‍රී ලංකාවේ දෙවැනි ක‍්‍රීඩකයා බවට පත්වේ.
ශ‍්‍රී ලංකා වැඩිම එක්දින ලකුණු ලාභියා වන හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය තරගය 445 කදී ලකුණු 13,430 ක් රැස්කර තිබේ.
තිලකරත්න ඩිල්ෂාන් පන්දු 23 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 26 ක් ලබා සිටියදී අනවශ්‍ය පහරකට යමින් කඩුල්ල පූජා කළේය.
ශ‍්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරා ලකුණු 9 ක් ලබා දැවී ගියේය.
අජන්ත මෙන්ඩිස් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 33 කට කඩුලූ 3 ක් දවා ගැනීමට සමත් විය. අජන්ත 42 වැනි ඕවරයේ දෙවැනි සහ සිවුවැනි පන්දුවලදී රවී බොපරා සහ ස්ටීව් ෆින් දවා ගනිමින් එංගලන්ත ඉනිම ලකුණු 185 කට සීමා කිරීමට පෙරමුණ ගත්තේය.
රවී බොපරා වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 69 කදී ලකුණු 51 ක් රැස් කළේය.
එංගලන්ත පිල 36 වැනි ඕවරයේ සිට පිතිකරු අධිවේගී ඕවර පහ ලබාගත් අතර එහිදී එක කඩුල්ලක් ලබා දෙමින් ලකුණු 31 ක් රැස් කළේය.
නිත්‍ය වේග පන්දු යවන්නකු ලෙස මෙම තරගයට ක‍්‍රීඩා කළ ද 32 වැනි ඕවරයේදී කැදවීමක් ලැබූ ධම්මික ප‍්‍රසාද් සිවුවැනි පන්දුවේදී ප‍්‍රතිඵල ගෙන එමින් දෝලනය වූ පන්දුව ජෝස් බට්ලර්ගේ (07) කඩුල්ල සොයා යෑමත් සමග එංගලන්තය ලකුණු 132 ට කඩුලූ හයක් බවට පත්විය.
ජෝ රූට් පන්දු 57 කදී හතරේ පහරක් සමගින් ලකුණු 42 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.
ජෝ රූට් සහ රවී බොපරා පස්වැනි කඩුල්ලට පන්දු 47 කදී ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.
තිසර පෙරේරා යැවූ ඉනිමේ 20 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ෂෝට් එක්ස්ට‍්‍රා කවර් ස්ථානයේ පන්දු රකිමින් සිටි ළහිරු තිරිමාන්න රැකගත් අනගි උඩපන්දුවත් සමගින් ප‍්‍රවේගකාරී පිතිකරු එඔයින් මෝගන්ගේ ඉනිම ලකුණු 17 කට සීමා විය.
තිලකරත්න ඩිල්ෂාන් නැවතත් ක‍්‍රියාත්මක වෙමින් නායක ඇලෙස්ටියාර් කුක් (22) තෙවැනි කඩුල්ල ලෙස දවා ගනිමින් ශ‍්‍රී ලංකාව ඔසවා තැබීමට සමත් විය.
එංගලන්ත පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන ඉයන් බෙල් (11) රංගන හේරත්ගේ පන්දුවකට ඉහළින් ලකුණු රැස්කිරීමට යෑමෙන් තිසර පෙරේරා උඩ පන්දුව රැක ගැනීමෙන් දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.
ඇන්ජලෝ මැතිව්ස් 7 වැනි ඕවර යැවීමට සිය ජ්‍යෙෂ්ඨතම දග පන්දු යවන්නා වන රංගන හේරත් කැදවීය.
දෙවැනි ඕවරය යැවූ තිලකරත්න ඩිල්ෂාන් පළමු තරගයේදී ශතකයක් රැස්කරමින් හිසරදයක් බවට පත්වූ මුයින් අලී ලකුණු 2 කට දවා ගැනීමට සමත් විය. එංගලන්ත නායක ඇලෙස්ටියාර් කුක් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
වර්ෂාව හේතුවෙන් ප‍්‍රමාද වීම නිසා ඉනිමක් ඕවර 45 ක තරගයක් ලෙස පෙරවරු 11.15 ට තරගය ආරම්භ විය. පළමු තරගයට ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනසකින් තොරව මෙම තරගයට ද ක‍්‍රීඩා කරයි.
එංගලන්ත පිලට වේග පන්දු යවන බෙන් ස්ටෙකිස්ගේ ස්ථානයට උසින් වැඩි වේග පන්දු යවන්නකු වන ස්ටීව් ෆින් කැදවා තිබේ.
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.