Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා ‘ඒ’ පිල සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී හෙට (25) ආරම්භ වේ.
ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල සූරියවැවදී පැවැති පළමු තරගයෙන් කඩුලූ 10 ක ජයක් ලබමින් 1-0 කින් පෙරමුණේ සිටියි. මාතරදී පැවැති දෙවැනි තරගය විසදුමකින් තොරව අවසන් විය.
ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේ පළමු තරග දෙකේදීම වේග පන්දු යවන්නන් තිදෙනකු සහ දඟ පන්දු යවන්නකු සමග තරග කළ ද මෙම තරගයේදී පිට දඟ පන්දු යවන තරිදු කෞෂාල් සහ පා දඟ පන්දු යවන චතුරංග ද සිල්වා ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටිති.
එක්දින පිලේ ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරු කුසල් පෙරේරා පසුගිය ජූනි මාසයෙන් පසුව ‘ඒ’ පිලට එක්වෙමින් මෙම තරගයට ක‍්‍රීඩා කිරීමට නියමිතය. ඊට අමතරව ටෙස්ට් ක‍්‍රීඩකයන් වන නායක උපුල් තරංග, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ සහ නිරෝෂන් දික්වැල්ල මෙම තරගයට පිතිකරුවන් ලෙස එක්වෙති.
නුවන් ප‍්‍රදීප් සහ කසුන් මධුසංඛ වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්වීමට නියමිතව තිබුණි.
මේ පිළිබදව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු පැවසුවේ තම කමිටුව ක‍්‍රීඩකයන්ගේ මුහුණ දිහා බැලීමකින් තොරව එළඹෙන ලෝක කුසලාන තරගාවලියට හොදම කණ්ඩායම තෝරා ගැනීම සදහා මෙම තරගාවලිය ද යොදා ගෙන ඇති බවයි.
බටහිර ඉන්දීය කොදෙව් පිල මෙම තරගයේදී වෙනසක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.
වර්ෂාව ඇද හැලූණ ද මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේ ඊයේ පෙරවරුවේ තරගයට සියලූම කටයුතු සූදානම් කර තිබුණි.
ශ‍්‍රී ලංකා ‘ඒ’ සංචිතය:
උපුල් තරංග (නායක), කුසල් පෙරේරා, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, අෂාන් ප‍්‍රියංජන්, කිත්රුවන් විතානගේ, නිරෝෂන් දික්වැල්ල, චතුරංග ද සිල්වා, තරිදු කෞෂාල්, නුවන් ප‍්‍රදීප්, කසුන් මධුසංඛ, නිසල තාරක, විශ්ව ප‍්‍රනාන්දු, මාධව වර්ණපුර සහ ලක්‍ෂාන් රංගික
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ සංචිතය:
කාලෝස් බ‍්‍රැත්වයිට් (නායක), අසාද් ෆුඩින්, ක්‍රෙග් බ‍්‍රැත්වයිට්, කර්ක් එඞ්වඞ්ස්, සුනිල් ඇම්බි‍්‍රස්, ජොනතන් කාටර්, ජර්මේන් බ්ලැක්වුඞ්, චැඞ්වික් වෝල්ටන්, ඇන්ඩෲ ෆ්ලෙචර්, නිකීතා මිලර්, දේවේන්ද්‍ර බිෂූ, ෂේන් ෂිලිංෆෝඞ්, මිගෙල් කමින්ස්, ෂෙල්ඩන් කොටි‍්‍ර, ශනොන් ගේබි‍්‍රයල් සහ ඉන්කුම බොනර්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.