Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ‍්‍රී ලංකා පිල තරගාවලිය ජයගනී

ශ‍්‍රී ලංකා පිල තරගාවලිය ජයගනී

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

 


ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මහනුවර, පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී අද (13) පැවැති හයවැනි තරගයෙන් ලකුණු 90 ක විශිෂ්ට ජයක් ලැබීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත් වූහ.  ශ‍්‍රී ලංකා පිල ලබාගත් මෙම පහසු ජයග‍්‍රහණයත් සමග, තරග 7 කින් සමන්විත තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම,  4-2 ක් ලෙස තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට ද ශී‍්‍ර ලංකා පිල සමත් විය.

ලකුණු 293 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය එංගලන්ත පිල  ඕවර 41.3 කදී ලකුණු 202 කට සීමා කිරීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ආබාධයකට ලක්ව සිට නැවත පැමිණි සුරංග ලක්මාල් අගනා පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 30 කට කඩුලූ 4 ක් දවා ගත්තේය. තිලකරත්න ඩිල්ෂාන් (55/2) සහ සචිත‍්‍ර සේනානායක (33/3) සෙසු සාර්ථක පන්දු යවන්නෝ බවට පත්වූහ.   

ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට තරමක හිසරදයක් බවට පත්ව සිටි ජෝ රූට් ලකුණු 55 ක් ලබා සිටියදී සුරංග ලක්මාල්ගේ තෙවැනි කඩුල්ල බවට පත්වීමත් සමග එංගලන්ත පිලේ අවසන් බලාපොරොත්තුව ද සුන්විය.

තිලකරත්න ඩිල්ෂාන් යැවූ ඉනිමේ 34 වැනි  ඕවරයේ සිවුවැනි පන්දුවේදී ජෝ රූට් ලකුණු 52 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියද විනිසුරු තීරණ නැවත විමසීමේ ක‍්‍රමවේදයෙන් එය දැවී යෑමක් නොවන බව සනාථ විය.

මෙම තරගාවලිය පුරාම ශ‍්‍රී ලංකාවට හිසරදයක් වූ මුයින් අලී පන්දු 32 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 34 ක් ලබා සිටියදී ඩිල්ෂාන්ගේ පන්දුවකට සංගක්කාරට උඩ පන්දුවක් දෙමින් 10 වැනි  ඕවරයේ අවසන් පන්දුවේදී දැවී ගියේය. සචිත‍්‍ර සේනානායකගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ජේම්ස් ටේලර් (10) මුඵ ලකුණු 36 දී දෙවැනි කඩුල්ල ලෙස ක‍්‍රීඩාගාරයේ අසුන් ගත්තේය.

එංගලන්ත පිලේ නයක ඇලිස්ටෙයාර් කුක් (01) සචිත‍්‍ර සේනානායක යැවූ ඉනිමේ පළමු  ඕවරයේ තෙවැනි පන්දුවේදීම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.
 
කුමාර් සංගක්කාර සිය උපන් ගම වන මහනුවර ප‍්‍රදේශයේ අවසන් එක්දින තරගයට ක‍්‍රීඩා කරමින් පන්දු 112 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර දෙකක් සමගින් විශිෂ්ට ලකුණු 112 ක් රැස්කරමින් 20 වැනි එක්දින ශතකය සටහන් කළේය.

දිනේෂ් චන්ද්මාල් තමන් නැවත කැදවූ තේරීම් කමිටුවට හිස නමා ආචාර කරන්නාක් මෙන් හොද ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 32 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 35 ක් ලබා අවසන් පන්දුවේදී දැවී ගියේය. එහිදී චන්දිමාල් පන්දු ස්ථානගත කරමින් ගැසූ හතරේ පහර කිහිපය කැපී පෙනුණි.

පිතිකරුවන්ගේ ප‍්‍රහාරක ඕවර කිහිපයේදී, අංක හතර පිතිකරු ලෙස පිටියට පිවිසි සීකුගේ ප‍්‍රසන්න වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 12 කදී හතරේ පහරක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 20 ක් රැස් කිරීමෙන් ඉනිමට නව ජීවයක් ලැබුණි.

තිලකරත්න ඩිල්ෂාන් පන්දු 105 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 68 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර දෙවැනි කඩුල්ලට පන්දු 184 කදී ලකුණු 153 ක සම්බන්ධතාවක් පවත්වමින් ශී‍්‍ර ලංකා පිල ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

කුමාර් සංගක්කාර පිට පිටම තරග පහකදී අර්ධ ශතක හතරක් සහ ශතකයක් රැස්කිරීම මෙහිදී කැපී පෙනුණි. සංගක්කාර මෙම තරගාවලියේ මේ දක්වා තරග හයේ පළමු තරගයේදී ලකුණු 2 කට දැවී යෑමෙන් පසුව ඉතිරි තරග පහේදී 67*,63, 86,91 සහ 112 ලෙස ලකුණු රැස්කර තිබේ.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මෙවැනි දස්කමක් දැක්වූ තෙවැනි ක‍්‍රීඩකයා බවට සංගක්කාර පත්වූ අතර මීට පෙර සනත් ජයසූරිය (1997) සහ තිලකරත්න ඩිල්ෂාන් (2013) අර්ධ ශතක පහ බැගින් පිට පිටම රැස්කර සිටියහ. පාකිස්තානු හිටපු සුපිරි පිතිකරු ජාවෙඞ් මියන්ඩාඞ් 1987 වසරේ පිට පිටම අර්ධ ශතක 9 ක් රැස්කරමින් පෙරමුණේ රැදී සිටියි. පිට පිටම අර්ධ ශතක හයක් රැුස්කළ ක‍්‍රීඩකයෝ සිවුදෙනකු ද සිටිති.

ශ‍්‍රී ලංකා මුඵ ලකුණු සංඛ්‍යාව 91 දී කුමාර් සංගක්කාර ලකුණු 41 ක් ලබා සිටියදී රවී බොපරා යැවූ පන්දුවකට මිඞ් ඕෆ් ස්ථානයේ පන්දු රකිමින් සිටි නායක ඇලිස්ටෙයාර් කුක්ට දුන් පහසු උඩ පන්දුව බිම දැමීම එංගලන්ත පිලට දරාගත නොහැකි පාඩුවක් බවට පත්විය.   
 
මහේල ජයවර්ධන මෙම තරගයේදී ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පැමිණි නමුත් ලකුණු 5 ක් ලබා සිටියදී ක‍්‍රිස් වෝක්ස්ගේ පන්දුවකට ජේම්ස් ටේලර් පහසු උඩ පන්දුවක් රැක ගැනීමෙන් මුඵ ලකුණු සංඛ්‍යාව 8 දී දැවී ගියේය.

 

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ශාන්ත රත්නායක


අදහස් (4)

ශ‍්‍රී ලංකා පිල තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.