Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි තරගයේ තෙවැනි දිනය වන අද (20) පස්වරුවේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල දෙවැනි ඉනිම වෙනුවෙන් ඕවර 27 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 63 ක් රැස්කර ලකුණු 78 ක් ඉදිරියෙන් සිටියේය.
තෙවැනි දිනයේ ක‍්‍රීඩාව අවසන් කරන විට ජෙහාන් මුබාරක් නොදැවී ලකුණු 02 ක් ලබා සිටියේය.
උපුල් තරංග පන්දු 80 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 40 ක් ලබා සිටියදී දැවී ගිය අතර සැදෑ ආරක්‍ෂක පිතිකරු ලෙස පිටියට පැමිණි විශ්ව ප‍්‍රනාන්දු ද තෙවැනි පන්දුවේදී දැවී ගියේය. උපුල් සහ විශ්ව දෙපළම පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියහ.
ශ‍්‍රී ලංකා පිලේ අවසන් කඩුලූ දෙක දැවී යන විට දැඩි අදුරු තත්ත්වයක් පැවැති අතර විනිසුරුවෝ වරක් ආලෝකය පරීක්‍ෂා කර නැවත තරගය ආරම්භ කළහ.
මාධව වර්ණපුර ලැබුණු අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනීමට අපොහොසත් වෙමින් දෙවැනි ඉනිමේදී ලකුණු 6 කට දැවී ගියේය.
දිමුත් කරුණාරත්න (07) දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.
ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ අද තේ විවේකයට පෙර කොදෙව් ‘ඒ’ පිලේ පළමු ඉනිම ලකුණු 151 කට සීමා කිරීමට සමත් වූහ. ඒ අනුව ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිමේ ලකුණු 15 ක් පමණක් ඉදිරියට පැමිණියේය.
තරි`දු කෞෂාල් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 73 කට කඩුලූ 5 ක් දවා ගැනීමට සමත් විය. වේග පන්දු යවන්නන් වන නුවන් ප‍්‍රදීප් (28/3) සහ කසුන් මධුසංඛ (30/2) ඉතිරි කඩුලූ පහ බෙදාගත්හ.
ආරම්භක පිතිකරු ක්‍රෙග් බ‍්‍රැත්වයිට් අන්තයක් ආරක්‍ෂා කරමින් පන්දු 108 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 76 ක් රැස් නොකරන්නට කොදෙව් ලකුණු සංඛ්‍යාව මීට වඩා අඩු වීමට ඉඩ තිබුණි. ක්‍රෙග් බ‍්‍රැත්වයිට් ටෙස්ට් තරග 14 කදී ලකුණු 956 ක් රැස්කළ පිතිකරුවකු වන අතර ඔහු මෙම සංචාරයට එක්වූයේ ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියේදී ජාතික කණ්ඩායමට එක්වීමේ බලාපොරොත්තුවෙනි.
දිවා විවේකයෙන් පසුව තරිදු කෞෂාල් සිවුවැනි සහ පස්වැනි කඩුලූ දවා ගමිනින් කොදෙව් පිල තව දුරටත් පසු පසට තල්ලූ කිරීමට සමත් විය.
දකුණතින් වේග පන්දු යවන කසුන් මධුසංඛ ඉතාමත් හොදින් නිවැරදි ස්ථානයේ පන්දු යවමින් පිතිකරුවන් අපහසුතාවට පත්කළ ආකාරය දැකගත හැකි විය.
ඔහුගේ එම පන්දු යැවීම නිසාම කර්ක් එඞ්වඞ්ස් ලකුණු 2 ලබා ගැනීමට පන්දු 24 ක් වැය කළේය.
කසුන් මධුසංඛ කඩුල්ලෙන් පිටතට දෝලනය වීමට සැලැස්වූ පන්දුව ජර්මේන් බ්ලැක්වුඞ් (04) ගේ පිත්තේ පිට දාරයේ වැදී කඩුලූ රකින නිරෝෂන් දික්වැල්ල රැකගැනීමත් සමග කොදෙව් පිල කඩුලූ 3 ට ලකුණු 50 ක් බවට පත්වූ අතර ඒත් සමගම දිවා විවේකය ලබා ගත්තේය.
කසුන් මධුසංඛගේ පන්දුවකට ප‍්‍රබල පිතිකරු කර්ක් එඞ්වඞ්ස් (02) ගැසූ පහර දෙවැනි ස්ලිප්හි පන්දු රකිමින් සිටි අෂාන් ප‍්‍රියංජන් දකුණු අත ප‍්‍රදේශයට පනිමින් රැකගත් විශිෂ්ට උඩපන්දුව හමුවේ දෙවැනි කඩුල්ල ලකුණු පුවරුවේ සටහන් විය.
කොදෙව් පළමු කඩුල්ල ලෙස අසාද් ෆුඩඩින් (06) නුවන් ප‍්‍රදීප්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.
ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල ඊයේ (20) පෙරවරුවේ ඕවර 6.5 ක් තුළදී ලකුණු 166 කට සීමා විය. කිත්රුවන් විතානගේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 60 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 54 ක් රැස්කර සිටියදී අවසන් කඩුල්ල ලෙස දැවී ගියේය.
දකුණතින් වේග පන්දු යවන ශනොන් ගේබි‍්‍රයල් ලකුණු 28 කට කඩුලූ 5 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
දෙවැනි දිනයේ ක‍්‍රීඩාව අවසන් කරන විට ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම වෙනුවෙන් ඕවර 34 කඩුලූ 6 ක් දැවී ලකුණු 137 ක් රැුස්කර සිටියේය. ඒ වන විට කිත්රුවන් විතානගේ (නොදැවී 37) සහ තරිදු කෞෂාල් (නොදැවී 0) පන්දුවට පහර දෙමින් සිටියහ.
හෙට (21) තරගයේ සිවුවැනි සහ අවසන් දිනයයි.
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.