Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්ත වේගපන්දු යවන්නන් හමුවේ දැඩි පසුබෑමකට ලක්ව තිබූ ශී‍්‍ර ලංකා පළමු ඉනිම ගොඩගත් කුමාර් සංගක්කාර වෙලින්ටන්හි බේසිං රිසර්ව් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (4 වැනිදා) ලබාගත් අති විශිෂ්ට ද්විත්ව ශතකය නිසා පළමු ඉනිමේදී ලකුණු 135 ක වාසියක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය.
නවසීලන්ත පිල සිය මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 221 ට පිළිතුරු සොයා යද්දී ශී‍්‍ර ලංකා පිලේ පස්වැනි කඩුල්ලත් ලකුණු 78 දී බිඳ වැටුණ නමුත් ශී‍්‍ර ලංකා ඉනිම තනිවම කරතබාගත් සංගක්කාර ලකුණු 203 ක් ලබාගත්තේ හෙයින් ශී‍්‍ර ලංකා පිලට සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 356 ක් ලබාගත හැකි විය.
අද සවස කී‍්‍රඩාව නතර කරන විට නවසීලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 22 ක් ලබා සිටියේය. නවසීලන්ත පිල කඩුලූ 10 ක් අතැතිව සිටින නමුත් ශී‍්‍ර ලංකා පිලට වඩා ලකුණු 113 ක් පසුපසින් සිටී.
බැක්වර්ඞ් පොයින්ට් හි සිටි ටේරන්ට් බෝල්ට්ගේ ඇදහිය නොහැකි උඩපන්දු රැකීමකින් සංගක්කාර දැවී යාමත් සමගම ශී‍්‍ර ලංකා පිලේ 9 වැනි කඩුල්ල ලකුණු 356 දී ඇද වැටුණු අතර සුරංග ලක්මාල්ට පිටියේ රැුඳී සිටිය හැකිවූයේ තවත් එක පන්දුවක් පමණි. විනාඩි 412 ක් පිටියේ රැඳුනු සංගක්කාර, පන්දු 306 කට මුහුණ දෙමින් හතරේ පහර 18 ක් සහ හයේ පහර 3 ක් සිය ඉනිමට ඇතුළත් කළේය.
ලකුණු 192 ක් ලබා සිටි සංගක්කාර මාක් ක්‍රෙග් හමුවේ ගැසූ හයේ පහරකින් ලකුණු 198 ට පැනගත් අතර තවත් තනි ලකුණක් ලබාගනිමින් ලකුණු 199 පිවිසියේය. ඊළග ඕවරයේ ජේම්ස් නීෂම් හමුවේ ගැසූ අලංකාර කවර් ඩ‍්‍රයිව් පහරකින් සංගක්කාර සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කළේය.
මුලූ ලකුණු සංඛ්‍යාව 18 ක්ව තිබියදී පිටියට පිවිසි වමත් පිතිකරුවා, ඊයේ (3 වැනිදා) ටෙස්ට් ලකුණු 12,000 කඩයිම පසුකර ගිය ලොව පස්වැන්නා ලෙසත්, එකම වමත් පිතිකරුවා ලෙසත් කි‍්‍රකට් වාර්තා පොතට එක්විය. අද සිය 11 වැනි ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගත් සංගක්කාරට මේ වන විටත් වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන්ගේ ලයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව සිටින අතර ඔහුට ඉදිරියෙන් සිටින්නේ ටෙස්ට් ද්විත්ව ශතක 12 ක හිමිකරුවා වී සිටින ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් පමණි.
තේ පානය සඳහා තරගය නතර කරන විට සිය ටෙස්ට් දිවියේ 38 වැනි ශතකය රැස් කර සිටි මෙම අලංකාර වමත් පිතිකරුවා, නවසීලන්තයේදී සංගක්කාර ලබාගත් තුන්වැනි ටෙස්ට් ශතකය එය විය. පිටියට පිවිසෙන විට තම කණ්ඩායම වැටී සිටි අසීරු අඩිය සමග සංසන්දනය කිරීමේදී නවසීලන්තයේදී ටෙස්ට් පිතිකරුවකු විසින් කී‍්‍රඩා කළ අති විශිෂ්ටතම ඉනිමක් ලෙස කුමාර් සංගක්කාර අද ලබාගත් ද්විත්ව ශතකය සැලකේ.
අද පෙරවරුවේදී පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් (67) සමග එක්වූ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 130ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවීය. චන්දිමාල් ලකුණු 67 ක් ලබා සිටියදී දැවී ගියේ ජේම්ස් නීෂාම් පන්දු යැවීමට කැඳවීමත් සමගය. ඒ වනවිට සංගක්කාර ලකුණු 93 ක් ලබා සිටියේය.
ධම්මික ප‍්‍රසාද් සහ සංගක්කාර අතර 7 වැනි කඩුල්ලට ලකුණු 34 ක සම්බන්ධතාවක් ගොඩනැගුණු අතර ඒ අතරවාරයේදී සංගක්කාර සිය ශතකය සම්පූර්ණ කළේය.
රංගන හේරත් ලකුණු 15 ක් පමණක් ලබාගනිද්දී හේරත් සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47 ක සම්බන්ධතාවක් එක්කළ සංගක්කාර ඉන් අනතුරුව සුරංග ලක්මාල් සමග එක්වෙමින් 9 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 67 ක් එක් කළේය. එම ලකුණු 67 ට සුරංග ලක්මාල්ගේ දායකත්වය ලකුණු 5 ක් පමණක් වූවත් හේරත් දැවී යන විට ලකුණු 145 ක් ලබා සිටි සංගක්කාරට එතැන් සිට ඔහුගේ ද්විත්ව ශතකය කරා යාමට අවශ්‍යව තිබූ ලකුණු 55 ලබාගන්නා තුරු සහාය දීම පිළිබඳව සුරංග ලක්මාල්ට විශේෂ ප‍්‍රසංශාවක් ලැබිය යුතුමය.
පළමු දිනයේ කඩුලූ 15ක් බිඳ වැටෙමින් අසාමාන්‍ය ලෙස පන්දු යවන්නන්ට සහාය දැක්වූ බේසින් රිසර්ව් තණතීරුවේදී අද උදෑසන කාලයේත් පන්දු යවන්නන්ට සුපුරුදු වාසිදායක තත්ත්වයම තිබූ නමුත් සංගක්කාර තමන්ගේ සුපුරුදු ‘කවර් ඩ‍්‍රයිව්’ පහර පාලනය කරගනිමින් තණතීරුවේ වේගය සහ හැසිරීම අධ්‍යනය කරන්නට විය.
ක‍්‍රයිස්චර්ච්හි පැවැති පළමු ටෙස්ට් තරගයේ ඉනිම් 2 දීම ඉවතට දෝලනය වන පන්දුවලින් සංගක්කාර දවාගත් ටේරන්ට් බෝල්ට් අද උදෑසන අවස්ථා කිහිපයකම එවැනිම පන්දුවලින් ඔහු දවාලීමේ උත්සාහයක නිතරවූවත් දැඩි සංයමයකින් යුතුව පන්දුවට පහරදුන් සංගක්කාර එම උපායට හසුවූයේ නැත.
ඊයේ සවස තරගය නතර කරන විට නොදැවී ලකුණු 33 ක් ලබා සිටි සංගක්කාර අද දවසටම ගැසූවේ හතරේ පහර දෙකක් පමණි. ඊට වඩා තරමක් ආක‍්‍රමණශීලී පිතිහරඹයක් පෙන්නුම් කළ චන්දිමාල් උදෑසන සිය ඉනිම ආරම්භ කළ මොහොතේ සිට ලකුණු ලබා ගැනීම වේගවත් කළ අතර දිවා ආහාරයට පෙර හතරේ පහර 6 කට හිමිකම් කීවේය.
ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.