Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව සහ එංගලන්තය අතර මහනුවර, පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී අද (13) පැවැති හයවැනි එක්දින තරගය ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වන කුමාර් සංගක්කාර උපන් ගමේදී සහභාගි වූ අවසන් එක්දින ජාත්‍යන්තර තරගය වීම නිසා ඔහුට උණුසුම් ප‍්‍රතිචාර හිමිවිය.
තරගය අවසන් වීමෙන් පසුව සංගක්කාර ක‍්‍රීඩාංගණයට රැස්ව සිටි 10,000 කට අධික පේ‍්‍රක්‍ෂකයන්ට දෑත් ඔසවා ආචාර කළ අතර එහිදී පේ‍්‍රක්‍ෂකයෝ උණුසුම් ලෙසින් ඊට ප‍්‍රතිචාර දැක්වූහ. ශ‍්‍රී ලංකා පිලේ ක‍්‍රීඩකයෝ ද තරගය අවසන් වීමෙන් පසුව සංගක්කාරව වැළද ගනිමින් සුබ පැතුම් එක් කළහ.
සංගක්කාර දැවී යෑමෙන් පසුව සිය පිත්ත ක‍්‍රීඩාංගණයේ දෙසට යොමු කරමින් පේ‍්‍රක්‍ෂකයන්ට ආචාර කරද්දී පේ‍්‍රක්‍ෂකයෝ අසුන්වලින් නැගිට ප‍්‍රතිචාර දැක්වූහ.
තරගය නැරඹීමට ක‍්‍රීඩාංගණයට රැස්ව සිටි අති විශාල පේ‍්‍රක්‍ෂකයන් අතර ඇතැමුන් ‘සංගාට අපි ආදරෙයි’, ‘ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් දෙවියෝ සංගා’ ආදී පුවරු ප‍්‍රදර්ශනය කළ ආකාරය දැකගත හැකිවිය.
සංගක්කාර මෙම තරගයේ ලකුණු 112 ක් රැස්කළ කරමින් සහ පන්දු රැකීමේදී විශිෂ්ට උඩ පන්දු කීපයක් රැුකගනිමින් දස්කම් දක්වමින් තරගයේ වීරයා ලෙස ද සම්මාන හිමිකර ගත්තේය.
මෙහිදී කුමාර් සංගක්කාර පන්දු 112 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 112 ක් රැස්කරමින් සිය 20 වැනි එක්දින ශතකය සටහන් කළේය.
නවසීලන්තයේදී ලබන පෙබරවාරි මස 14 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියෙන් පසුව සංගක්කාර එක්දින පිටියෙන් සමුගන්නා අතර ඊට පෙර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේ එක්දින තරගයක් නොමැත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.