Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චෙස්ටර් ලී ස්ටී‍්‍රට් හි පැවැති දෙවැනි එක්දින තරගයේදී ශී‍්‍ර ලංකා පිල දැක්වූ දස්කම් සඳහා කුමාර් සංගක්කාරගේ දැනුම ඉතා විශාල වශයෙන් දායක වූ බව ඇන්ජලෝ මැතිව්ස් කියයි. එංගලන්ත කී‍්‍රඩකයන් ඉතාමත් ප‍්‍රිය කරන තත්ත්වයන් යටතේ කාසියේ වාසියත් ශී‍්‍ර ලංකා පිලට අහිමි වූ හෙයින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අභියෝගය ශී‍්‍ර ලංකා පිල හමුවේ තැබිණ. එහෙත් ඊට සාර්ථකව මුහුණ දුන් ශී‍්‍ර ලංකා පිල කඩුලූ 8 ක් දැවී ලකුණු 256 ක් ලබාගත්තේය.
ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසන පරිදි එක්දින තරගාවලියට පෙර සිටම කණ්ඩායමේ ඉදිරි ගමන වෙනුවෙන් කුමාර් සංගක්කාර විශේෂ මෙහෙවරක් කර තිබේ.
එංගලන්ත ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගාවලියේදී ‘ඩරම්’ ප‍්‍රාන්තය වෙනුවෙන් තරග කිහිපයක් කී‍්‍රඩා කළ කුමාර් සංගක්කාර මෙම තරගය පැවැති චෙස්ටර් ලී ස්ටී‍්‍රට්හි ‘රිවර්සයිඞ්’ කී‍්‍රඩාංගණයේදී (ඩරම් ප‍්‍රාන්ත පිලේ කී‍්‍රඩාංගණය) සිවුදින තරගයක්ද කී‍්‍රඩා කර ඇත.
”අපි ඔහුගෙන් තොරතුරු රාශියක් ලබාගත්තා. ඔහු (කුමාර් සංගක්කාර* මෙහි තත්ත්වයන් ගැන හොඳටම දන්නවා”
”තණතීරුව දින තුන හතරක්ම වහලා තිබුණේ. ඒත් ඔහු හිතුවා එය සාධාරණ තණතීරුවක් වේවි කියලා. ඒක එහෙමම වුණා....එහි පන්දුව ඒ තරම් දෙපැත්තට පැද්දුණේ නෑ. ඒත් ලකුණු ලබාගැනීමට අමාරු වුණා” යයි මැතිව්ස් පැවසීය.
ශී‍්‍ර ලංකා ඉනිමේදී සංගක්කාර සිය පිත්තෙන් ලකුණු 40 ක් ලබාගනිමින් තිලකරත්න ඩිල්ෂාන් සමග එක්ව ලකුණු 96 ක සම්බන්ධතාවක් පැවැත්වීය. එහෙත් ඩිල්ෂාන්ගේ ලකුණු 80 නිසා සංගක්කාරගේ පිතිහරඹයේ අගය යටපත් විය.
”කොහොම වුණත් ඩිල්ෂාන්ගේ දස්කම් අති විශිෂ්ටයි”
”තරගයට ඉස්සෙල්ලා ඩිල්ෂාන් හිටියේ සම්පූර්ණ සුවයෙන් නෙමෙයි. ඔහු තරගයට සහාගි වීම ගැනත් තරමක් සැක සංකා ඇතිවයි හිටියේ. ඒත් කණ්ඩායමේ භෞත චිකිත්සකවරයාත් සම්බාහකවරයාත් එක්ව ඉතා මහන්සියෙන් කටයුතු කරමින් ඔහුට තරගයට කී‍්‍රඩා කරන්න පුළුවන් තත්ත්වයට ගෙනාවා. එය ප‍්‍රතිඵලදායක වුණා” යයිද මැතිව්ස් පැවසීය.
”ඔහු (ඩිල්ෂාන්) ඉතාමත් ආක‍්‍රමශීලියි...ඔහු වැඬේ පටන්ගන්න කොටත් කණ්ඩායම හිටියේ සෑහෙන හොඳ තත්ත්වයක. ඔහුයි සංගක්කාරයි එක්වෙලා අපට නියම වේදිකාවක් හදලා දුන්න” යයි පැවසූ මැතිව්ස්...
”ලකුණු 256 ක් ඇතිවේද කියල අපටත් විශ්වාසයක් නැතිව හිටියේ..තණතීරුව ඒ තරමටම අභියෝගාත්මකයි..ඒත් අපට හිතාගන්නවත් බැරි තරමේ විශිෂ්ට ආරම්භයක් ලැබුණා” යයිද පැවසීය.
නුවන් කුලසේකරගේ පළමු ඕවරයෙන් ලකුණු 8 ක් ලබාගැනීමට එංගලන්ත පිතිකරුවන් සමත් වූ නමුත් දෙවැනි ඕවරයේ සිටම එංගලන්ත පිතිකරුවන් දණගැස්වූ ශී‍්‍ර ලංකා ආරම්භක පන්දු යවන්නා සිය තුන්වැනි ඕවරය නිමා කරන විට ලකුණු 9 කට කඩුලූ 3 ක් දවාගෙන සිටියේය.
අනතුරුව කි‍්‍රයාත්මක වූ සචිත‍්‍ර සේනානායක තම හොඳම එක්දින පන්දු යැවීම වාර්තා කරමින් ඕවර 7 කදී ලකුණු 13 කට කඩුලූ 4 ක් දවාගත්තේය.
”අපේ සියලූම පන්දු යවන්නන් අති විශිෂ්ට ආකාරයෙන් පන්දු යැවීමේ යෙදුණා.
සේනානායකට නම් මුහුණ දෙන්නම බෑ. ඒ වගේ තත්ත්වයකදී පිතිකරුවන්ට ඔහුව පෙනෙන්නේ භයංකාර සිහිනයක් වගේ...ඔහු ඒ තරමට විශ්වාසනීයත්වයෙන් පන්දු යැව්වා” යයිද මැතිව්ස් පැවසීය.
ශී‍්‍ර ලංකා පිල හමුවේ එංගලන්ත කණ්ඩායම අත්කරගත් පරාජය සම්බන්ධයෙන් එංගලන්ත පිලේ තාවකාලික නායකයා වන ඔයින් මෝගන් තුෂ්නිම්භූතවී සිටී. එංගලන්ත පිලේ නිත්‍ය නායක ඇලිස්ටෙයාර් කුක් තුවාල ලබා සිටීම නිසා මෙම තරගයේදී එංගලන්ත පිල මෙහෙයවීමේ වගකීම මෝගන් වෙත පැවරිණ.
ලකුණු 257 ක ඉලක්කයක් කරා ගිය එංගලන්ත පිල ලකුණු 99 කට දැවී ගිය අතර එය එංගලන්ත කණ්ඩායමක් එක්දින තරගයකදී දැවී ගිය පස්වැනි අඩුම ලකුණු සංඛ්‍යාවද වෙයි.
එක් අවස්ථාවකදී ලකුණු 73 කට කඩුලූ 8 ක් අහිමි කරගෙන සිටි එංගලන්ත පිල ඔවුන්ගේ අවම එක්දින ලකුණු සංඛ්‍යාව වන 86 ටත් අඩුවෙන් දැවී යාමේ අවදානමක් පැවැති නමුත් ඔයින් මෝගන්ගේ සටන්කාමී ලකුණු 40 නිසා එම අපකීර්තියෙන් ගැලවීමට එංගලන්තයට හැකි විය.
ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් හමුවේ කොන්ද කෙළින් තියාගෙන පන්දුවට පහර දුන් එකම එංගලන්ත පිතිකරුවා වූයේද මෝගන්ය. කණ්ඩායමේ පිතිකරුවන් 11 දෙනාගෙන් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා වූයේ ලකුණු 12 ක් ලබාගත් ඉයන් බෙල්ගෙනි.
”ඒක හරියට අපිට කී‍්‍රඩා කරන්න පුළුවන් දුර්වලම තත්ත්වය වගේ..කොහොම වුණත් ඒ අපේ දුර්වලම පිතිහරඹය නම් තමයි.....මා එංගලන්ත බැනියම අඳින්න ගත්තායින් පසුව අපේ නරකම තරගය වුණේ මේ තරගයයි” මෝගන් පැවසීය.
”අප මේ තරම් දුර්වල ආකාරයෙන් කී‍්‍රඩා කළේ ඇයිද කියා විස්තර කරන්න මට තේරෙන්නේ නෑ. තණතීරුවත් වියලි බවින් තොරයි තමා. පන්දුවත් ටිකක් එහාට මෙහාට පැන්නා.....ඒත් ඒ තත්ත්වයන්ට මුහණ දෙන්න තරම් අපේ අය ශක්තිමත්”
”ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව ගැන නම් අපේ අය සිටියේ සතුටින්. ඒත් තරගය පුරාම අපට අවශ්‍යව තිබුණු ලකුණු සම්බන්ධතා ඇතිවුණේ නෑ. කිසිම අවස්ථාවක ඒ වගේ දෙයක් වෙන බවක් පේන්න තිබුණේත් නෑ.....කොහොම වුණත් අපි හොඳට සෙල්ලම් කළේ නෑ” යයිද මෝගන් පැවසීය.
මෝගන් පවසන්නේ ඉදිරි තරග කිහිපයේදී කණ්ඩායමේ විශාල දියුණුවක් දැකගැනීමට එංගලන්ත පේ‍්‍රක්‍ෂකයන්ට අවස්ථාව ලැබෙන බවයි. ශී‍්‍ර ලංකා පිලට එරෙහි තුන්වැනි එක්දින තරගය ලබන බදාදා (අනිද්දා) මැන්චෙස්ටර් නුවර ‘ ඕල්ඞ් ට‍්‍රැෆර්ඞ්’ හිදී පැවැත්වේ.
”අවංකවම කියනවා නම් මා හිතන්නේ නෑ මේක විශාල කඩා වැටීමක් කියලා. අපි තවත් ලක-ුණු 40 ක් විතර අඩුවෙන් දැවී ගියානම් එහෙම වෙන්නත් තිබුණා”
”මේ තරගයේ සිද්ධ වුණ දේට යටින් ඉරක් ඇඳලා මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන ඊළග තරගයේදී ඒ දේ නොවන තැනට අපි වගබලාගන්න ඕනා. අපි තනි තනිවම ඒ ගැන හිතන්න ඕනා. ඒත් කණ්ඩායමක් වශයෙන් එකට වැඩ කරන්න ඕනා” යයිද මෝගන් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.