Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුමාර් සංගක්කාර (නොදැවී 117) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 139) දෙදෙනාගේ අති විශිෂ්ට පිතිහරඹය නිසා නවසීලන්තයේ වෙලින්ටන් නුවරදී අද (1 වැනිදා) පැවැති ලෝක කුසලාන කි‍්‍රකට් තරගයේදී එංගලන්තයට එරෙහිව කඩුලූ 9 ක දැවැන්ත ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් විය. මෙම ජයත් සමගින් තවත් ප‍්‍රසාද ලකුණු 2 ක් එකතු කරගත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ප‍්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානය තහවුරු කරගත්හ.
ලකුණු 310 ක ඉලක්කයක් ඉතාමත් සාර්ථක ලෙසින් හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕවර 47.2 කදී කඩුල්ලක් දැවී ලකුණු 312 ක් ලබාගත් අතර ළහිරු තිරිමාන්න අලංකාර හයේ පහරකින් තරගය අවසන් කළේය.
දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 212 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ මෙම පිතිකරුවන් දෙදෙනා එංගලන්ත පන්දු යවන්නන් සමග සෙල්ලම් කරමින් වෙලින්ටන් නුවර වෙස්ට්පැක් කී‍්‍රඩාංගණයේදී හිතූ හිතූ ආකාරයෙන් ලකුණු ලබාගත්හ.
සිය පළමු වැනි ලෝක කුසලාන ශතකය ලබාගත් ළහිරු තිරිමාන්න ඒ සඳහා පන්දු 142 කට මුහුණ දුන් අතර හතරේ පහර 13 කින් සහ හයේ පහරකින් එය හැඩවැඩ කළේය. සිය 23 වැනි එක්දින ශතකය ලබාගත් සංගක්කාරගේ පන්දු පන්දු 85 ඉනිම හතරේ පහර 11 කින් සහ හයේ පහර දෙකකින් අලංකාර විය.
ලකුණු 310 ක අභියෝගාත්මක ඉලක්කයක් කරා යාමේ අරමුණ ඇතිව ඉනිම ඇරඹූ ඩිල්ෂාන් සහ තිරිමාන්න දෙදෙනා එංගලන්ත පිලේ ප‍්‍රබලතම පන්දු යවන්නන් දෙදෙනා වන ජේම්ස් ඇන්ඩසන් සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් හමුවේ පළමු ඕවර 3 දී තරමක් විමසිලිමත් වූ නමුත් එතැන් සිට අවස්ථාවෝචිත පහර නිර්මාණය කරමින් ඕවර 19 ක් තුළදී ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ඩිල්ෂාන් සිය අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියද තිිරිමාන්න පන්දු 58 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර ඊට හතරේ පහර 7 ක් ඇතුළත් විය.
තිිරිමාන්න මෙන්ම ඩිල්ෂාන්ද ලකුණු ලබාගත්තේ එන එන විදිහට හිතූමතේ දඩබ්බර පහර ගැසීමෙන් නොවේ. පිටියේ හිදැස් බලා පන්දුව යැවීමට හැකිවන පරිදි, කි‍්‍රකට් පොතේ සටහන් සම්මත පහර, අවස්තාවෝචිතව වෙනස් කරගනිමිනි. ඔවුන් දෙදෙනාගේ ඉනිමේ අලංකාරය එයයි.
මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පළමු කඩුල්ල වෙනුවෙන් මෙතෙක් පැවැති ශතක සම්බන්ධත සංඛ්‍යාව 5 කි. ඉන් දෙකකටම ඩිල්ෂාන් සහ තිරිමාන්න හිමිකම් කියන අතර නවසීලන්ත ආරම්භක පිතිකරු යුගළය වන බ්‍රෙන්ඩන් මැකලම් සහ මාටින් ගප්ටිල් තවත් ශතක සම්බන්ධතා දෙකකට හිමිකම් කියති. අනෙක් සම්බන්ධතාව එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙනි.
පන්දු යවන්නන් සිවු දෙනකුගෙන් පමණක් කී‍්‍රඩා කිරීමේ ආදීනව හරි අපූරුවට ශී‍්‍ර ලංකා පිලට කියා දුන් එංගලන්ත පිතිකරුවෝ ඕවර 50 ක් නිමාවේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 309 ක් ලබා ගත්හ. එංගලන්ත ඉනිමේ 42 වැනි ඕවරය නිමා වූයේ කඩුලූ 4 කට 214 ක්ව තිබියදීය. එහෙත් අවසන් ඕවර 8 දී ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ගෙන් ලකුණු 95 ක් උදුරා ගත් ජෝ රූට්, ජේම්ස් ටේලර්, ජොස් බට්ලර් සහ කි‍්‍රස් වෝක්ස් තම පිලේ ලකුණු සංඛ්‍යාව 309 දක්වා ඔසවා තැබූහ.
එංගලන්ත පිල ලකුණු 300 සීමාවෙන් ඔබ්බට කැඳවාගෙන ගිය ජෝ රූට් ලෝක කුසලාන තරගයකදී එංගලන්තය වෙනුවෙන් ශතකයක් ලබාගත් ලාබාළතම පිතිකරුවා (අවුරුදු 24 යි) වෙමින් විශිෂ්ට ලකුණු 121 ක් ලබාගත්තේය. පන්දු 108 කට මුහුණ දුන් රූට් ඒවායින් 15 ක් හතරේ සීමාවෙන් එපිටට යැවූ අතර එකක් සීමාවට ඉහළින් පියාඹා ගියේය.
සෑම තරගයකදීම වාගේ අද තරගයේදීත් ගිලිහුණු උඩපන්දුවක් ශී‍්‍ර ලංකා පිලට සරදම් කරමින් සිටි අතර ජෝ රූට් ලකුණු 2 ක් ලබා සිටියදී දුන් උඩපන්දුවක් ස්ලිප්හි සිටි මහේල ජයවර්ධන අතින් ගිළිහී යන විට ලකුණු පුවරුව කියැවුණේ ඕවර 14 කදී කඩුලූ 2 කට 75 ක් වශයෙනි. එතැන් සිට පසුපස නොබැලූ ජෝ රූට් දුර්වල පන්දු තෝරා බේරා ගනිමින් තමන්ට රිසි පරිදි ලකුණු ලබාගත්තේය.
පිතිකරුවන්ගේ ප‍්‍රහාරාත්මක ඕවර 5 දී අනගි ප‍්‍රයෝජන ගත් ජෝ රූට් සහ ජේම්ස් ටේලර් දෙදෙනා ඉනිමේ 35 වැනි ඕවරය අවසන් වන විට කඩුලූ 4 කට 161 ක්ව තිබූ එංගලන්ත ලකුණු පුවරුවට ඕවර 5 කදී ලකුණු 42 ක් එක් කළහ.
මෙම ඕවර 5 යැවීමට නායක මැතිව්ස් පන්දු යවන්නන් සිවු දෙනකු යොදාගැනීමෙන් කියැවුණේ ශී‍්‍ර ලංකා පන්දු යැවීමේ තිබූ අඩු ලූහුඬු කම් මිස අනෙකක් නොවේ. සෑම ඕවරයකදීම පන්දු යවන්නන් මාරු කළ නමුත් රූට් සහ ටේලර් දෙදෙනාගේ ප‍්‍රහාරය නතර කළ නොහැකි වූ අතර ඔවුන් දෙදෛනා දවාගැනීමටද නොහැකි විය. පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98 ක් එක්කළ රූට් සහ ටේලර් දෙදෙනා ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 66 ක් පමණි.
ඉනිම ආරම්භයේ සිටම තමන්ගේ ලකුණු වේගය ඕවරයකට ලකුණු 5 සීමාවට එපිටින් රඳවාගත් එංගලන්ත පිතිකරුවෝ 10 වැනි ඕවරය නිමා වන විට කඩුලූ 1 ක් දැවී ලකුණු 62 ක් ලබා සිටියද 11 වැනි ඕවරය සහ 30 වැනි ඕවරය අතර යැවුණු ඕවර 20 දී ඔවුනට ලබාගත හැකිවූයේ ලකුණු 85 ක් පමණි. මෙම ඕවර වලදී සාර්ථක පන්දු යැවීමක යෙදුණු තිලකරත්න ඩිල්ෂාන්, ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා එංගලන්ත පිතිකරුවන් තරමක් දුරට පාලනය කරගැනීමට සමත් වූහ.
කණ්ඩායමේ එකම දග පන්දු යවන්නා වන රංගන හේරත් පන්දුව අතට ගැනීමටත් කලියෙන් එක දිගට ඕවර 5 ක් යැවූ තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 15 ක් පමණක් දෙමින් ගැරී බැලන්ස් දවාගත්තේ තමන්ගේ වම් පසට පැන රැුකගත් උඩපන්දුවකිනි. එය ඩිල්ෂාන්ගේ 100 වැනි එක්දින කඩුල්ලද විය.
අද සිය 311 වැනි එක්දින තරගයට සහභාගි වෙමින් සිටින, ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු නායකයකුද වන ඩිල්ෂාන්, එක්දින තරග වලදී ලකුණු 9586 ක් ලබා සිටින අතර එක්දින ලකුණු 10,000 ක් ලබාගත් සාමාජිකයන් අතරට පිවිසීම සඳහා ඔහුට ඕනෑ වන්නේ තවත් ලකුණු 414 ක් පමණි. එක්දින ලකුණු 10,000 ක් ලබාගත් පිතිකරුවන්ගේ සමාජයේ වත්මන් සාමාජික සංඛ්‍යාව 10 ක් වන අතර ඉන් තිදෙනෙක්ම ශී‍්‍ර ලාංකිකයෝ වෙති.
ජෝ රූට් සහ නායක ඔයින් මෝගන් එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක් එක්කළ නමුත් ඒ සඳහා පන්දු 85 ක් වැයවීමෙන් එංගලන්ත ලකුණු වේගය අඩාළ වුවද සිය කඩුලූ රැකගනිමින් අවසන් කොටසේදී ප‍්‍රහාරය සඳහා ඔව්හු ඒවා ඉතිර කරගත්හ.
තරගය පුරාම සාර්ථක පන්දු යැවීමක යෙදෙමින් සිටි තිසර පෙරේරාගේ 8 වැනි ඕවර (ඉනිමේ 45 වැන්න) සෙල්ලමකට ගත් ජෝ රූට් එම ඕවරයේදී හයේ පහර දෙකක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 25 ක් ලබාගත්තේය.
වෙනදා ප‍්‍රහාරාත්මක පිතිකරුවකු වන නමුත් ඔයින් මෝගන් පන්දු 47 කදී ලබාගත්තේ ලකුණු 27 ක් පමණි. මෝගන් අත දිගහැරීමට සූදානම් වෙනවාත් සමගම බැක්වර්ඞ් පොයින්ට් හි සිටි තිලකරත්න ඩිල්ෂාන් අති විශිෂ්ට ගනයේ උඩපන්දුවක් රැකගනිමින් මෝගන්ගේ ඉනිමට තිත තැබීය.
කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ශී‍්‍ර ලංකා පිල මෙන්ම එංගලන්ත කණ්ඩායමද මීට පෙර පැවැති තරග වලදී සහභාගි වූ කී‍්‍රඩකයන් 11 දෙනා සමගින් මෙම තරගයට පිවිස සිටිති. ශී‍්‍ර ලංකා පිල බංග්ලාදේශයට එරෙහිව මෙල්බර්න් නුවරදී තරග කළ අතර එංගලන්තය ස්කොට්ලන්ත පිලට එරෙහිව මෙම කී‍්‍රඩාංගණයේදීම තරග කර තිබිණ.
ඒ.එෆ්.පී. අනුග‍්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.