Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සංජුගේ ශතකය අපතේ යයි

සංජුගේ ශතකය අපතේ යයි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හයිද්‍රාබාද්හිදී පැවැති අටවැනි තරගයේදී රාජස්ථාන් රෝයල්ස් පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට සන්රයිස් හයිද්‍රාබාද් පිල අද (29 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 199 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් පිල ඕවර 19 කදී කඩුලු 5 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

සාර්ථක ආරම්භයක් ලබාගත් ඬේවිඞ් වෝනර් සහ ජොනී බෙයාර්ස්ටෝ පන්දු 58 කදී ලකුණු 110 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් හයිද්‍රාබාද් පිලේ ජයග්‍රහණය අවශ්‍ය අඩිතාලම දැමූහ.

ඬේවිඞ් වෝනර් පන්දු 37 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 9 ක් රැස්කළ අතර ජෝනී බෙයාර්ටෝ පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 45 ක් රැස්කළේය.

මැදපෙළ පිතිකරු විජේ ශංකර් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 15 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 35 ක් රැස්කරමින් හයිද්‍රාබාද් පිලේ ජයග්‍රහණයට දායක විය.

ශ්‍රියාස් ගෝපාල් සිය ඕවර 4 ලකුණු 27 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගත්තද ජයග්‍රහණය එය ප්‍රමාණවත් නොවීය.

සංජු සැම්සන්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 2 ක් දැවී ලකුණු 198 ක් රැස්කිරීමට සමත්විය.

පන්දු 54 කදී ශතකය ලබාගත් සංජු සැම්සන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ශතකයක් ලබාගත් පළමු පිතිකරුවා බවට පත්විය. එමෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියකදී ලබාගත් දෙවැනි ශතකය වාර්තා කළ සංජු සැම්සන් විස්සයි20 තරගයකදී ඔහු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමට සමත්විය.

පන්දු 55 කට මුහුණදුන් සංජු සැම්සන් හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැස්කිරීමට සමත්විය.

අජින්ක්‍යා රහනේ සමගින් එක්ව වේගවත් පිතිහරඹයක නිරත වෙමින් දෙවැනි කඩුල්ල සඳහා පන්දු 75 කදී ලකුණු 119 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ සංජු සැම්සන් තෙවැනි කඩුල්ල සඳහාද පන්දු 25 කදී තවත් ලකුණු 64 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් රාජස්ථාන් පිලේ ලකුණු මට්ටම ඉහළ දැමීමට සමත්විය.

සාර්ථක ආරම්භයක් ලබාගත් අජින්ක්‍යා රහනේ පන්දු 49 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 70 ක් රැස්කිරීමට සමත්විය. ආරම්භයේදී මන්දගාමී පිතිහරඹයක නිරතවූ රහනේ පසුව ලකුණු රැස්කිරීම වේගවත් කළේය.

රාජස්ථාන් පිලේ වෙනස්කමක් සිදුකර නොමැති අතර සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකරමින් සකීබ් අල්හසන් සහ දීපක් හූඩා වෙනුවට කේන් විලියම්සන් සහ ශබාස් නදිම් කණ්ඩායමට කැඳවූහ.
කාසියේ වාසිය ලැබූ රාජස්ථාන් පිලේ නායක අජින්ක්‍යා රහනේ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.


රාජස්ථාන් රෝයල්ස් - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 198
(අජින්ක්‍යා රහනේ 70, සංජු සැම්සන් නොදැවී 102)

සන්රයිස් හයිද්‍රාබාද් - ඕවර 19 කදී කඩුලු 5 ක් දැවී 201
(ඬේවිඞ් වෝනර් 69, ජොනී බෙයාර්ස්ටෝ 45, විජේ ශංකර් 35, ශ්‍රියාස් ගෝපාල් 27/3)

ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි


අදහස් (0)

සංජුගේ ශතකය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.