Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සකීබ් විස්සයි20 කඩුලු 300 සම්පූර්ණ කරයි

සකීබ් විස්සයි20 කඩුලු 300 සම්පූර්ණ කරයි

රොෂාන් ගුණරත්න - 2018 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරන බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක සකීබ් අල් හසන් පෙරේදා (24) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී රොහිත් ශර්මාගේ කඩුල්ල දවා ගනිමින් සිය පෞද්ගලික විස්සයි20 කඩුලු 300 සම්පූර්ණ කළේය. 

ඒ සමගම ඔහු විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු සංඛාවක් (300) දවාගත් සහ වැඩිම ලකුණු සංඛ්‍යාවක් (4069) රැස්කළ තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර දෙවැනි ස්ථානයටද පත් විය. 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරන ඞ්වේන් බ්‍රාවෝ මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන අතර ඔහු මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරයි. 

බ්‍රාවෝ මේ වන විට විස්සයි20 තරග 380 කදී ලකුණු 5607 ක් රැස්කරමින්, කඩුලු 417 දවාගෙන ඇත. ශකීබ් අල් හසන් තවමත් සහභාගි ඇත්තේ  විස්සයි 20 තරග 260 කට පමණි. ඔහු මේ වන විට ලීග් තරගාවලි බොහොමයකට ක්‍රීඩා කරන අතර ඊට බිග් බෑෂ්, පාකිස්තාන් සුපර් ලිග්, ඉන්දීය ප්‍රීමියර් ලීග්, කැරිබියන් ප්‍රීමියර් ලීග් සහ බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් යන තරගමාලා ඇතුලත් වේ. 

විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 2000 සීමාව සහ කඩුලු 200 සීමාව පසු කළ ක්‍රීඩකයන් ඇත්තේ 10 දෙනෙකු පමණි. ඊට ඇතුළත්ව සිටින එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා තිසර පෙරේරාය. 

ක්‍රීඩකයා ලකුණු  කඩුලු 
ඞ්වේන් බ්‍රාවෝ (බටහිර ඉන්දීය කොදෙව්)
5607 417
සකීබ් අල් හසන් (බංගලාදේශය) 4069 300
සහීිඞ් අෆ්රීඩි (පාකිස්තානය) 3893 300
කරන් පොලාඞ් (බටහිර ඉන්දීය කොදෙව්)
8103 251
ෂේන් වොට්සන් (ඕස්ටේ්‍රලියාව)
6640 215
අසාර් මෙහෙමුද් (පාකිස්තානය)
4091 258
ඇල්බි මෝකල් (දකුණු අප්‍රිකාව)
4058 245
ඔන්ඩි්‍ර රසල් (බටහිර ඉන්දීය කොදෙව්)
3671 214
තිසර පෙරේරා (ශ්‍රී ලංකාව)
2782 214
සොහේල් තන්වීර් (පාකිස්තානය)
2108 289
 
-024

අදහස් (0)

සකීබ් විස්සයි20 කඩුලු 300 සම්පූර්ණ කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.