Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාර්තු මස 6 වැනිදා ආරම්භ වන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක සකීබ් අල් හසන් නම් කර තිබේ. කණ්ඩායමේ නායකයා ලෙසින් නම් කර සිටියද, තවමත් ඇගිල්ලේ ආබාධය පූර්ණ වශයෙන් සුව වී නොමැති බැවින් ඔහුගේ සේවය ලබාගත හැකි වන්නේ තරගයකට හෝ දෙකකට පමණක් බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් මහතා පවසයි.
ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බංග්ලාදේශය අතර පැවැති තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහ තරගය අතරතුර වම් අත තුවාල විම නිසා සකීබ් අල් හසන්ට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියට මෙන්ම විස්සයි20 තරගාවලියටද සහභාගිවීමට නොහැකි විය. සකීබ් ක්‍රීඩා නොකිරීම නිසා එම තරගාවලි දෙකේදීම බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මහමදුල්ලා රියාද්ට හිමිවිය.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම වෙනස්කම් 5 ක් සමගින් නිදහස් කුසලාන තරගාවලියට සහභාගි වෙයි. සකීබ් අල් හසන්ට අමතරව ටමීම් ඉක්බාල්, ඉම්රුල් කේයස්, නුරුල් හසන් සහ මෙහෙදි හසන්ද බංග්ලාදේශ කණ්ඩායමට කැඳවා සිටිති.
ශ්‍රී ලංකා-බංග්ලාදේශ විස්සයි20 තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් අතරින් මොහොමඞ් ශයිෆුඩීන්, සකීර් හසන්, අෆීෆ් හුසේන් සහ මොහොමඞ් මිතුන් යන ක්‍රීඩකයන්ට නිදහස් කුසලාන තරගාවලියේදී ස්ථාන අහිමිවී තිබේ.
චන්දික හතුරුසිංහ මහතාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායමට නිත්‍ය ප්‍රධාන පුහුණුකරුවෙක් පත්කර ගැණුනේ නැති බැවින් නිදහස් කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු වේග පන්දුයවන ක්‍රීඩකයකු වන කර්ට්නි වෝල්ෂ් මහතා පත්කර තිබේ.
බංග්ලාදේශ විස්සයි20 සංචිතය
සකීබ් අල් හසන් (නායක), මහමදුල්ලා රියාද්, ටමීම් ඉක්බාල්, සෞම්‍ය සාකර්, මුෂ්ෆිකුර් රහීම්, සබීර් රෙහෙමාන්, මුස්ටෆිසුර් රෙහෙමාන්, රුබෙල් හොසේන්, අබූ ජයේද්, ටස්කින් අහමඞ්, ඉම්රුල් කේයස්, නුරුල් හසන්, මෙහෙදි හසන්, අරිෆුල් හක්, නුරුල් ඉස්ලාම් සහ අබූ හයිදර්
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.