Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර මුම්බායිහිදී අද (24 වැනිදා) පැවැති තරගය ලකුණු 31 කින් ජයගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 119 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඕවර 18.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 87 ක් පමණි.
සූර්යකුමාර් යාදව් ලකුණු 34 ක් සහ කෲනාල් පාණ්ඩ්‍යා ලකුණු 24 ක් රැසකළ අතර අනෙක් පිතිකරුවන්ට ලකුණු 10 සීමාවහෝ පසුකිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.
ලකුණු 21 කට කඩුලු 3 ක් දැවී ගිය පසු සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 40 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සූර්යකුමාර් යාදව් සහ කෲනාල් පාණ්ඩ්‍යා සමත්වූ අතර අවසන් කඩුලු 7 ලකුණු 26 ක් තුළ දැවීයාම කැපී පෙණුනි.
සිද්ධාර්ත් කෞල් ලකුණු 23 කට කඩුලු 3 ක් ද රෂීඞ් ඛාන් ලකුණු 11 කට කඩුලු 2 ක් සහ බැසිත් තම්පි ලකුණු 4 කට කඩුලු 2 ක් දවාගනිමින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ජයග්‍රණය කරා රැගෙන යාමට සමත්වූහ.
පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද්ට ඕවර 18.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 118 ක් පමණි.
ලකුණු 29 බැගින් රැස්කළ කේන් විලියම්සන් සහ යූසූෆ් පතාන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන්වූ අතර සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට මුම්බායි ඉන්දියන්ස් පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.
මයාන්ක් මාර්කන්ඬේ, හර්දික් පාණ්ඩ්‍යා සහ මිචෙල් මැක්ලෙනගන් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වෙනස්කමක් සිදුනොකර පසුගිය තරගයට සහභාගීවූ කණ්ඩායමම අද තරගයටද සහභාගී කරවන අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුකර ඇත. ආබාධයන්ට ලක්වූ බිලී ස්ටෑන්ලේක් සහ බුවනේෂ්වර් කුමාර කණ්ඩායමෙන් ඉවත්කර ශීකර් ධවාන්, මොහොමඞ් නබී සහ බැසිල් තම්පි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එක්කර ගත්හ.
කාසියේ වාසිය ලැබූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 18.4 කදී සියලුදෙනා දැවී ලකුණු 118
(කේන් විලියම්සන් 29, යූසූෆ් පතාන් 29, මයාන්ක් මාර්කන්ඬේ 15/2, හර්දික් පාණ්ඩ්‍යා 20/2, මිචෙල් මැක්ලෙනගන් 22/2, )
මුම්බායි ඉන්දියන්ස් - ඕවර 18.5 කදී සියලුදෙනා දැවී ලකුණු 87
(සූර්යකුමාර් යාදව් 34, කෲනාල් පාණ්ඩ්‍යා 24, සිද්ධාර්ත් කෞල් 23/3, බැසිත් තම්පි 4/2, රෂීඞ් ඛාන් 11/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.