Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සන්රයිසස් ක්‍රීඩකයෝ කඩුලු 5 කින් ජයගනිති

සන්රයිසස් ක්‍රීඩකයෝ කඩුලු 5 කින් ජයගනිති

ශනුක අරවින්ද - 2019 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 16 තරගය ලෙස දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (4 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 130 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් ක්‍රීඩකයෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්යක පසුකර ගියහ. මොහොමඞ් නබී පන්දු 9 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 17 ක්ද, යූසෆ් පතාන් පන්දු 11 කදී හතරේ පහරක් සමග නොදැවී ලකුණු 9 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

වේගවත් පිතිහරඹයක නිරත වූ ජොනී බෙයාස්ට්‍රෝ පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 48 ක් රැස්කරමින් හයිද්‍රාබාද් කණ්ඩායමේ ජයග්‍රහණයට මනා අඩිතාලමක් දැමීය. ඬේවිඞ් වෝනර් (10) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් 35 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බෙයාස්ට්‍රෝ සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 129 ක් ලබාගත්තේය. දිල්ලි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ශ්‍රෙයාස් අයියර් පන්දු 41 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 43 ක් රැස්කළ අතර අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ අක්සර් පටේල් පන්දු 13 කින් නොදැවී ලකුණු 23 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි.

කාසියේ වාසිය දිනූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නායක බුවනේෂ්වර් කුමාර්, මොහොමඞ් නබී සහ සිද්ධාර්ත් කෞල් කඩුලු 2 බැගින් බිඳහෙළමින් දිල්ලි කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පුරෝගාමී වූහ. ඔවුන්ට අනගි සහායක් දුන් රෂීඞ් ඛාන් සිය ඕවර 4 ලකුණු 18 කට සීමා කළේ කඩුල්ලක්ද දවාගනිමිනි.

දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 129
(ශ්‍රෙයාස් අයියර් 43, ක්‍රිස් මොරිස් 17, අක්සර් පටේල් නොදැවී 23, මොහොමඞ් නබී 21/2, බුවනේෂ්වර් කුමාර් 27/2, සිද්ධාර්ත් කෞල් 35/2)

සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 18.3 කදී කඩුලු 5 ක් දැවී 131
(ජොනී බෙයාස්ට්‍රෝ 48, විජේ ශංකර් නොදැවී 16, මොහොමඞ් නබී නොදැවී 17)

-036


අදහස් (0)

සන්රයිසස් ක්‍රීඩකයෝ කඩුලු 5 කින් ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.