Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සමරවීරගේ පත්වීම ගැන ඩීන් නොසතුටෙන්

සමරවීරගේ පත්වීම ගැන ඩීන් නොසතුටෙන්

Nisanka Sandeepani - 2017 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිතිහරඹ පුහුණුකරු වශයෙන් වසර තුනක කාළයක් සදහා තිලාන් සමරවීර මහතා පත්කිරීමට ගත් පියවර ඉක්මන් තීරණයක් බව හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩීන් ජෝන්ස් මහතා කියයි. 

“මා හිතනවා ප්‍රධාන පුහුණුකරුවකු සමග දීර්ඝ කාලීනව ගිවිසුම් ගතවීම ඉතා වැදගත් දෙයක් බව. බුද්ධිමත් තීරණය වන්නේ එයයි. ඊට පස්සේ පිතිහරඹ පුහුණුකරු සහ පන්දු යැවීමේ පුහුණුකරු තෝරාගත යුත්තේ ප්‍රධාන පුහුණුකරුවා විසින්. මේ සම්බන්ධයෙන් ඔවුන් දැන් යන්නේ වැරදි පාරේ කියලයි මට හිතෙන්නේ” යැයි ඩීන් ජෝන්ස් මහතා පවසා තිබේ. 

මෙහි වටිනාකම ඇත්තේ ඩීන් ජෝන්ස් මහතාද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා තරග කරන එක් අපේක්‍ෂකයකු වීමයි.
ජෝන්ස් මහතා කුමක් කීවද ඕස්ට්‍රේලියානු පිලේ හිටපු පිතිකරුවකු මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේද හිටපු පුහුණුකරුවකු වන ජෙෆ් මාෂ් මහතා විසින් තිලාන් සමරවීර මහතාගේ පත්වීම සාදරයෙන් පිළිගෙන ඇත.

“ඔහු ඇත්තටම හොද පුහුණුකරුවෙක්. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරි තීරණයක් අරගෙන තියෙනවා” යැයි ජෙෆ් මාෂ් මහතා පවසා ඇත. ජෙෆ් මාෂ් මහතා 1987 දී ලෝක කුසලානය දිනාගත් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ සාමාජිකයකුද වෙයි. 

ශ්‍රී ලංකා කණ්ඩායමත් සමගින් ගත කළ සුළු කාලයේදී ඔහුට තිලාන් සමරවීර මහතාගේ සේවය ලබාගැනීමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.


 - ඬේලි මිරර් ඇසුරිනි

 


අදහස් (0)

සමරවීරගේ පත්වීම ගැන ඩීන් නොසතුටෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.