Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ස්ටෝක්ස් එංගලන්ත එක්දින පිලට එයි

ස්ටෝක්ස් එංගලන්ත එක්දින පිලට එයි

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග තහනමකට ලක්ව සිටින එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කිරීමට එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එක්දින තරගාවලිය ලබන ජනවාරි මස 14 වැනිදා මෙල්බර්න්හිදී ආරම්භ වේ.

බ්‍රිස්ටල්හි රාත්‍රී සමාජ ශාලවක් තුළදී ඇතිවූ ගැටුමකට සම්බන්ධවීම නිසා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ස්ටෝක්ස්ට තාවකාලික ජාත්‍යන්තර තරග තහනමක් පනවන ලදි.

ස්ටොක්ස් සමග එම ගැටුමට සම්බන්ධ වූ බව කියන ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස්ද ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ඇතුළත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එංගලන්ත තේරීම් කමිටුව කියා සිටින්නේ එක්දින තරගාවලිය සඳහා වඩාත් ශක්තිමත් කණ්ඩායමක් නම් කරන ලෙස තමන්ට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් උපදෙස් ලැබුණ බවත්, ඒ හේතුවෙන් ස්ටෝක්ස් සහ හේල්ස් කණ්ඩායමට ඇතුළත් කිරීමට තමන් පියවර ගත් බවත්ය. කෙසේ වුවත් එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ටේ‍රවර් බේලිස් මහතා පවසන්නේ ස්ටෝක්ස් නැවත කණ්ඩායම සමග එක්වීම නිසා කණ්ඩායමේ අවධානය වෙනස්ම අතකට යොමුවිය හැකි බවයි.


“ස්ටෝක්ස්ගේ නැවත පැමිණීම නිසා කණ්ඩායමේ ලොකු පෙරළියක් සිදුවේවි යැයි මා බලාපොරොත්තු වෙනවා.” යැයි බේලිස් මහතා දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.


ස්ටෝක්ස්, අළු බඳුන තරගාවලියට සහභාගි වීම සඳහා එංගලන්ත කණ්ඩායම සමග ඕස්ට්‍රේලියාව බලා පිටත්ව නොගිය අතර ඒ හේතුවෙන් ඔහුට පළමු ටෙස්ට් තරග 2 අහිමි විය. බ්‍රිස්බේන්හිදී සහ ඇඩිලේඞ්හිදී පැවැති එම තරග දෙකේදීම එංගලන්ත කණ්ඩායම පරාජයට පත් විය.

ස්ටෝක්ස්ට සහ හේල්ස්ට අමතරව කෙන්ට් ප්‍රාන්ත පිතිකරු සෑම් බිලින්ස් සහ ඩර්හැම් ප්‍රාන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ්ද එක්දින තරගාවලිය සඳහා නම් කර ඇති එංගලන්ත සංචිතයට කැඳවා සිටිති.


එංගලන්ත සංචිතය
ඔයින් මෝගන් (නායක), මුයින් අලී, ජොනී බෙයාස්ට්‍රෝ, ජේක් බෝල්, සෑම් බිලින්ස්, ජොස් බට්ලර්, ටොම් කරන්, ඇලෙක්ස් හේල්ස්, ලයාම් ප්ලන්කට්, අදිල් රෂීඞ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටෝක්ස්, ඩේවිඩ් විලී, ක්‍රිස් වෝක්ස් සහ මාක් වුඩ්


තරග කාලසටහන

පළමු එක්දින තරගය - ජනවාරි 14 - මෙල්බර්න්හිදී
දෙවැනි එක්දින තරගය - ජනවාරි 19 - බ්‍රිස්බේන්හිදී
තෙවැනි එක්දින තරගය - ජනවාරි 21 - සිඩ්නිහිදී
සිවුවැනි එක්දින තරගය - ජනවාරි 26 - ඇඩිලේඩ්හිදී
පස්වැනි එක්දින තරගය - ජනවාරි 28 - පර්ත්හිදී


- 036

 


අදහස් (0)

ස්ටෝක්ස් එංගලන්ත එක්දින පිලට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.