Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ස්ටෝක්ස් එංගලන්ත සංචිතයට

ස්ටෝක්ස් එංගලන්ත සංචිතයට

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ එංගලන්තය අතර ලබන 18 වැනිදා ආරම්භ වන තුන්වැනි ටෙස්ට් තරගය සඳහා වන සංචිතයට බෙන් ස්ටෝක්ස් ඇතුළත් කර තිබේ. බ්‍රිස්ටල් නුවර රාත්‍රී සමාජ ශාලාවකදී පුද්ගලයන් දෙදෙනකුට පහර දීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ස්ටෝක්ස් එම චෝදනාවලින් නිදහස් වීමෙන් පසුව නැවතත් එංගලන්ත සංචිතයට කැඳවා තිබේ.

කෙසේ වෙතත් පසුගිය වසරේ සැප්තැම්බර් 25 වැනිදා සිදුවූ මෙම ගැටුම සම්බන්ධයෙන් ස්ටෝක්ස් මෙන්ම ඔහුගේ සගයා වූ ඇලෙක්ස් හේල්ස්ද විනයානුකුල පියවර වලට මුහුණ දීමට සිදුවිය හැකි බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය කියයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් කියන්නේ ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් මීටත් වඩා දඬුවම් අවශ්‍ය නොවන බවයි. පසුගිය වසර අගදී පැවැති එංගලන්ත පිලේ ඕස්ට්‍රේලියානු (අළු බඳුන) සංචාරය මෙන්ම එංගලන්තය සහ ඉන්දියාව අතර ලෝඞ්ස්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය අහිමි වීමම ඔහුට ලැබුණු දඬුවම් බව එංගලන්ත පිලේ හිටපු නායකයකු වන මයිකල් වෝන් මහතා කියයි.

 


අදහස් (0)

ස්ටෝක්ස් එංගලන්ත සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.