Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලන්ඩනයේ රාත්රී සමාජ ශාලාවකදී ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි එංගලන්ත පිලේ තුන් ඉරියව් ක්රීඩක බෙන් ස්ටෝක්ස් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ස්ටෝක්ස්ට එරෙහිව ඉදිරිපත්වී තිබූ චෝදනාව වූයේ රාත්රී සමාජ ශාලාවකදී ඇතිවූ ගැටුමකදී දෙදෙනකුට සිහිසුන්වන තුරු පහර දුන් බවයි.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති එක්දින තරගයකින් පසුව බි්රස්ටල්හි රාත්රී සමාජ ශාලාවකදී මෙම සිදුවීම ඇතිවිය. එහිදී රයාන් අලි සහ රයාන් හේල් දෙදෙනා බෙන් ස්ටෝක්ස්ගේ පහර කෑමට ලක්වූහ.
විත්තියේ නීතිඳවරුන් කියා සිටියේ අධික ලෙස මත්පැන් පානය කර සිටි බෙන් ස්ටෝක්ස් කෙළින් සිටගැනීමට තරම් බීමත්ව සිටි බවයි. සමාජ ශාලාවට ඇතුළු වීමට අවසර නොදීම නිසා දොරටුපාලයාට බැණ වැදුණු ස්ටෝක්ස් එතැන සිටි සමරිසියන් දෙදෙනාට සරදම් කළේ යයිද පැමිණිලි පාර්ශ්වය කියා සිටියේය.
මෙම චෝදනා සියල්ලම ප්රතික්ෂේප කළ බෙන් ස්ටෝක්ස් තමන් සමරිසියන් දෙදෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වූ අතරම තමන්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ බවත් පැවසීය. තමන් ඒ අවස්ථාවේදී බීමත්ව නොසිටි නමුත් සිදුවූයේ කුමක්ද යන්න හරි හමන් මතකයක් නැති බවද ස්ටෝක්ස් කියා සිටියේය.
මෙම චෝදනාව හේතුවෙන් පසුගිය වසර අවසානයේදී ඕස්ටේ්රලියාවේදී පැවැති අළු බඳුන තරගාවලියෙන්ද බෙන් ස්ටෝක්ස් ඉවත් කරන ලදි. චෝදනාවට අදාළ නඩු විභාගයට ඉදිරිපත් විය යුතුව තිබූ හෙයින් බෙන් ස්ටෝක්ස්ට එංගලන්තය සහ ඉන්දියාව අතර ලෝඞ්ස් පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි විය නොහැකි විය.
ස්ටෝක්ස් වෙනුවට දෙවැනි ටෙස්ට් තරගයට එක්වූ ක්රිස් වෝක්ස් ලෝඞ්ස් පිටියේදී නොදැවී ලකුණු 137 ක් ලබාගනිමින් සහ කඩුලු දෙකක්ද දවාගනිමින් එංගලන්ත පිල ජයග්රහණය කරා කැඳවාගෙන ගියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.