Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඩකාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 443 ක ඉලක්කයක් හඹායන සිම්බාබ්වේ කණ්ඩායම සිවුවැනි දිනය වූ අද (14 වැනිදා) තරගය නතර කරනවිට දෙවැනි ඉනිමට කඩුලු 2 ක් දැවී ලකුණු 76 ක් රැස්කිරීමට සමත්විය.
බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 4 ක් සහ සීන් විලියම්ස් ලකුණු 2 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර කඩුලු 8 ක් අතැති සිම්බාබ්වේ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 367 ක් ලබාගැනීමට අවශ්‍යව ඇත. ඒ සඳහා ඔවුන්ට හෙට දිනයේදී ඕවර 90 ක් ඉතිරිව ඇත.
අද උදෑසන සිය දෙවැනි ඉනිම ඇරඹූ බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 224 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවා සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කළේය.
ලකුණු 25 කට කඩුලු 4 ක් දවාගනිමින් බංග්ලාදේශ කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත්වුහ. නමුත් සිවුවැනි කඩුල්ල සඳහා එක්වූ මොහොමඞ් මිතුන් සහ මහමුදුල්ලා ලකුණු 118 ක සම්බන්ධතාවයක් පවත්වමින් සිම්බාබ්වේ පන්දු යවන්නන්ගේ පීඩනයෙන් සිය කණ්ඩායම මුදවා ගැනීමට සමත්වූහ.
ශතකයක් ලබාගනිමින් ඉනිම අවසන් කරනතෙක් කඩුල්ලේ රැඳී සිටි නායක මහමුදුල්ලා හත්වැනි කඩුල්ල සඳහා මෙහෙදී හසන් සමගින් එක්ව තවත් ලකුණු 73 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය.
මහමුදුල්ලා පන්දු 122 කට මුහුණදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 101 ක් රැස්කළ අතර මොහොමඞ් මිතුන් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 67 ක් රැස්කිරීමට සමත්විය.
කයිල් ජාර්විස් සහ ඩොනල්ඞ් ටිරිපානෝ කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
හෙට (15) තරගයේ අවසන් දිනයයි.
බංග්ලාදේශ පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 522
(මොමිනුල් හක් 161, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 219, මහමදුල්ලා රියාද් 36, මොහෙදි හසන් නොදැවී 68, කයිල් ජාවිස් 71/5)
සිම්බාබ්වේ පළමු ඉනිම - සියලු දෙනා දැවී 304
(හැමිල්ටන් මසකඩ්සා 14, බ්‍රයන් චාරි 53, බ්‍රෙන්ඩන් ටේලර් 110, පීටර් මූර් 83, තයිජුල් ඉස්ලාම් 107/5, මෙහෙදි හසන් 61/3)
බංග්ලාදේශ දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 224
(මොහොමඞ් මිතුන් 67, මහමුදුල්ලා නොදැවී 101, මෙහෙදි හසන් නොදැවී 27, කයිල් ජාර්විස් 27/2, ඩොනල්ඞ් ටිරිපානෝ 31/2)
සිම්බාබ්වේ දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 76
(හැමිල්ටන් මසකඞ්සා 25, බ්‍රයන් චාරී 43)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.