Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කණ්ඩායම මවිත කරමින් සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (08 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමගින් තරගාවලිය 2-2 ක් ලෙස සමකර ගත් සිම්බාබ්වේ ක්‍රීඩකයෝ තරගාවලිය ජයගැනීමේ බලාපොරොත්තු අලුත්කර ගත්හ.
ජයග්‍රහණය සදහා ලකුණු 301 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට ඕවර 21 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 139 ක් රැස්කර සිටියේය.
ශ්‍රී ලංකාව | |||
නිරෝෂන් දික්වැල්ල - ක.මු.කළා ප. වොලර් | 116 | ||
ධනුෂ්ක ගුණතිලක - ප. වොලර් | 87 | ||
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. මසකඩ්සා ප. චටාරා | 42 | ||
උපුල් තරංග - ප. සීකන්දර් රාසා | 22 | ||
අසේල ගුණරත්න - ඇ. විලියම්ස් ප. මොෆූ | 1 | ||
කුසල් මෙන්ඩිස් - ඇ. වොලර් ප. මොෆූ | 0 | ||
වනිඳු හසරංග - නොදැවී | 19 | ||
අතිරේක (ව-11, අ-1, පා-1) | 13 | ||
එකතුව ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී | 300 | ||
කඩුලු වැටීම | |||
1-209 (ගුණතිලක), 2-216 (දික්වැල්ල), 3-257 (තරංග), 4-260 (ගුණරත්න), 5-263 (මෙන්ඩිස්), 6-300 (මැතිව්ස්) | |||
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ | |||
ලක්ෂාන් සඳකැන්, අසිත ප්‍රනාන්දු, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර. | |||
පන්දු යැවීම | |||
ක්‍රිස් මොෆූ | 9-0-61-2 | ව-4 | |
ටෙන්ඩායි චටාරා | 5-0-32-1 | ව-2 | |
සීකන්දර් රාසා | 9-0-56-1 | ව-1 | |
ෂෝන් විලියම්ස් | 5-0-37-0 | ||
සොලමන් මීර් | 3-0-21-0 | ව-2 | |
ග්‍රේම් ක්‍රීමර් | 9-0-47-0 | ||
මැල්කම් වෝලර් | 10-0-44-2 | ව-1 | |
සිම්බාබ්වේ | |||
හැමිල්ටන් මසකඩ්සා - ප. වනිඳු | 28 | ||
සොලමන් මීර් - ඇ. මැතිව්ස් ප. වනිඳු | 43 | ||
ත්‍රිසායි මුසකන්ඩා - ඇ. දික්වැල්ල ප. චමීර | 30 | ||
ක්‍රෙග් අර්වින් - නොදැවී | 69 | ||
ෂෝන් විලියම්ස් - ස්ට. දික්වැල්ල ප.ගුණරත්න | 6 | ||
සීකන්දර් රාසා - ඇ. සහ ප. වනිඳු | 10 | ||
මැල්කම් වොලර් - ඇ. ගුණතිලක ප. සඳකැන් | 20 | ||
පීටර් මුවර් - නොදැවී | 0 | ||
අතිරේක (අ-4, පා-1, ව-8) | 13 | ||
එකතුව ඕවර 29.2 කදී කඩුලු 6 ක් දැවී | 219 | ||
කඩුලු වැටීම | |||
1-67 (මසකඩ්සා), 2-82 (මීර්), 3-128 (මුසකන්ඩා), 4-145 (විලියම්ස්), 5-172 (සීකන්දර්), 6-215 (වොලර්) | |||
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ | |||
ග්‍රේම් ක්‍රීමර් (නායක), ටෙන්ඩායි චටාරා, ක්‍රිස් මොෆූ | |||
පන්දු යැවීම | |||
ලසිත් මාලිංග | 4-1-18-0 | ||
අසිත ප්‍රනාන්දු | 2-0-22-0 | ||
දුෂ්මන්ත චමීර | 3-0-19-1 | ව-1 | |
අසේල ගුණරත්න | 5-0-21-0 | ||
වනිඳු හසරංග | 4-0-27-2 | ||
ලක්ෂාන් සඳකැන් | 2-0-23-0 | ව-2 | |
ධනුෂ්ක ගුණතිලක | 1-0-4-0 |
වර්ෂාව හේතුවෙන් තරගය මිනිත්තු 96 ක පමණ කාලයක් නතර කර තිබීමට සිදුවීම හේතුවෙන් ඕවර 19 ක් අතහැර දැමිමට විනිසුරුවරු තීරණය කළහ. යළිත් ඇරඹි තරගය ඕවර 31 කට සීමාවූ අතර ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 219 ක ඉලක්කයක් සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවිය.
ආරම්භක පිතිකරුවන්වූ සොලමන් මීර් (43) සහ හැමිල්ටන් මසකඞ්සා (28) ලබාගත් වේගවත් ආරම්භය ඉදිරියට රැගෙන ගිය සෙසු පිතිකරුවෝ ජයග්‍රහණයට අඩිතාලම දමාදුන් අතර ක්‍රෙග් අර්වින් අර්ධ ශතකයක් ලබාගනිමින් සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. වේගවත් පිතිහරඹයක නිරතවූ සොලමන් මීර් පන්දු 30 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර පහක් සමගින් ලකුණු 43 ක් රැස්කළ අතර ක්‍රෙග් අර්වින් පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර අටක් සමගින් ලකුණු 69 ක් රැස්කිරීමට සමත් විය.
සිම්බාබ්වේ ඉනිම ආරම්භයේදී පමණක් පන්දු යැවූ ලසිත් මාලිංග ඕවර හතරක් යවමින් එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 18 ක් ලබාදුන් අතර කඩුල්ලක් දවාගැනීමට අවස්ථාවක් හිමි නොවීය. වනිදු හසරංග ඕවර හයක් තුළ ලකුණු 40 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවද සිම්බාබ්වේ පිතිකරුවෝ ලකුණු වේගය පවත්වාගෙන ගියහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 300 රැස්කිරීමට සමත් විය. පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 200 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක පිට පිටම එක්දින තරග දෙකකදී ද්විත්ව ශතක සම්බන්ධතා දෙකක් ගොඩනැංවූ පළමු පිතිකරු යුගළය ලෙස ලෝක වාර්තාවක් පිහිටවූහ.
එක්දින අන්තර්ජාතික තරග ආරම්භ වූ 1971 සිට එක්දින තරග වලදී ද්විත්ව ශතක සම්බන්ධතා රාශියක් පිහිටුවා ඇතත් පිට පිටම තරග දෙකකදී එකම පිතිකරු යුගළය විසින් ද්විත්ව ශතක සම්බන්ධතා දෙකක් පිහිටුවන ලද පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ඉකුත් 6 වැනිදා පැවැති තරගයේදීත් පළමු වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 229 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට මෙම පිතිකරුවෝ දෙදෙනා සමත් වූහ.
නිරෝෂන් දික්වැල්ල සිය දෙවැනි එක්දින ශතකය පන්දු 99 කදී වාර්තා කළ අතර මැල්කම් වොලර්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීයන විටදී ලකුණු 116 ක් රැස්කර සිටියේය. පන්දු 118 කට මුහුණදුන් දික්වැල්ලගේ ඉනිමට හතරේ පහර අටත් ඇතුළත් විය. පිට පිට එක්දින තරග දෙකකදී ශතක දෙකක් රැස්කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් එම දස්කම කළ අටවැනි පිතිකරුවා වීමට නිරෝෂන් දික්වැල්ල අද සමත් විය.
විසි එක්වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී පන්දු යැවූ ග්‍රේම් ක්‍රීමර්ගේ හිසට ඉහළින් ඇදී ගිය උඩපන්දුව අතහැරීම හේතුවෙන් ලකුණු 44 ක් ලබාසිටි ධනුෂ්ක ගුණතිලකට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව උදාවූවද මැල්කම් වොලර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් පිට පිට ලබාගැනීමට තිබූ සිය දෙවැනි ශතකය ලකුණු 13 ක් මෙපිටින් අහිමිකර ගත්තේය. පන්දු 62 කදී පස්වැනි එක්දින අර්ධ ශතකය ලබාගත් ධනුෂ්ක ගුණතිලක දැවීයන විටදී පන්දු 101 කදී හතරේ පහර හතක් සමගින් ලකුණු 87 ක් රැස්කිරීමට සමත් විය.
පළමු කඩුල්ල දැවීයන තෙක් පළමු කඩුල්ල සදහා ලකුණු ලබාගැනීමේ වේගය ඕවරයකට ලකුණු හයේ සීමාවේ තබාගැනීමට ආරම්භක පිතිකරුවන් දෙදෙනා සමත්වූ අතර ඔවුන් දැවීයාමෙන් අනතුරුව ලකුණු ලබාගැනීමේ වේගය තරමක් දුරට අඩාල වුවද අවසන් ඕවර 10 තුළඳී කඩුලු 4 ක් අහිමිකර ගනිමින් ලකුණු 79 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.
පළමු කඩුල්ල දැවීයාමත් සමගින් පිතිකරු ලැයිස්තුවේ ඉහළින් පැමිණි ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවේදී දැවීයන විට පන්දු 40 කට මුහුණදී හයේ පහර දෙකක් සමගින් ලකුණු 42 ක් රැස්කිරීමට සමත් ව සිටියේය. තෙවැනි කඩුල්ල සදහා උපුල් තරංග සමගින් පන්දු 36 කදි ලකුණු 41 ක සම්බන්ධතාවයක් පැවැත්වූ මැතිව්ස් හයවැනි කඩුල්ල සදහා වනිඳු හසරංග සමගින් පන්දු 30 කදී ලකුණු 37 ක සම්බන්ධතාවයක් පැවැත්විමටද සමත් විය.
පිට පිට සිවුවැනි වරටත් කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. සිම්බාබ්වේ කණ්ඩායමේ නායක ග්‍රැහැම් ක්‍රීමර් පිට පිට අටවැනි වරටත් කාසියේ වාසිය පරාජයට පත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස් කමක් සිදුකරමින් ආබාධයකයට ලක්වී තරගාවලියෙන් ඉවත්විමට සිදුවූ නුවන් ප්‍රදීප් වෙනුවට අසිත ප්‍රනාන්දු එක්දින වරම් දිනාගනිමින් කණ්ඩායමට එක්වූ අතර සිම්බාබ්වේ කණ්ඩායමේද එක් වෙනස්කමක් සිදුකරමින් කාල් මුම්බා වෙනුවට ක්‍රිස් මොෆූ කණ්ඩායමට කැඳවා ඇත.
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ සිව්වැනි එක්දින තරගයේ විශේෂ අවස්ථා..
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.