Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ම කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.
දකුණු අප්‍රිකානු සංචාරයේ එක්දින තරගාවලියෙන් පසුව හදිසියේම ශ්‍රී ලංකාවට කැඳවූ හතුරුසිංහ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර ඊයේ (21) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් එහි සභාපති ශම්මි සිල්වා සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු සහභාගි වූහ.
මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පෙරේදා පස්වරුවේ පැය දෙකකට අධික කාලයක් පැවැත්විණි. එහිදී හතුරුසිංහ මහතා ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සැළැස්මක් ඉදිරිපත්කර තිබේ.
මෙම සාකච්ඡාව පිළිබඳව කළ විමසුමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසුවේ ක්‍රිකට් ආයතනයේ පාලකයන් හැටියට තමන්ට වෙනත් ප්‍රශ්න වැදගත් නොවන බවත් ක්‍රිකට් ආයතනය ගෙවන මුදලට ගැලපෙන ප්‍රතිඵල ලැබිය යුතු බව පුහුණුකරුට පැවසූ බවයි.
“මේක පළමු සාකච්ඡාව. ඊට පසුව අපි ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා සමඟ සාකච්ඡා කරනවා. ඉන් පසුව පුහුණුකරු සහ තේරීම් කමිටුව එක තැනකට ගෙනත් සාකච්ඡා කරනවා”
“අපිට වෙනත් ප්‍රශ්න වැඩක් නෑ. අපිට ඕනේ කණ්ඩායමේ දස්කම් වැඩි කරගෙන තරගය ජය ලබන කණ්ඩායමක් නිර්මාණය කිරීමයි. අපිත් ඒ සඳහා මහන්සිවෙලාවැඩ කරනවා” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.
අසන්ත ද මෙල් මහතා සහ ක්‍රිකට් ආයතන නිලධාරීන් අතර දෙවැනි සාකච්ඡාව අද (22) පැවැත්වීමට නියමිතව තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.