Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner හතුරුසිංහ 20 වැනිදා වැඩ බාර ගනියි

හතුරුසිංහ 20 වැනිදා වැඩ බාර ගනියි

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මේ මස 20 වැනිදා සිට වැඩ බාරගැනීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු බවට පත්වීමට පෙර හතුරුසිංහ මහතා බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර ඉකුත් ඔක්තෝබර් මාසයේදී ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්විය.

2003 වසරේදී මුවර්ස් ක්‍රීඩා සමාජයට ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාදීම සඳහා ක්‍රීඩකයකු සහ පුහුණුකරුවකු ලෙසත් කැපවූ හතුරුසිංහ මහතා, පසු කලෙක එක්සත් අරාබි එමීර් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙසත් කටයුතු කළේය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස 2007 වසරේදී වැඩ භාරගත් ඔහු, 2009 වසරේදී නිතරවූ දකුණු අප්‍රිකානු සංචාරයේදී ඉහළ දස්කම් දැක්වීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට මගපෙන්වීය.

ට්‍රවර් බේලිස් මහතාගෙන් පසුව හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්වෙතැයි අපේක්ෂා කළත් එවකට බලයේ සිටි ක්‍රිකට් පාලක මණ්ඩලය කිසිදු හේතුවකින් නොදක්වමින් ඔහු සේවයෙන් ඉවත් කළේය.
 
බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට පෙර හතුරුසිංහ මහතා, ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කණ්ඩායමක් වන නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කර තිබේ.  

එදා මෙදා තුර බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම පුහුණුකරුවා තමා බව පසක් කළ හතුරුසිංහ මහතා, සිය ධුර කාලය තුළදී ඉන්දියාව, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින ජයග්‍රහණද, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තයට එරෙහිව ටෙස්ට් ජයග්‍රහණද වාර්තා කිරීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීය.


- 036

 


අදහස් (0)

හතුරුසිංහ 20 වැනිදා වැඩ බාර ගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.