Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner හයිද්‍රාබාද් පිලට ලකුණු 13 ක ජයක්

හයිද්‍රාබාද් පිලට ලකුණු 13 ක ජයක්

ශනුක අරවින්ද - 2018 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 25 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම අතර හයිද්‍රාබාද්හිදී අද (26 වැනිදා) පැවැති තරගය ලකුණු 13 කින් ජයගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 133 ක ඉලක්කයක් හඹාගිය කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට ඕවර 19.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 119 ක් පමණි.

ලෝකේෂ් රාහුල් සහ ක්‍රිස් ගේල් පළමු කඩුල්ල සදහා පන්දු 47 කදී ලකුණු 55 ක සම්බන්ධතාවයක් පැවැත්වමින් සාර්ථක ආරම්භයක් ලබාදුන්නද සන්රයිසස් හයිද්‍රාබාද් පන්දු යවන්නන් හමුවේ සෙසු පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට පරාජය හිමිවිය.

ලෝකේෂ් රාහුල් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 32 ක් රැස්කළ අතර ක්‍රිස් ගේල් පන්දු 22 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 23 ක් රැස් කළේය.

සුපුරුදු ලෙස පන්දුවෙන් දස්කම් දැක්වූ රෂීඞ් ඛාන් සිය ඕවර 4 ලකුණු 19 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර බැසිල් තම්පි, සංදීප් ශර්මා, සකීබ් අල් හසන් කඩුලු 2 බැගින් දවාගනිමින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ජයග්‍රහණය ලබා දිමට සමත්වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 132 කට සීමා කිරීමට අන්කිට් රාජ්පුත් ප්‍රමුඛ පන්ජාබ් පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රාජ්පුත්, සන්රයිසස් කණ්ඩායමේ බිඳ වැටුණ කඩුලු 6 න් 5 කටම හිමිකම් කීවේ සිය ඕවර 4 ලකුණු 14 කට සීමා කරමිනි.

සන්රයිසස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මනීෂ් පාණ්ඩේ පන්දු 51 කදී හයේ සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 54 ක් රැස්කළේය. සකීබ් අල් හසන් ලකුණු 28 ක්ද, යූසෆ් පතාන් ලකුණු 21 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
කාසියේ වාසිය දිනූ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමේ නායක රවිචන්ද්‍රන් අශ්වින් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.

සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 132 
(මනීෂ් පාණ්fඬ් 54, සකීබ් අල් හසන් 28, යූසෆ් පතාන් 21, අන්කිට් රාජ්පුත් 14/5)

කිංග්ස් XI පන්ජාබ් - ඕවර 19.2 කදී සියලුදෙනා දැවී ලකුණු 119 
(ලෝකේෂ් රාහුල් 32, ක්‍රිස් ගේල් 23, රෂීඞ් ඛාන් 19/3, බැසිල් තම්පි 14/2, සංදීප් ශර්මා 17/2, සකීබ් අල් හසන් 18/2)

-036


අදහස් (0)

හයිද්‍රාබාද් පිලට ලකුණු 13 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.