Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ට පිතිහරඹයක යෙදුණු අලෙක්ස් හේල්ස්ගේ මංගල විස්සයි:20 අන්තර්ජාතික ශතකය නිසා ශී‍්‍ර ලංකා පිලට එරෙහිව ලකුණු 190 ක ඉලක්කය සාර්ථකව හඹා ගිය එංගලන්ත පිතිකරුවෝ බංග්ලාදේශයේ චිතගොන් නුවරදී අද (27 වැනිදා) පැවැති විස්සයි:20 ලෝක කුසලාන තරගයේදී කඩුලූ 6 ක ජයක් අත්කරගත්හ.
ඕවර 10 ක් නිමා වන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 72 ක් ලබා සිටි එංගලන්ත පිල අවසන් ඕවර 10 න් පන්දු 4 ක් ඉතිරිව තිබියදීම ඉතිරි ලකුණු 118 ලබාගනිමින් මෙවර විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ඉතිරි කර තබාගත්තේය.
එංගලන්ත පිලේ පළමු කඩුලූ දෙකම ලකුණු ලබාගැනීමට පෙර දවාගැනීමට නුවන් කුලසේකර සමත් වූ නමුත් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 152 ක් එක්කළ ඇලෙක්ස් හේල්ස් (නොදැවී 116) සහ ඔයින් මෝගන් (57) එංගලන්ත පිල මෙම ලකුණු සංඛ්‍යාව කරා කැඳවාගෙන යාමට මග විවර කර දුන්හ. කුලසේකර කඩුලූ 4 ක් දවාගත් නමුත් එංගලන්ත පිල නතර කිරීමට එය ප‍්‍රමාණවත් නොවීය.
පන්දු 64 කට මුහුණ දුන් හේල්ස් දැවැන්ත හයේ පහර 6 කින් සහ හතරේ පහර 11 කින් සිය ඉනිම සැරසූ අතර අජන්ත මෙන්ඩිස්ගේ සිවුවැනි ඕවරයේදී ඔහුගෙන් ලකුණු 25 ක්ද උදුරා ගත්තේය. හේල්ස් තරගය අවසන් කළේ ඇන්ජලෝ මැතිව්ස් හමුවේ ගැසූ යෝධ හයේ පහරකිනි.
හේල්ස් ලකුණු 55 ක් ලබා සිටියදී ගැසූ ස්වීප් පහරකින් උඩපන්දුවක් රැුකගැනීමට ගත් උත්සාහයේදී මහේල ජයවර්ධනගේ අත තුවාල වූ අතර ඔහු පිටියෙන් ඉවතට ගියේය. හේල්ස්ට අනගි සහයක් දන් ඔයින් මෝගන් පන්දු 38 කින් 10 ක් හතරේ සීමාවෙන් එපිටට යැවූ අතර ඉන් දෙකක් මිඞ් විකට් කලාපයට ඉහළින් නරඹන්නන් අතරට පියාඹා ගියේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා පිල නියමිත ඕවර 20 ක් නිමා වන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 190 ක් ලබාගත්තේය.
වාසනාව අත වනමින් සිටියදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් දෙදෙනා පන්දු 92 කදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 145 ක් එක්කළහ. කුසල් ජනිත් ලකුණු 3 කට දැවී ගියද මහේල සහ ඩිල්ෂාන් දෙදෙනා එංගලන්ත පන්දු යවන්නන්ට සිත්සේ පහර දෙමින් කුසල් ජනිත්ගේ දැවී යාමෙන් සිදුවූ අවාසිය වාසියට පෙරළා ගත්හ.
පසුගිය තරග වලදී ලකුණු අතර නොසිටි මහේල අත්‍යාවශ්‍ය මොහොතේදී ලකුණු අතරට එමින් අසීරුවෙන් ලකුණු සොයමින් සිටි ඩිල්ෂාන්ටද විශ්වාසනීයත්වය එන්නත් කළේය. තමා විසින්ම නිර්මාණය කරන ලද ඩිල් ස්කූප් පහර යන්තමින් වෙනස් කරමින් ෆයින් ලෙග් කලාපයට ඉහළින් අගනා හයේ පහරක් ගැසූ ඩිල්ෂාන් එංගලන්ත පන්දු යවන්නන්ගේ නළලට රැළි නැංවීය. එතැන් සිට සිදුවූයේ ලකුණු දඩයමකි.
අලංකාර පිතිහරඹයක නිරත වූ මහේල සිය ශතකය පෙනි පෙනී සිටියදීත් කණ්ඩායම වෙනුවෙන් වේගයෙන් ලකුණු ලබාගැනීමට උත්සුක වීම නිසා ලකුණු 89 කට දැවී ගියේය. පන්දු 51 කට මුහුණ දුන් මහේල චිත්තාකර්ශනීය හතරේ පහර 11 කින් සහ හයේ පහර 3 කින් සිය ඉනිම සරසද්දී ඔහුගෙන් ලැබුණු ඉතාම පහසු උඩපන්දු දෙකක් එංගලන්ත පන්දු රකින්නෝ බිම දැමූහ.
දෙවැනි ඕවරයේ පළමු පන්දුවට පුල් පහරක් ගැසීමට ගිය කුසල් පෙරේරා කඩුලූ රකින්නා උඩ පන්දුවක් දීමෙන් දැවී ගියේය. අනතුරුව පිටියට පැමිණි මහේල මුහුණ දුන් පළමු පන්දුවම පිත්තේ වැදී බැක්වර්ඞ් පොයින්ට් හි සිටි මයිකල් ලම්බ් සොයා ඉගිළ ගියේය. පන්දුව රැකගත් මයිකල් ලම්බ් එය උඩපන්දුවක් යයි කියමින් පී‍්‍රතියෙන් ඉපිළ ඉහළට වීසි කළ නමුත් තුන්වැනි විනිසුරුවරයා වූ ස්ටීව් ඬේවිස් මහතා එය උඩපන්දුවක් නොවන බව ප‍්‍රකාශ කිරීමෙන් පසුව පිටියේ රැඳී සිටීමට මහේලට අඅවස්ථාව ලැබිණ.
තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 22 දී දන් උඩපන්දුවක්ද ටිම් බ්‍රෙස්නන් අතින් ගිළිහී ගියේ ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරුවා තවදුරටත් පිටියේ රඳවමිනි.
ශී‍්‍ර ලංකා පිලේ සිවුවැනි කඩුල්ල 19 වැනි ඕවරයේ පළමු පන්දුවේදී බිම වැටුණ නමුත් තිසර පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් එක්ව අවසන් පන්දු 11 න් ලකුණු 20 ක් උදුරාගත්හ. ඉනිමේ අවසන් පන්දුවට මැතිව්ස් ගැසූ හයේ පහර කලක් මතකයේ රැඳෙන්නකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.