Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට එරෙහිව තරග මුදලින් 15% ක දඩයක් සහ දඩුවම් ලකුණක් නියම කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (18 වැනිදා) පියවර ගත්තේය. නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හී ‘බේසින් රිසව්’ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (17 වැනිදා) ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ නීති සහ රෙගුලාසී වලට අනුව පළමු මට්ටමේ නීතියක් උල්ලංඝණය කිරීමේ වරදට ළහිරු කුමාර මෙසේ දඩුවමට ලක්විය.
ජාත්‍යන්තර තරගයකදී ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට පරුෂ වචනයෙන් බැණවැදීම ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ නීති සහ රෙගුලාසී වලට අනුව 2.3 නීතිය උල්ලංඝණය කිරීමක් වන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නා චෝදනාවට ලක්විය.
96 වැනි ඕවරයේදී ටොම් ලේතම්ගේ පිත්තේ දාරයේ වැදී හතරේ සීමාට පන්දුව යෑමේදී ළහිරු කුමාර පිතිකරුවාට පරුෂ වචනයෙන් බැණවැදී ඇත. එම බැණවැදීම ප්‍රධාන විනිසුරුවරුට ඇසී ඇති අතර එමෙන්ම කඩුලු අතර ඇති මයික්‍රෆෝනවලින්ද අසන්නට ලැබී තිබේ.
අයි.සී.සී එමිරේට්ස් එලයිට් ජාලයේ තරග තීරකවරයකුවන රිචී රිචඞ්සන් මහතා ඉදිරියේ ළහිරු කුමාර වරද පිළිගත්තේය. එමනිසා පරීක්‍ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නොවීය.
අයි.සී.සී එමිරේට්ස් එලයිට් ජාලයේ තරග විනිසුරුවරුන් වන ප්‍රධාන විනිසුරුවන්වූ රොඞ්නි ටකර්, මයිකල් ගෆ් සහ තෙවැනි විනිසුරු රිචඞ් ඉලංග්වර්ත් යන මහත්වරුන් මෙන්ම සිවුවැනි විනිරුවරයාවූ ටිම් බ්‍රවුන් මහතා එක්ව ළහිරු කුමාරට එරෙහිව මෙම චෝදනාව ඉදිරිපත් කළහ.
පළමු මට්ටමේ නීතියක් උල්ලංඝණය කිරීමේදී අවම දඬුවම ලෙස නිලවශයෙන් තදින් අවවාද කරනු ලබන අතර තරග මුදලින් 50% ක දඩයක් සහ දඩුවම් ලකුණක් හෝ දෙකක් නියම කිරීම උපරිම දඬුවම ලෙස දෙනු ලැබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.