Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද (20 වැනිදා) පැවැති සිවුවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෆකාර් සමාන් (නොදැවී 210) සමත් විය. බුලවායෝහිදී පැවැති එම තරගයෙන් පාකිස්තානයට ලකුණු 244 ක දැවැන්ත ජයක් අත්විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 399 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹකය නිරත වූ ෆකාර් සමාන් පන්දු 156 කදී වාර්තා වූ සිය ද්විත්ව ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 24 කින් සැරසීය.
එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී වාර්තා වූ 8 වැනි ද්විත්ව ශතකය ලෙස සමාන්ගේ ඉනිම වාර්තා අතරට එක් විය. ඔහුට පෙර ඉන්දියාවේ රෝහිත් ශර්මා (209, නොදැවී 264 සහ නොදැවී 208) තෙවරක්ද, සචින් ටෙන්ඩුල්කාර් (නොදැවී 200), විරේන්ද්‍ර ෂෙවාග් (නොදැවී 219), ක්‍රිස් ගේල් (215) සහ මාටින් ගප්ටිල් (නොදැවී 208) එක්වරක් බැගින්ද එක්දින තරගවලදී ද්විත්ව ශතක ලබා සිටියහ.
ඉමාම් උල්හක් (113) සමග එක්ව පාකිස්තාන ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 252 කදී ලකුණු 304 ක සම්බන්ධතාවක් ගොඩගනමින් මෙතෙක් එක්දින ජාත්‍යන්තර තරගයකදී පළමු කඩුල්ල වෙනුවෙන් ක්‍රීඩකයන් දෙදෙනෙක් ගොඩනගා තිබූ ඉහළම සම්බන්ධතාවේ වාර්තාව බිඳ දැමීමටද සමාන් සමත් විය. සනත් ජයසූරිය (152) සහ උපුල් තරංග (109) එක්ව 2006 වසරේ ලිඞ්ස් ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහිව පැවැති තරගයකදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 286 ක සම්බන්ධතාවක් ගොඩනගමින් එහි පැරණි වාර්තාව පිහිටුවා තිබිණ.
ඉමාම්ගේ දැවී යෑමෙන් අනතුරුව අසීෆ් අලී (නොදැවී 50) සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 48 කදී ලකුණු 95 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද සමාන් සමත් විය. පන්දු 122 කදී වාර්තා වූ ඉමාම්ගේ ශතකයට හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර පන්දු 22 කදී වාර්තා වූ අසීෆ්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 400 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායමට ශඩාබ් ඛාන් ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 42.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 155 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශඩාබ් ඛාන් ලකුණු 28 කට කඩුලු 4 ක් දවාගත් අතර සිම්බාබ්වේ ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට ඔහුට අනගි සහායක් දුන් ෆාහීම් අෂ්ර්ෆ් සහ උස්මාන් ඛාන් කඩුලු 2 බැගින් දවාගත්හ.
පාකිස්තානය - ඕවර 50 කදී කඩුල්ලක් දැවී 399
(ඉමාම් උල්හක් 113, ෆකාර් සමාන් නොදැවී 210, අසීෆ් අලී නොදැවී 50)
සිම්බාබ්වේ - ඕවර 42.4 කදී සියලු දෙනා දැවී 155
(හැමිල්ටන් මසකඞ්සා 22, පීටර් මූර් 20, එල්ටන් චිකම්බූරා 37, ඩොනල්ඞ් ටිරිපානෝ 44, ශඩාබ් ඛාන් 28/4, ෆාහීම් අෂ්ර්ෆ් 16/2, උස්මාන් ඛාන් 23/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.