Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ෆින්ච් - මාෂ් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

ෆින්ච් - මාෂ් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

ශනුක අරවින්ද - 2019 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඒරන් ෆින්ච්ගේ (116) සහ ෂොන් මාෂ්ගේ (නොදැවී 91) දක්ෂ පිතිහරඹය හමුවේ පාකිස්තානයට එරෙහිව සාජාහිදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (22 වැනිදා) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 281 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ කඩුලු 2 ක් පමණක් දැවී පන්දු 6 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී පන්දු 135 කින් සිය එක්දින ක්‍රිකට් දිවියේ 12 වැනි ශතකය ලබාගැනීමට ඒරන් ෆින්ච් සමත් වූයේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක්ද ඊට ඇතුළත් කරමිනි. 

උස්මාන් කවාජා (24) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 67 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ෆින්ච්, ඉන් නොනැවතී ෂෝන් මාෂ් (නොදැවී 91) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 188 කදී ලකුණු 172 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණයට මනා අඩිතාලමක් දැමුවේය.

ෆින්ච්ගේ දැවීයෑමෙන් අනතුරුව පීටර් හෑන්ඞ්ස්කෝම් (නොදැවී 30) සමග එක්වූ මාෂ්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 46 ක නොබිඳණ සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. එහිදී පන්දු 102 කට මුහුණදුන් මාෂ්, හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සිය අර්ධ ශතකය සැරසුවේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 280 ක් ලබාගත් අතර එහිදී නොදැවී ලකුණු 101 ක් රැස්කිරීමට හාරිස් සොහේල් සමත් විය. පන්දු 114 කදී වාර්තා වූ සොහේල්ගේ මංගල එක්දින ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.

උමාර් අක්මාල් (48) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 111 කදී ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සොහේල් සමත් විය. අර්ධ ශතකය පෙනි පෙනී දැවීයන විට පන්දු 50 කට මුහුණදී සිටි අක්මාල්ගේ ඉනිම හයේ පහර 3 කින් සමන්විත වී තිබිණ.

ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ෆාහීම් අෂ්රෆ් හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 28 ක්ද, ඉමාඞ් වසීම් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 28 ක්ද රැස්කරමින් පාකිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පාකිස්තානය - ඕවර 50 කදී කඩුලු 5 කට 280
(ඉමාම් උල්හක් 17, ෂාන් මක්සූද් 40, හාරිස් සොහේල් නොදැවී 101, උමාර් අක්මාල් 48, ෆාහීම් අෂ්රෆ් නොදැවී 28, ඉමාඞ් වසීම් නොදැවී 28, නේදන් කූල්ටර් නයිල් 61/2)

ඕස්ට්‍රේලියාව - ඕවර 49 කදී කඩුලු 2 කට 281
(උස්මාන් කවාජා 24, ඒරන් ෆින්ච් 116, ෂොන් මාෂ් නොදැවී 91, පීටර් හෑන්ඞ්ස්කෝම්බ් නොදැවී 30)

-036


අදහස් (0)

ෆින්ච් - මාෂ් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.