Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ‘ඒ’ ශ්‍රේණියේ ශූරතාව සී.සී.සී පිලට

‘ඒ’ ශ්‍රේණියේ ශූරතාව සී.සී.සී පිලට

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ‘ඒ’ ශ්‍රේණියේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සී.සී.සී පිල අද (10 වැනිදා) සමත්විය. එන්.සී.සී. පිලට එරෙහිව කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී කඩුලු 5 ක ජයක් හිමිකරගත් සී.සී.සී පිල ප්‍රසාද ලකුණු 88.32 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත්විය.

ද්‍රවිඩ සංගම් පිල සහ සැරසන්ස් පිල අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී පළමු ඉනිමේ ජයක් හිමිකරගත් සැරසන්ස් පිල අනුශූරතාවට හිමිකම් කීය. සිවුවැනි ස්ථානයේ පසුවූ ඔවුන් ප්‍රසාද ලකුණු 75.20 ක් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණිමට සමත්විය.

පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති එස්.එස්.සී සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර තරගයේදී එස්.එස්.සී පිල පළමු ඉනිම ජයගෙන සිටියද නොසිතූ අයුරින් හලාවත මේරියන්ස් පිල පූර්ණ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත්විය. ඒ අනුව අවසන් සතිය අරඹන විට ප්‍රසාද ලකුණු 56.46 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ පසුවූ හලාවත මේරියන්ස් පිල අද ලැබූ පූර්ණ ජයත් සමගින් ප්‍රසාද ලකුණු 74.52 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය. එස්.එස්.සී පිල ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා පහත වැටුණේය.

අවසන් සති අන්තයේ තරග පටන් ගැනීමට පෙර ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ පසුවූ කෝල්ට්ස් පිල අද ලැබූ පූර්ණ ජයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානය දක්වා ඉහළ පැමිණියේය. යුදහමුදා පිලට එරෙහිව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට කෝල්ට් පිල සමත්විය.

තීරණාත්මක අවසන් සතිය ආරම්භ වනවිට සී.සී.සී (69.87), එස්.එස්.සී (67.12), ද්‍රවිඩ සංගමය (65.65) සහ සැරසන්ස් (63.25) යන කණ්ඩායම් ප්‍රසාද ලකුණු සටහනේ පළමු, දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථාන වල පසුවූහ.

සැරසන්ස් පිලේ ප්‍රමුද් මදුවන්ත (212) ද්විත්ව ශතකයක් සහ නිපුන් කරුණානායක (149), ද්‍රවිඩ සංගම් පිලේ තරංග පරණවිතාන (175) සහ සචිත්‍ර සේරසිංහ (124), එන්.සී.සී පිලේ පැතුම් නිස්සංක (119), මහේල උඩවත්ත (162) සහ චතුරංග ද සිල්වා (114), සී.සී.සී පිලේ රොන් චන්ද්‍රගුප්ත (118) සහ මිනෝද් භානුක (104), හලාවත මේරියන්ස් පිලේ රිසිත් උපමාල් (නොදැවී 112) සහ නිමේෂ් විමුක්ති (120), කෝල්ට්ස් පිලේ ධනංජය ලක්ෂාන් (141), විශාද් රංදික (106) සහ ප්‍රියමාල් පෙරේරා (127), යුදහමුදා පිලේ අසේල ගුණරත්න (123) සහ දිල්ශාන් ද සොයිසා (139) ශතක ලබාගනිමින් අවසන්වූ සති අන්තයේ තරග වලදී පිත්තෙන් දස්කම් දැක්වූහ.

සී.සී.සී පිලේ වනිඳු හසරංග සහ එස්.එස්.සී පිලේ සචිත්‍ර සේනානායක කඩුලු 6 බැගින්ද එන්.සී.සී පිලේ චතුරංග ද සිල්වා සහ හලාවත මේරියන්ස් පිලේ සාගර් උදේෂී කඩුලු 5 බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


එන්.සී.සී සහ සී.සී.සී කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

සී.සී.සී පිලට කඩුලු 5 ක ජයක්

එන්.සී.සී පළමු ඉනිම - ඕවර 104.3 කදී සියලුදෙනා දැවී ලකුණු 411
(ළහිරු උදාර 35, පැතුම් නිස්සංක 119, මහේල උඩවත්ත 162, සචින්ත පිරීස් නොදැවී 27, චතුරංග ද සිල්වා 25, වනිඳු හසරංග 63/4, අශාන් ප්‍රියංජන් 52/2, ළහිරු මදුශංක 52/2)

සී.සී.සී පළමු ඉනිම - ඕවර 98.3 කදී සියලුදෙනා දැවී ලකුණු 427
(රොන් චන්ද්‍රගුප්ත 118, මාධව වර්ණපුර 20, මිනෝද් භානුක 104, අශාන් ප්‍රියංජන් 51, ලසිත් අබේරත්න 26, වනිඳු හසරංග 40, චතුරංග ද සිල්වා 104/5, අසිත ප්‍රනාන්දු 71/3)

එන්.සී.සී දෙවැනි ඉනිම - ඕවර 73.4 කදී සියලුදෙනා දැවී ලකුණු 305
(ළහිරු උදාර 50, පැතුම් නිස්සංක 70, චතුරංග ද සිල්වා 114, සාරංග රාජගුරු නොදැවී 59, වනිඳු හසරංග 80/6, මාලින්ද පුෂ්පකුමාර 78/3)

සී.සී.සී දෙවැනි ඉනිම - ඕවර 57.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 290
(මාධව වර්ණපුර 56, මිනෝද් භානුක 85, අෂාන් ප්‍රියංජන් නොදැවී 60, ලසිත් අබේරත්න 20, වනිඳු හසරංග නොදැවී 48, සාරංග රාජගුරු 58/4)


එස්.එස්.සී සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී

හලාවත මේරියන්ස් පිලට කඩුලු 3 ක ජයක්

එස්.එස්.සී පළමු ඉනිම - ඕවර 101 කදී සියලුදෙනා දැවී ලකුණු 374
(නිපුන් ධනංජය 46, දසුන් ශානක 34, සම්මු අශාන් 79, ආකාෂ් සේනාරත්න 56, සචිත්‍ර සේනානායක 89, හිමේෂ් රත්නායක 22, පුලින තරංග 58/3, සාගර් උදේෂී 138/4)

හලාවත මේරියන්ස් පළමු ඉනිම - ඕවර 73.3 කදී සියලුදෙනා දැවී ලකුණු 274
(තීක්‍ෂිල ද සිල්වා 72, රිසිත් උපමාල් 29, නිමේෂ් විමුක්ති 40, පුලින තරංග 51, ඉරෝෂ් ප්‍රනාන්දු නොදැවී 30, සචිත්‍ර සේනානායක 73/6)

එස්.එස්.සී දෙවැනි ඉනිම - ඕවර 69 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 265
(නිපුන් ධනංජය 61, කවිඳු කුලසේකර 71, දසුන් ශානක 68, තරිඳු රත්නායක නොදැවී 27, සාගර් උදේෂී 107/5, පුලින තරංග 42/3)

හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම - ඕවර 98 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 368
(යශෝධ ලංකා 26, දසුන් සෙනෙවිරත්න 23, රිසිත් උපමාල් නොදැවී 112, නිමේෂ් විමුක්ති 120, ඉරෝෂ් ප්‍රනාන්දු නොදැවී 25, හිමේෂ් රාමනායක 39/3, සචිත්‍ර සේනානායක 100/3)


යුදහමුදාව සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් පිලට කඩුලු 10 ක ජයක්

කෝල්ට්ස් පළමු ඉනිම - ඕවර 148.1 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 574
(අවිෂ්ක ප්‍රනාන්දු 75, ධනංජය ලක්ෂාන් 141, විශාද් රංදික 106, ප්‍රියමාල් පෙරේරා 127, ජෙහාන් ඩැනියල් 29, නිසල තාරක 55, අසේල ගුණරත්න 40/2, නුවන් ලියනපතිරණ 67/2, බුද්ධික මදුශංක 91/2, ධනුෂික බණ්ඩාර 124/2)

යුදහමුදා පළමු ඉනිම - ඕවර 48.5 කදී සියලුදෙනා දැවී ලකුණු 168
(හිමාෂ ලියනගේ 46, ධනුෂික බණ්ඩාර 26, බුද්ධික මදුශංක 24, නලින් ප්‍රියදර්ශන 32/4, නිසල තාරක 43/3, ජෙහාන් ඩැනියල් 33/2)

යුදහමුදා දෙවැනි ඉනිම - ඕවර 108 කදී සියලුදෙනා දැවී ලකුණු 446
(කවීෂ් කුමාර 23, දුශාන් විමුක්ති 40, හිමාෂ ලියනගේ 48, අසේල ගුණරත්න 123, දිල්ශාන් ද සොයිසා 139, සීකුගේ ප්‍රසන්න 44, නිසල තාරක 74/3, ප්‍රියමාල් පෙරේරා 14/2, ජෙහාන් ඩැනියල් 58/2, ප්‍රවීන් ජයවික්‍රම 104/2)

කෝල්ට්ස් පළමු ඉනිම - ඕවර 9 කදී කිසිවකු නොදැවී ලකුණු 41
(ප්‍රියමාල් පෙරේරා නොදැවී 29)

 

ද්‍රවිඩ සංගමය සහ සැරසන්ස් කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී

සැරසන්ස් පිලට පළමු ඉනිමේ ජයක්

ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - ඕවර 101.4 කදී සියලුදෙනා දැවී ලකුණු 330
(සිතාර ගිම්හාන 52, තරංග පරණවිතාන 50, සචිත්‍ර සේරසිංහ 34, කමිඳු මෙන්ඩිස් 41, මනෝජ් සරත්චන්ද්‍ර 68, රමිත රඹුක්වැල්ල 40, සාලිය සමන් 40/3, ගමිඳු අමරසිංහ 74/3)

සැරසන්ස් පළමු ඉනිම - ඕවර 166.4 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 574
(ඇන්ඩි සොලමන්ස් 77, ප්‍රමුද් මදුවන්ත 212, අශේන් බණ්ඩාර 94, නිපුන් කරුණානායක 149, රමිත රඹුක්වැල්ල 96/4, රංගන හේරත් 73/2)

ද්‍රවිඩ සංගම් දෙවැනි ඉනිම - ඕවර 83.2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 345
(සිතාර ගිම්හාන් 22, තරංග පරණවිතාන 175, සචිත්‍ර සේරසිංහ 124)

 


අදහස් (0)

‘ඒ’ ශ්‍රේණියේ ශූරතාව සී.සී.සී පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.