Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානයේදී ක්‍රිකට් තරග වලට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් සහ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම් යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන බව එහි ප්‍රධාන විධායන නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.
ලාහෝර්හිදී පසුගිය ඉරිදා පැවැති විස්සයි-20 තරගයට සහභාගි වීමෙන් පසුව එහි ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව සෑහීමට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, සිය මුලස්ථානයේදී අද පෙරවරුවේ පැවැති පුවත් පත් සාකච්ඡාවකදී මේ බව පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා පැවසූවේ ගඩාෆි ක්‍රීඩාංගණයේ සපයා තිබූ අති විශේෂ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සෑහීමකට පත්ව සිටින බවයි.
“ඔවුන් පොරොන්දු වුණ ආරක්‍ෂාව අපට දුන්නා. සෑම දෙයක් ගැනම අපි ඉතාමත් තෘප්තිමත්” යයි අද පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. වයස 19 න් පහළ කණ්ඩායම් සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් පාකිස්තානයට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන බවත් ජාතික කණ්ඩායමද හැකි ඉක්මනින් එහි යන බවත් ඈෂ්ලි ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ලාහෝරගේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි විස්සයි-20 තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල සහ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිත පිරිසක්ද එහි ගියහ. තරගයෙන් අනතුරුව පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයටද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මෙන්ම ක්‍රීඩා ඇමතිවරයාද එක්ව සිටියහ.
“අපේ ඉදිරි තරග සැලැස්මට පාකිස්තානයේ සංචාර ඇතුළත් වෙන්නේ නෑ. ඒත් හැකි ඉක්මනින් අපි එකක් යොදාගන්නවා....ඉතාමත් ඉක්මනින්ම ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම් සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් පාකිස්තානයට යවනවා” යයිද ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
මෙම පුවත් පත් සාකච්ඡාවේදී අදහස් දැක්වූ විස්සයි-20 නායක තිසර පෙරේරා පැවසුවේ මෙම තරගයට පැවැති ආරක්‍ෂාව සම්බන්ධයෙන් තෘප්තිමත් බවත් එවැනි ආරක්‍ෂාවක් ලැබේ නම් නැවතත් පාකිස්තානයේ තරග කළ හැකි බවත්ය.
“මා ලෝක කණ්ඩායම සමගත් ලාහෝර් නුවරට ගියා. ඒ වගේම ආරක්‍ෂාවක් තමයි අපටත් දිලා තිබුණෙ. මම වුණත් ලාහෝර් නුවරට ගොඩබැස්සාට පස්සේ තරමක් ව්‍යාකූල තත්ත්වයකට පත්වුණා ඇයි මෙච්චර ආරක්‍ෂාවක් තියෙන්නේ කියලා”
“මම ක්‍රිකට් ගහල තියෙන අවුරුදු 9 ටම ඒ වගේ ආරක්‍ෂාවක් දැක්කේ පළමු වෙනි වතාවට. ඒ ආරක්‍ෂාව ගැන අපි ගොඩාක් තෘප්තිමත්....මා හිතන්නේ එවැනි ආරක්‍ෂාවක් යටතේ අපට නැවතත් පාකිස්තානයට ගිහිල්ලා ක්‍රීඩා කරන්න පුළුවන්” යයි ඉරිදා පැවැති තරගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නායක තිසර පෙරේරා පැවසීය.
මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා කවුරුන්ද යන්න නිශ්චිත නිගමනයකට එළැඹෙන බවද ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
“පුහුණුකරුවෙක් තෝරා ගන්න දිගින් දිගටම සාකච්ඡා යනවා. මොකද හරි එක්කෙනෙක් තෝර ගන්න ඕනෙ. නික් පොතස් මහත්මයාටත් අපි ඒ ගැන කතා කරලා තියෙනවා”
“පුහුණුකරුවෙක් තෝරාගන්න එක කොහොමත් කල් යන වැඩක්. ඒ ගොල්ලන්ගේ සුදුසුකම් බලන්න ඕනෙ. නමකට විතරක් එක්කෙනෙක් තෝරගන්න අමාරුයි. හැම පැත්තෙන්ම බලලා හරියන කෙනෙක් තමා තෝරගන්න ඕනේ” යයිද ඈෂ්ලි ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.