Last Update  :  2025-04-22 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner 19 න් පහළ ක්‍රිකට් පිල ඇමති අනුමැතියට

19 න් පහළ ක්‍රිකට් පිල ඇමති අනුමැතියට

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජනවාරි මස 13 වැනිදා සිට පෙබරවාරි 3 වැනිදා දක්වා නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කරන ලද ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගැනීම සඳහා යොමුකර තිබේ.

ඉකුත්දා (5 වැනිදා) නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය ගාල්ල රිච්මන්ඞ් විදුහලේ කමිඳු මෙන්ඩිස්ට හිමිවී ඇති අතර කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ ජෙහාන් ඩැනියෙල් එහි උප නායකයා ලෙස කටයුතු කරයි.

ගාල්ල රිච්මන්ඞ්, මහනුවර ත්‍රිත්ව, මොරටුව ශාන්ත සෙබස්තියන් සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් යන විදුහල් වලින් ක්‍රීඩකයන් දෙදෙනා බැගින්ද, කොළඹ ශාන්ත ජෝශප්, කඳාන ද මැසිනොද්, ගල්කිස්ස සාන්ත තෝමස්, ගාල්ල මහින්ද, වෙන්නප්පුව ජෝශප් වාස්, මොරටු මහ විද්‍යාලය සහ කොළඹ ශාන්ත පීතර යන විදුහල් වලින් එක් ක්‍රීඩකයා බැගින්ද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

මෙවර වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා රටවල් 16 ක් සහභාගිවන අතර ඔවුන් ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඩී’ ලෙස කාණ්ඩ 4 ක් යටතේ තරග වදිනු ඇත. ‘ඩී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තයට එරෙහිව මූලික වටයේදී තරග වැදීමට නියමිතය.


ශ්‍රී ලංකා වයස 19 පහළ සංචිතය
කමිඳු මෙන්ඩිස් (නායක), ජෙහාන් ඩැනියෙල් (උප නායක), හසිත බෝයගොඩ, තිසරු රශ්මික, ක්‍රිෂාන් සංජුල, කළණ පෙරේරා, ධනංජය ලක්ෂාන්, ප්‍රවීන් ජයවික්‍රම, නුවනිඳු ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, හරීන් බුද්ධිල, නිපුන් මාලිංග, නිපුන් ධනංජය, නිෂාන් මධුෂංක සහ සන්තුෂ් ගුණතිලක


අතිරේක ක්‍රීඩකයෝ
විශ්ව චතුරංග, රවිඳු සංජන, රන්දීර් රණසිංහ, අයණ සිරිවර්ධන සහ තිලාන් ප්‍රෂාන්

 


අදහස් (0)

19 න් පහළ ක්‍රිකට් පිල ඇමති අනුමැතියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.