Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner 2015 ට පසු සංගාත් සමුගන්න සැරසෙයි

2015 ට පසු සංගාත් සමුගන්න සැරසෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසර (2015) මුලදී  ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියෙන් අනතුරුව තමන් එක්දින තරග බිමෙන් සමුගැනීමට අදහස් කරන බව ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි. මේ වන විට එංගලන්තයේ ඩර්හැම් ප‍්‍රාන්තය වෙනුවෙන් පළමු පෙළ කි‍්‍රකට් තරග සඳහා සහභාගි වෙමින් සිටින සංගක්කාර ප‍්‍රංශ පුවත් සේවයට මේ බව පැවසීය.

”එක්දින අන්තර්ජාතික තරග වලදී එය මගේ අවසන් පැවරුම වෙන්න පුළුවන්. ඒත් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේදී නම් සමහර විට මට තවත් තරගාවලියක් තියෙන්න පුළුවන්”

”කොහොම වුණත් එය රඳා පවතින්නේ මා තේරීම් කමිටු නිලධාරීන් සමග කරන සාකච්ඡුාව මතයි. මේ වසර අවසානය වන විට මට අවුරුදු 37 යි. ඒ නිසා සමුගැනීමේ තීරණය තමන් විසින්ම ගැනීමට සිදුවන, නැත්නම් සමුගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටීමේ වයස කරා මා පැමිණෙමින් සිටින බව මට වටහා ගන්නට පුළුවන්” යයි සංගක්කාර පැවසීය. කෙසේ වෙතත් කී‍්‍රඩා කිරීම මගින් තමන් තවමත් මහත් වින්දනයක් ලබන බවද සංගක්කාර පැවසීය.

”ශී‍්‍ර ලංකා කමිසය ඇගලාගෙන සිටීමෙන් මා තවමත් විශාල ආශ්වාදයක් ලබනවා”

”කී‍්‍රඩා කිරීමේදී මා තවමත් විශාල වින්දනයක් ලබනවා. කී‍්‍රඩකයන් වශයෙන් අප ඉතාමත් වාසනාවන්තයි. එය ඉතා ඉහළ වැටුපත් ගෙවනු ලබන රැුකියාවක් වගේම ලෝකය පුරා සංචාරය කරමින්, කී‍්‍රඩා කරමින් ජීවිකා වෘත්තිය කිරීමේ අවස්ථාව අපට තියෙනවා. ඒ ගැන මැසිවිලි කියන්න බෑ” යයිද සංගක්කාර පැවසීය.

මේ වන විට ටෙස්ට් තරග 122 කදී ලකුණු 11,152 ක් ලබාගනිමින් ලෝකයේ වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන්ගේ ලයිස්තුවේ 9 වැනි ස්ථානය හිමිකරගෙන සිටින සංගක්කාර එම ලකු-ණු සංඛ්‍යාව ති‍්‍රත්ව ශතකයකින් සහ ද්විත්ව ශතක 8 කින් අලංකාර කර ඇති අතර ටෙස්ට් ද්විත්ව ශතක ලබාගැනීමේදී සංගක්කාර දෙවැනි වන්නේ ‘අසහාය පිතිකරු’ ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ගේ ද්විත්ව ශතක 12 ට පමණි.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් මහතාගේ හදිසි ඉවත් වීම සම්බන්ධයෙන් අදහස් දක්වන සංගක්කාර පවසන්නේ ෆාබ්‍රේස් මහතාගේ ඉවත්වීම එංගලන්තයට වාසියක් විය හැකි බවයි.

ඩර්හැම් ප‍්‍රාන්තය වෙනුවෙන් කී‍්‍රඩා කිරිම සඳහා මේ වන විට කෙටි ගිවිසුමක් අත්සන් කර සිටින සංගක්කාර තවත් සති දෙකකින් පමණ ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක්වීමෙන් පසුව සිය පැරණි මිත‍්‍රයා වන පෝල් ෆාබ්‍රේස් ප‍්‍රතිවාදී එංගලන්ත පිලේ සිටිනු දැකගත හැකිය.

”පෝල් අපව හැරයාම විශාල පාඩුවක්. වසර කිහිපයකට පෙරත් ඔහුත් එක්ක එකට වැඩ කිරීමෙන් අප විශාල ආශ්වාදයක් ලැබුවා. ඒ වන විට ඔහු ටෙ‍්‍රවර් බේලිස්ගේ සහාය පුහුණුකරුවා. දෙවැනි වර ඔහු ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක්වුණ වෙලාවේ හැම කෙනෙක්ම ඒ ගැන ගොඩාක් සතුටු වුණා”

”ඔහු ඉතාමත් හොඳ කෙනෙක්. ඔහු කණ්ඩායමේ අය සමග බොහෝ හිතවත්”

”ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව පැවැත්වෙන්නේ කොහොමද කියන එක ඔහු හොඳින් තේරුම්ගත්තා. පසුගිය මාස තුන හමාරේදී ඔහුගේ එක්වීම  අපට ඉතාමත් වැදගත්” යයි පැවසූ සංගක්කාර...

”ඔහුගේ ඉවත්වීම නම් ඒ තරම් හරි නෑ. ඒත් පෝල් ඉන්න නිසා එංගලන්ත පිලට විශාල වාසියක් වේවි” යයිද පැවසීය.


අදහස් (0)

2015 ට පසු සංගාත් සමුගන්න සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.