Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner 2018 දී ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග 10 ක්

2018 දී ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග 10 ක්

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැනට තහවුරු කරන ලද තොරතුරු අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේදී (2018) ටෙස්ට් තරග 10 කට සහභාගී වීමට නියමිතය. ඉන් තරග 2 ක් බංග්ලාදේශයට එරෙහිවද, තරග 3 ක් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිවද, තරග 2 ක් දකුණු අප්‍රිකාවට එරෙහිව සහ තවත් තරග 3 ක් එංගලන්තයටද එරෙහිවද පැවැත්වේ.

වසර අරඹමින් ජනවාරි මාසයේදී බංග්ලාදේශයේ සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සමග තුන් කොන් එක්දින තරගාවලියකට සහභාගි වෙයි. අනතුරුව පෙබරවාරි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරග 2 කට සහ විස්සයි20 තරග 2 කටද ශ්‍රී ලංකා පිල සහභාගි වීමට නියමිතය.

පෙබරවාරි මාසයේදී නැවත දිවයිනට පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායම, මාර්තු මාසයේදී ඉන්දියාව සහ බංග්ලාදේශය සමගින් ‘නිදහස් කුසලාන’ තුන්කොන් තරගාවලියට සහභාගි වන අතර එම තරගාවලිය විස්සයි20 තරගාවලියකි.

‘නිදහස් කුසලාන’ තරගාවලිය නිමා වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජූනි මාසය දක්වා මාස 2 ක පමණ විවේකයක් හිමිවේ. එහෙත් එය අයි. පී. එල්. තරග සමයයි. අප්‍රේල් සහ මැයි මාස දෙක අන්තර්ජාතික තරග කැලැන්ඩරයෙන් ඉවත් කර ඇත්තේ අයි. පී. එල්. තරගාවලියට සහභාගි වීම සඳහා ක්‍රීඩකයන්ට අවසර දීම සඳහාය. වසර 2018 අයි. පී. එල්. තරගාවලිය අප්‍රේල් මස 5 වැනිදා සිට මැයි මස 21 වැනිදා දක්වා පැවැත්වේ.

ජූනි මාසයේදී ටෙස්ට් තරග 3 කින් සමන්විත තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි සංචාරයක නිරත වීමට නියමිතය. එම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ට්‍රිනිඩෑඩ්හිදීද, දෙවැන්න බාර්බඩෝස්හිදීද, තෙවැන්න ශාන්ත ලුසියාහිදීද පැවැත්වේ.  

කොදෙව් සංචාරය නිමාවනවාත් සමගම දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවෙ තරග සංචාරයක නිතරවන අතර එහිදී ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග 2 කට සහ එක්දින තරග 5 කට සහභාගි වීමට නියමිතය.

ලබන වසරේදී ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් තරගාවලිය පැවැත්වෙන්නේ එංගලන්තයට එරෙහිවය. ඔක්තෝබර් මාසයේදී දිවයිනට පැමිණෙන එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග පැවැත්වේ.

මේ වසර (2017) මැද භාගය වන විට ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ අතරේ 7 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීම නිසා එහි 6 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


ශ්‍රී ලංකා කණ්ඩායම 2018 දී සහභාගි වන තරගාවලි

ටෙස්ට් තරග
■    ජනවාරි සහ පෙබරවාරි මාසවලදී බංග්ලාදේශයට එරෙහිව තරග 2 යි.
■    ජූනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරග 3 යි.
■    ජූලි සහ අගෝස්තු මාසවලදී දකුණු අප්‍රිකාවට එරෙහිව තරග 2 යි.
■    ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී එංගලන්තයට එරෙහිව තරග 3 යි.


එක්දින තරග
■    ජනවාරි මාසයේදී බංග්ලාදේශයට සහ සිම්බාබ්වේට එරෙහිව තරග 5 යි.
■    නොවැම්බර් මාසයේදී එංගලන්තයට එරෙහිව තරග 5 යි.
■    ජූලි සහ අගෝස්තු මාසවලදී දකුණු අප්‍රිකාවට එරෙහිව තරග 5 යි.


විස්සයි20 තරග
■    ජනවාරි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව තරග 2 යි.
■    මාර්තු මාසයේදී ඉන්දියාවට සහ බංග්ලාදේශයට එරෙහිව (නිදහස් කුසලාන) තරග 5 යි.

 

බංග්ලාදේශ සංචාරයේ තරග කාල සටහන
ජන 17     - ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර (දිවා/රාත්‍රී) තරගය  ඩකාහිදී
ජන 19    - බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර (දිවා/රාත්‍රී) තරගය ඩකාහිදී
ජන 21    - ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර (දිවා/රාත්‍රී) තරගය  ඩකාහිදී
ජන 25    - බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර (දිවා/රාත්‍රී) තරගය ඩකාහිදී
ජන 27    - තුන් කොන් තරගාවලියේ අවසන් තරගය (දිවා/රාත්‍රී) තරගය  ඩකාහිදී
ජන 31 - පෙබ 4    බංග්ලාදේශය සමඟ 1 වැනි ටෙස්ට් තරගය චිතගොංහිදී
පෙබ 8 - පෙබ 12     බංග්ලාදේශය සමඟ 2 වැනි ටෙස්ට් තරගය ඩකාහිදී
පෙබ 15     - විස්සයි 20 පළමු තරගය ඩකාහිදී
පෙබ 18     - විස්සයි 20 දෙවන තරගය ෂිලාත්හිදී

 

- 036


අදහස් (0)

2018 දී ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග 10 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.