Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංගලාදේශ පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (13 වැනිදා) ශාන්ත ලූසියා දිවයිනේ, ග්‍රොස් අයිලට් ‘ ඕවල්’ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගය කොදෙව් ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ 500 වැනි ටෙස්ට් තරගයයි.
මේ වන විට කොදෙව් පිලේ සිටින ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයා වන ශිව්නරේන් චන්ද්‍රපෝල්, තම කණ්ඩායමේ 500 වැනි ටෙස්ට් තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ”යොවුන් කී‍්‍රඩකයකු වශයෙන් කණ්ඩායමට ඇතුළත් වූ අවදියේ මා සිටියේ විශිෂ්ඨතමයන් අතරේ. කොදෙව් පිල නියෝජනය කිරීම කියන්නේ මොන තරම් අභිමානයක්ද කියන එක ඒ වෙලාවේ මට තේරුණා. අපිට කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් සාඩම්බර උරුමයක් සහ විශිෂ්ට ඉතිහාසයක් තියෙනවා. ඒ නිසා මෙම තරගයට කී‍්‍රඩා කිරීමට හැකියාව ලැබීමට ගැන මා බෙහෙවින්ම සතුටු වෙනවා” යැයි පැවසීය.
බංගලාදේශ පිලේ වේගපන්දු යවන කී‍්‍රඩක අල් අමීන් හුසේන්, ඔහුගේ පන්දුයැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා ලැබ සිටීමත්, සමේ ආසාදනයක් නිසා ඉම්රුල් කේයිස් කණ්ඩායමෙන් ඉවත් වීමත් නිසාත් මෙම තරගය ජය ගැනීමට කොදෙව් පිලට වැඩි ඉඩකඩක් ඇති බව විචාරකයෝ පවසති.
කෙසේ නමුත් කොදෙව් පිලේ නිත්‍ය ආරම්භක පිතිකරු කි‍්‍රස් ගේල් පෞද්ගලික හේතුවක් මත දෙවැනි ටෙස්ට් තරගය සඳහා සහභාගී නොවන අතර ඔහුගේ ස්ථානයට තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති ලියොන් ජොන්සන් කැඳවා තිබේ.
පළමු ටෙස්ට් තරගයේදී තම මංගල ද්විත්ව ශතකය ලබාගත් ක්‍රෙග් බ‍්‍රැත්වයිිට්, මේ වන විට කොදෙව් පිලේ ප‍්‍රබලම තුරුම්පුව ලෙස හැදින්විය හැකිය. ඒ අනුව පළමු තරගයේ මෙන් දෙවැනි තරගයේදීද ඔහු කොදෙව් පිලේ නැංගුරම බවට පත් වූවෝතින් ඔහු වටා එක්ව ඉනිම ගොඩ නැගීමට කර්ක් එඞ්වඞ්ස්, ඩැරන් බ‍්‍රාවෝ සහ ශිව්නරේන් චන්ද්‍රපෝල් පෙළ ගැසී සිටිනු ඇත.
කොදෙව් පන්දු යවන්නන් අතර වමතින් දඟපන්දු යවන කී‍්‍රඩක සුලෙයිමන් බෙන් සහ වේග පන්දුයවන කී‍්‍රඩක කේමර් රෝච් ඉදිරියෙන්ම සිටිති. පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී කඩුලූ 5 ක් දවාගැනීමට සුලෙයිමන් බෙන් සමත් වූ අතර දෙවැනි ඉනිමේදී කඩුලූ 4 ක් දවාගැනීමට කේමර් රෝච් සමත්විය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.