Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner 96 වීරයා තවම වැඩ

96 වීරයා තවම වැඩ

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘මගේ තාත්තා මගේ වීරයා’ යන තේමාව යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් ඔවුන්ගේ පාසල් නියෝජනය කරමින් පැවැත්වෙන ‘මයි ඩැඞ් මයි සුපර්ස්ටාර්’ ක්‍රිකට් තරගාවලියේ තරග 6 ක් දෙවැනි දිනටත් කෝල්ට්ස් සහ බි.ආර්.සී ක්‍රීඩාංගණවලදී අද (24 වැනිදා) පැවැත්වුණි.

මෙම තරගාවලියේ සියලුම තරග ඕවර 15 තරග වෙයි.

ආදි සාන්ත තෝමස් පිලට එරෙහිව කෝල්ට්ස් පිටියේදී පැවැති තරගයේදී ආදි ආනන්ද පිල නියෝජනය කළ අර්ජුන රණතුංග පන්දු 36 කින් නොදැවී ලකුණු 35 ක් ලබාගත්තේ හතරේ පහර 4 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි. තරගාවලියේ නීති රීති අනුව කිසියම් පිතිකරුවකු ලකුණු 35 ක් ලබාගැනීමෙන් පසුව පිටියෙන් ඉවත්ව යා යුතුව තිබේ.

පසුව පන්දුව අතට ගත් 96 නායකයා නියමිත ඕවර 3 දී ලකුණු 32 කට කඩුල්ලක් දවාගත්තේය.

බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී අද පැවැති තරග වලදී ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට මාතර රාහුල කණ්ඩායමත්, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට ඒකාබද්ධ පාසල් කණ්ඩායමත් සමත් වූහ. මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලයට එරෙහිව ලකුණු 66 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය සමත්විය.

තවත් තරග 3 ක් කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අතර එහිදී කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව කඩුලු 3  ක ජයක් හිමිකර ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයත්, වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව ලකුණු 58 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත පීතර විද්‍යාලයත් සමත් විය. කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය සමත්විය.

‘මයි ඩෑඞ් මයි සුපර්ස්ටාර්’ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් තරග 6 ක් කෝල්ට්ස් සහ බි.ආර්.සී ක්‍රීඩාංගණවලදී ඊයේත් පැවැත්විණ.

කෝල්ට්ස් ක්‍රිඩාංගණයේදී ඊයේ පැවැති තරග වලදී කොළඹ රාජකීය, කොළඹ නාලන්දා සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල පරාජය කරමින් පිළිවෙලින් කොළඹ ඉසිපතන, මොරටුව වේල්ස් කුමර සහ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාල ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය.

බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තරග වලදී මාතර රාහුල, මහනුවර ත්‍රිත්ව සහ කොළඹ ඩි.එස්.සේනානායක විද්‍යාල පරාජය කරමින් පිළිවෙලින් මොරටුව ශාන්ත සෙබස්තියන්, කුරුණෑගල මලියදේව සහ මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාල ජයග්‍රහණ වාර්තා කළේය.

මූලික වටයේ අවසන් තරග 6 ක් මාර්තු 30 වැනිදාත් අර්ධ අවසන් පූර්ව තරග 31 වැනිදාත් කෝල්ට්ස් සහ බී.ආර්.සී ක්‍රීඩාංගණවලදී පැවැත්වේ. අවසන් පූර්ව තරග අප්‍රේල් 6 වැනිදා කෝල්ට්ස් සහ බී.ආර්.සී ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන අතර අවසන් මහා තරග මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අප්‍රේල් 7 වැනිදා පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇත.

 


අදහස් (0)

96 වීරයා තවම වැඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.