Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අකිල ධනංජයටත් පන්දුව දමාගැසීමේ චෝදනා

අකිල ධනංජයටත් පන්දුව දමාගැසීමේ චෝදනා

Nisanka Sandeepani - 2018 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පිලේ පිට දඟ පන්දු යවන්නා වන අකිල ධනංජයගේ පන්දු යැවීම සැක සහිත යයි විනිසුරුවරුන්ගෙන් වාර්තා ලැබී ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව තහවුරු කරයි. ඒ අනුව දින 14 ක් ඇතුළත සිය පන්දු යැවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයකට පෙනී සිටීමට අකිල ධනංජයට සිදුවෙයි. 

එම පරීක්‍ෂණයේ නිල ප්‍රතිඵල ලැබෙන තුරු අන්තර්ජාතික තරග වලදී පන්දු යැවීමේ අවස්ථාව අකිල ධනංජයට හිමිවේ. 

2012 විස්සයි-20 ලෝක කුසලාන තරගවලියේදී ශ්‍රී ලංකා හිස්වැස්ම දිනාගත් අකිල ධනංජය පන්දුව දමාගැසීමේ චෝදනාවට පළමු වරට ලක්වන්නේ සිය මංගල අන්තර්ජාතික තරගයෙන් වසර හයකට පසුවය. ඔහු මේ දක්වා විස්සයි-20 අන්තර්ජාතික තරග 16 කට, එක්දින අන්තර්ජාතික තරග 30 කට සහ ටෙස්ට් තරග 4 කට සහභාගි වී තිබේ. 

එංගලන්ත පිලට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැති පළමුවැනි ටෙස්ට් තරගයට සහභාගි වූ අකිල ධනංජය එහි ඉනිම දෙකේදී ලකුණු 183 කට කඩුලු දෙකක් දවාගත්තේය. එංගලන්ත පිලට එරෙහිව පැවැති එක්දින තරග 5 ටම සහභාගි වූ අකිල ධනංජය එහිදී ලකුණු 179 කට කඩුලු 9 ක් දවාගත්තේ ශ්‍රී ලංකා පිලේ සාර්ථකම පන්දු යවන්නා වෙමිනි. 

මේ දක්වා ටෙස්ට් තරග 4 කට සහභාගි වී සිටින අකිල ධනංජය එම තරග 4 දී දවාගත් කඩුලු සංඛ්‍යාව 19 කි. ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම ලෙසින් සටහන් වන්නේ බංග්ලාදේශයට එරෙහිව ඩකාහිදී පැවැති සිය මංගල ටෙස්ට් තරගයේදී ලකුණු 24 කට කඩුලු 5 ක් දවාගැනීමයි. එක්දින තරග 30 කට සහභාගි වී ඇති අකිල දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 46 කි. 

පිට දඟ පන්දු යවන්නකු ලෙසින් හඳුන්වන නමුත් කඩුලු දවාගැනීමේදී ‘පා දඟ පන්දුව’ මෙන්ම ‘ගුග්ලි’ පන්දුවද අකිල වැඩි වශයෙන් යොදාගනී. දකුණු අප්‍රිකානු ජාතික මාරියස් එරැස්මස් සහ නවසීලන්ත ජාතික ක්‍රිස් ග්‍රැෆනි යන මහත්වරු ගාල්ල ටෙස්ට් තරගයේදී විනිසුරුවරු ලෙසින් කටයුතු කළහ. 

 


අදහස් (0)

අකිල ධනංජයටත් පන්දුව දමාගැසීමේ චෝදනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.