Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අකිලට නවසීලන්ත සංචාරය අහිමි වෙයි

අකිලට නවසීලන්ත සංචාරය අහිමි වෙයි

Nisanka Sandeepani - 2018 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය තෝරා නොගැනීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව තීරණය කර තිබේ. එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය්දී ශ්‍රී ලංකාවේ දෙවැනි සාර්ථකම දඟ පන්දු යවන්නා වූ අකිල ධනංජය ගාල්ලේදී සහ මහනුවරදී පැවැති තරග දෙකේදී කඩුලු 10 ක් දවාගැනීමට සමත් විය. 
 
ගාල්ලේදී පැවැති තරගයේදී පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත යයි විනිසුරුවරුන්ගේ පැමිණිල්ලට ලක්වූ අකිල ධනංජය චෝදනාව තිබියදීත් දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වූයේය. එහෙත් සිය පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණයකට පෙනී සිටීමට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා යාම නිසා  අකිල ධනංජයට කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති තුන්වැනි ටෙස්ට් තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමි විය. 
 
ඉකිලියේ ආබාධයක් හේතුවෙන් එංගලන්තයට එරෙහිව පැවැති දෙවැනි සහ තෙවැනි ටෙස්ට් තරගවලට සහභාගි නොවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්, එම ආබාධයෙන් පූර්ණ සුවය ලබා මෙම තරගාවලියේදී නැවතත් කණ්ඩායම මෙහෙයවීමට සූදානමින් සිටියි. ⁣
 
එංගලන්තය සමග පැවති අවසන් ටෙස්ට් තරග දෙකේදී මෙන්ම දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ සුරංග ලක්මාල් සංචිතයේ සිටියදීම නවසීලන්ත තරගාවලියේදී චන්දිමාල්ගේ උප නායකයා ලෙස ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නම් කිරීමටද තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
 
මෙම සංචාරය සඳහා ක්‍රීඩකයන් 17 දෙනකු නම්කර ඇති අතර ළහිරු තිරිමාන්න, නුවන් ප්‍රදීප් සහ ළහිරු කුමාර නැවතත් ජාතික සංචිතයට කැඳවා තිබේ. 
 
වේග පන්දු යවන ළහිරු කුමාර එංගලන්තයට එරෙහිව පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ සිටියද ගාල්ලේදී විනය නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් සංචිතයෙන් ඉවත් කරන ලදි. 
 
නවසීලන්තයට එරෙහිව ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණඩායම දෙසැම්බර් මස 4 වැනිදා දිවයිනෙන් පිටත්ව යයි.
 
ශ්‍රී ලංකා සංචිතය 
 
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, ළහිරු තිරිමාන්න, සධීර සමරවික්‍රම, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ළහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර
 
පළමු ටෙස්ට් තරගය : දෙසැ 15-19 වෙලින්ටන්හිදී
දෙවැනි ටෙස්ට් තරගය : දෙසැ 26-30 ක්‍රයිස්ට්චර්ච්හිදී 

 


අදහස් (0)

අකිලට නවසීලන්ත සංචාරය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.